Monday, June 3, 2013

උරුමය HERITAGE


හැඳින්වීම

උරුමය යනු මිනිසා විසින් “ගොඩනගන ලද” සංකල්පයකි (constructed idea). උරුමය ලෙස අප සලකන්නේ සංස්කෘතිකමය වශයෙන් පොහොසත් වටිනාකම සහ සංකල්පමය වශයෙන් විශාල වැදගත්කමක් ලබා දෙන්නා වූ දේවල්ය. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එයද යන පැනය නැගිය යුතුය. අපගේ උරුමය ලෙස අප නම් කළ යුත්තේ එවන් බාහිර ඔපයෙන් අනූන, තම සිතැඟියාවන් අනුව විශේෂ හිමිකමක් දුන් තෝරාගත් යම් යම් අංශ පමණක්ද යන්න විමසීම වැදගත් වේ.
HERITAGE - මෙම සංකල්පය යම් යම් දේ ප්‍රතික්ෂේප කර, යම් දේ පමණක් තෝරාගැනීමකට ලක් කරයි. මෙම තෝරාගැනීම පුද්ගලානුබද්ධ වන අතරම, යම් ජන සමාජයක, සංස් කෘතියක, ජාතියක, රටක දුර්වල දුප්පත් සාධක බැහැර කිරීමත්, පොහොසත් වටිනාකමක් ආරෝපණය කළ හැකි සාධක පමණක් උරුමය ලෙස නම් කිරීමත් මෙහිදී සිදු වේ.

නමුත් සමස්ථ උරුමය විය යුත්තේ මෙය නොවුනද අතීතයේ සිට උරුමය ලෙස රැකගන්නේ මෙම පොහොසත් සාධක පමණි.

‘උරුමය’ අප විසින් හඳුනාගනු ලබන දෙයක් වන හෙයින් මෙය “නිර්මාණය කරනු ලැබනිනිර්මාණය කරන ලද” සංකල්පයක් ලෙස හඳුන්වයි.

උරුමය යන්න ඉතිහයන්න ඉතිහාසය, අතීතය, පැරණි ආදියට සම්බන්ධ නොවුනද ඒ හා සමානව යන්නක් ලෙස පෙන්වාදිය හැකිය. උරුමය රඳාපවතින්නේ හඳුනාගැනීම හා පිළිගැනීම මතයි. යම් දෙයක්, ස්ථානයක්, සිදුවීමක්, සිරිතක්, සම්ප්‍රදායක් ආදී වූ කවර හෝ දෙයක් උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේදී පළමුව සිදු වන්නේ එය හඳුනා ගැනීමයි. දෙවනුව සිදු වන්නේ හඳුන්වා දෙනු ලැබූ එකී උරුමය පොදු පිළීගැනීමට ලක් වීමයි. ඒ අනුව මෙය පුද්ගලයා විසින් නිර්මාණය කරනු ලද්දක් බව පෙනී යයි.


උදා:- මහාවංශය, විජයගෙන් ලංකාවේ සමාජ ආරම්භය ඇතිවූ බව පවසයි. නමුත් සත්‍ය වන්නේ එය නොවේ. ඊට ප්‍රථම පුළුල් සංස්කෘතියක් මෙහි පැවතින. නමුත් මහාවංශය එක්තරා තෝරාගැනීමක් කර ඇත. සංස්කෘතික වශයෙන් පොහොසත් සාධකයක් එහිදී උරුමය ලෙස නම් කෙරෙනු ලැබ තිබේ.

ඇතැම් රටවල උරුමය ලෙස නම් කෙරෙනුයේ පිය පාර්ශවයෙන් දායාද වන්නා වූ දේ පමණි. (patrimony). මවු පාර්ෂවයේ සාධක උරුමය ලෙස නොසලකයි (matrimony).

උරුමයේ විවිධ ඛාණ්ඩ හඳුනාගත හැකිය

1. උරුමය යන්න සංස්කෘතික සහ ස්වභාවික දෙස ද්වීවිධ වේ.
Cultural – made by man (human intervention) (bone tools, stone tools, cultural landscape)
Natural – created by nature (habitation sites, cave arias)

2. ස්පර්ෂනීය සහ අස්පර්ෂණීය ලෙස උරුමය දෙයාකාර වේ.
ග්‍රහණය කළ හැකි මෙන්ම නොහැකි  දේ රැසක් උරුමය යටතට අන්තර්ගත වේ. මැටි මෙවලමක් ග්‍රහණය කළ හැකි වුවද එහි නිශ්පාදන තාක්ෂණය ස්පර්ෂයට ගත නොහැක. අභිචාර හා විශ්වාසයන් අයත් වන්නේද අස්පර්ෂිත උරුම ගණයටයි. යම් ශිල්ප ක්‍රමයක් හා බැඳුණු මෙවන් උරුමයන් එහි නිරතවන්නන් හා ආවේණික වුවද ඔවුන්ගෙන් පරිබාහිරට ව්‍යාප්ත වීම අවමය. එනිසා කල් පැවැත්ම ගත් කල්හි අස්පර්ෂනීය උරුමය රැක ගැනීම විශාල වැදගත්කමක් සහිත කාර්යයකි. (භෞතික සහ ද්‍රවශ්‍යාත්මක නොවන සියල්ල අස්පර්ෂණීය ලෙස නම් කළ හැකිය)

3. ප්‍රරාවිද්‍යාව රඳා පවතින්නේ ද්‍රව්‍යාත්මක සාධක මතයි. අභෞතික දේ පිළීබඳව මෙහිදී කතා කෙරෙනුයේ ද්‍රව්‍යාත්මක දේ ඔස්සේය. (පුරාවස්තු උපයෝගීකරගෙන අතීත සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කිරීම)

4. ගතික හා ස්තිථික (චල අචල) වස්තූත් සුවිශේෂී වන්නේ යටගියාව ප්‍රතිනිර්මාණය කිරීමේදී සන්ධර්භය (context) සඳහා විශාල වැදගත්කමක් දෙන බැවිනි. යම් ‍ක්ෂේත්‍රයක වැදගත්කම රඳා පවනින්නේ එහි සන්ධර්භය මතයි. සන්ධර්භයෙන් ඉවත් කළ, නිශ්චිත සාධක රහිත පුරාවස්තු වටිනාකම අතින් ශුන්‍ය වේ. යමක් ක්ෂේත්‍රයෙන් ඉවත් කර සංරක්ෂණය කිරීමේදී එහි සන්ධර්භයට හානි වේ නම් එය මුල් ස්ථානයෙහිම තබා සංරක්ෂණයට යොමුවේ. (in-situ conservation). කවරාකාර වාර්තාකරණ ක්‍රමවේදයක් අනුගමනය කළද පුරාවිද්‍යා ක්ෂේත්‍රයන්හි සන්ධර්භය කිසි‍විටෙකත් නැවතත් තිබූ පරිදි සැකසිය නොහැක (කැනිමක් යනු විනාෂයක් වන හෙයින් මෙය මෙසේ වේ.)

5. Categorization, done by Peatar Hall – “Heritage Cube” උරුම ඝනකය. මෙහි පැති තුනකි. 

1.      උරුමයේ අනන්‍යතා මට්ටම්
·      World heritage- රටකින් ඔබ්බට යන අනන්‍යතා සහිත උරුමයන්
·      National heritage - ජාතික මට්ටමේ උරුමයන්
·      Regional heritage - යම් ප්‍රදේශ වලට සීමා වූ උරුමයන්
·      Local heritage - ගමට සීමා වූ උරුමයන්
·      Family heritage - පවුලට සීමා වූ උරුමයන්
2.      උරුමයේ අයිතිකරු
·      Tourists - නැරඹීමට පැමිණෙන්න්ට අයත් උරුමයන් (ලෝක උරුම)
·      Visitors - නැරඹීමට පැමිණෙන්න්ට අයත් උරුමයන් (ලෝක උරුම)
·      Collective owners - සාමූහික (පොදු) උරුමයන්
·      Privet owners - පුද්ගලික උරුමයන්
3.      උරුමයේ ක්ෂේත්‍ර
·      Cultural landscapes - සැලසුම් කළ හා ඉබේ සැකසෙනු ගැබූ භූ දර්ෂන (සීගිරිය, විවිධ උධ්‍යාන, අනුරාධපුර වැනි ආගමික, සමාජයීය ‍ක්ෂේත්‍ර
·      Cultural Activities - දළදා පෙරහැර  ආදී සංස්කෘතිය හා බැඳි ක්‍රියාකාරකම්
·      Monuments - යමක්, දෙයක් සිහි වීමට තැනවූ ස්මාරක
·      Sites - පුරාවිද්‍යාත්මක, භූ විද්‍යාත්මක වැදගත්කම් සහිත ප්‍රදේශ
·      People - මිනිසුන් උරුමයක් වන අවස්ථා (වැදි ජනයා, ප්‍රවීණ ගත් කතුවරු)

මේ අනුව උරුමය හා බැඳි විවිධ අංශ ගණනාවක් පවතින බැව් උක්ත විස්තරයෙන් දළ වශයෙන් පෙන්වා දිය හැකිය.
Comments
4 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

4 comments:

  1. අද නං බර සාර පාඩමක් නේද සිත්තරියේ.

    ReplyDelete
    Replies
    1. මේ පලවෙනි කොටස. කොටස් වශයෙන් ඉතිරිවා එයි සතියකට වතාවක්. පුරාවිද්‍යාව කරන නංගිලා මල්ලිලා වෙනුවෙන්... ^_^ සහ දැන උගෙන ගන්න ආස අය වෙනුවෙන්

      Delete
  2. හොඳ ලිපියක්...තමන්ගේ පෞද්ගලික උරුම මෙහෙම බෙදා ගන්නවට බොහොම පින්......

    ReplyDelete

 
There was an error in this gadget