Thursday, June 13, 2013

පුරාවිද්‍යා න්‍යාය / සිද්ධාන්ත හැඳින්වීම


පුරාවිද්‍යාව යනු,

අතීත මානවයාගේ හැසිරීම් රටා සහ සංස්කෘතික වෙනස්වීම්, ද්‍රව්‍යාත්මක අවශේෂ තුලින් අධ්‍යයනය කිරීමයි.




මානව පරිනාමයේ මුල් යුගයේ සිට පසු කළ විවිධ අවධීන්හිදී විශෞෂතා හඳුනාගත හැකි වන්නේ ඔවුන්ගේ ද්‍රව්‍යෘත්මක සංස්කෘතික සාධක මගිනි. එනම් මානවයා විසින් ඒ ඒ යුගයන්හිදී භාවිත කළා වූද අදටද කැණීම්, ගවේශන ඔස්සේ අනාවරණය වන්නා වූද මානවයාගේ භාවිතයන් පිළීබඳ තොරතුරු දක්වන විවිධ ද්‍රව්‍යයි.


උදා :-
  • ·      ශිලා මෙවලම්
  • ·      සත්ත්ව, මත්ස්‍ය අස්ථි ඇසුරින් නිශ්පාදිත මෙවලම්
  • ·      ආහාර ලෙස භාවිතයට ගත් ගොළු බෙල්ලන් වි‍ශේෂ, ධාන්‍ය වර්ග, ශාක කොටස්, සත්ත්ව අවශේෂ
  • ·     ගිනිමැල ගසන ලද ස්ථාන වල කැණීම් මගින් හමුවන අළු තැන්පත් වූ පාංශු ස්ථර
  • ·     එළිමහන් හා ගුහා ආශ්‍රිත වාසස්ථාන වල සාධක
  • ·     ශිලා මෙවලම් සකස්කළ ස්ථාන (factory side)
  • ·     කෘෂි කාර්මික ක්ෂේත්‍ර
  • ·     ජලාපවාහන පද්ධතීන්


උක්ත අර්ථකථනය අනුව, පුරාවිද්‍යෘවේදී මූලික අවධානය යොමු වන්නේ,
Human behavior - මානව හැසිරීම්
Cultural changes - සංස්කෘතික වෙනස්වීම්
Material remains - ද්‍රව්‍යාත්මක අවශේෂ
යන සාධක කෙරෙහිය. ‍සමාජ වෙනස්වීම් රඳා පවතින්නේ මෙකී සාධක ත්‍රිත්වය මතයි. එමතුද නොව මෙම තත්වය වර්තමානයටද ආදේශ කිරීමේ හැකියාව පවතී. මෙම ලක්ෂණ මගින් ඕනෑම සමාජයක් අර්ථකථනය කිරීමේ හැකියාව පවතී.


න්‍යාය යනු කල්පිතයකි. එය යම් අනුමාන සිතිවිල්ලකි. පුරාවිද්‍යාවේදීද අර්ථකථන පහසු කරගැනීම සඳහා විවිධ න්‍යායන් / සිද්ධාන්ත උපයුක්ත කරගනු ලැබේ. පුරාවිද්‍යාව මගින් අධ්‍යයනය කරනුයේ අප සිටිනවාට වඩා ඉතා ඈත යුගයක සිටි මානව සමාජ පිළීබඳව අප කිසිසේත් නොදන්නා කරුණුය. එහිදී අපට ඉදිරිපත් කළ හැකි උපකල්පන පිළිබඳව අප දැඩි වගකිමක් ගත යුතු අතර නොදන්නා සමාජයක, අපට වඩා වෙනස් හැසිරීම් රටා විග්‍රහ කිරීමට මෙහිදී විවිධ සිද්ධාන්ත භාවිතයට ගැනීම අනිවාර්යයෙන් සිදු වන්නකි. එකී උපකල්පන සත්‍යක් බව විග්‍රහ කිරීමට පෙර කී ද්‍රව්‍යාත්මක සංස්කෘතිය, මානව හැසිරීම් රටා සමග ස්ස්කෘතික වෙනස්වීම් සඳහා බලපැවැත්වූ ආකාරය විද්‍යාත්මක හා තාර්කික ක්‍රමවේද අනුව විග්‍රහයට ලක් කළ යුතුය. පුරාවිද්‍යා න්‍යාය භාවිතයට ගැනෙන්නේ මෙවන් කරුණූ සඳහාය.


දත්ත රැස් කිරීම, විශෟලේෂණය ආදී ක්‍රියාවලීන්හිදී “අර්ථ විග්‍රහය” සඳහා විශේෂ අවධානයක් යොමු වේ. අර්ථ විග්‍රහයේදී උපකල්පන භාවිතයට ගැනීම නිතැතින්ම සිදු වන්නකි. විශේෂත්වය වන්නේ, අප අර්ථ දැක්විම් සිදු කරන්නේ නොදන්නා සමාජයක නොදන්නා කරුණු පිළිබඳව වන හෙයින්, එහිදී කිසි විටෙක නිගමන ඉදිරිපත් කළ නොහැකි අතර එහිදී අප එළඹිය යුත්තේ උපකල්පන වලට පමණක් වීමයි.




පර්යේශනයන්හිදී ඉදිරිපත් කරනා දත්ත; පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම මත උපකල්පන මත පිහිටා පැරණී නිරවද්‍ය සාධක යම් තාක් දුරට හෝ ඉස්මතු කරගැනීමේ හැකියාව පවතී. මෙහිදී පරිකල්පන හැකියාව අත්‍යාවශ්‍ය වූවකි. පර්යේශකයෙකු හට උපකල්පන ලෙස විවිධ අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. නමුත් වැදගත් වන්නේ ඉදිරිපත් කරන්නාවූ එකී අදහස් ඔප්පු කිරීමේ හැකියාවයි. ඒවා නිරවද්‍ය බව තහවුරු කිරීමට සාධක අත්‍යාවශ්‍ය වේ.


සාම්ප්‍රදායික පුරාවිද්‍යාව හා නව පුරාවිද්‍යාව


සාම්ප්‍රදායික පුරාවිද්‍යාව


ක්‍රි. ව. 1960ට පෙර මෙම තත්වය හඳුනාගත හැකිය.
මේ යටතේ පුරාවස්තු වල භෞතික ස්වභාවය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම් කෙරෙහි වැඩි අවධානය යොමුව පැවතිණි.
බහුල ලෙස දත්ත රැස් කිරීම සිදු විය
පුරාවස්තු එකතු කරන්නන් හට පුරාවස්තු විකිණීම ප්‍රධාන අරමුණක් විය.
පුරාවස්තු ගොඩගැනීමේදී පස් ස්ථර කෙරෙහි මෙම වකවානුවේ වැඩි අවධානයක් යොමු නොවිණි.
කුතුහලය හා වාණිජ පරමාර්ථ සඳහා මුල් තැන ලැබිණි. (පුරාවස්තු එකතුකරන්නන්ගේ කුතුහලය සහ ඒවා ඔවුනට විකිණීමේදී ලැබිය හැකි ලාභය)
වැඩි අවධානය යොමු වූයේ පුරාවස්තු වල විස්තර වලට පමණි.


නව පුරාවිද්‍යාව


ක්‍රි. ව. 1960න් පසු බිහි විය.
(explanation) පැහැදිලිකිරීම් සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලැබිණි.
පර්යේෂණ මට්ටමින් සිදු විය. (කැණීම් ක්‍රමවේද, ඡායාරූපකරණය, වාර්තාකරණය, විස්තරකථනය, පුරාවස්තු වල භාවිතය)
අරමුණක් තිබිණි
Metric map භාවිතය ඇරඹුණි
විධිමත් ක්‍රමවේද අනුව සිදුවිය
ආකෘති ගොඩනගා විස්තරකිරීම් ඇතිවිය



මේ අනුව පැරණි භාවිතයේ පැවති සම්ප්‍රදායන්ගෙන් මිදී විද්‍යාත්මක පදනම කරා ක්‍රමයෙන් යොමු වෙමින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් සිදු වූ ආකාරය අවබෝධ කරගත හැකිය.


පුරාවිද්‍යාව හැදෑරීම සඳහා පුරාවිද්‍යා න්‍යාය භාවිතය විද්‍යාත්මකව සිදු වන්නකි. අතිතය පිළිබඳව පුරාවිද්‍යාවේදී සාකච්ඡා වන්නේ ද්‍රව්‍ය භාවිතයෙනි. කැණීම් ගවේශන ආදිය උපයුක්ත කොට ගෙන නිරීක්ෂණය කෙරෙන්නා වූ දත්ත භාවිතයෙන් කෙරෙන වලදී අර්ථ විග්‍රහය මෙහිදී මුඛ්‍ය වේ. සංස්කෘතිකමය වෙනස්වීම් අධ්‍යයනය සහ ඒවා විග්‍රහ කිරීම සඳහා උක්ත කරුණූ අනුව ද්‍රව්‍යාත්මක සාධක පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වේ.



න්‍යාය භාවිත කෙරෙනුයේ මනෝමය ආදේශනයක් වශයෙනි. එනම් අනුමාන කළ සංසිද්ධියකට ආදේශකයක් ලෙසයි. විශේෂයෙන්ම පුරාවස්තු පැහැදිලි කිරීමේදී ඒ හා බැඳි සන්ධර්භය අමතක කළ නොහැකිය. යම් පුරාවිද්‍යෘත්මක වටිනාකමක් සහිත ද්‍රව්‍යයකට අර්ථ විග්‍රහ සැපයීමේදී එය තැන්පත් වී තිබුණු පරිස‍රයේ / පස් ස්ථරයේ සන්ධර්භය, එනම් ඒ වටා පවතින සෙසු ද්‍රව්‍ය, පස් ස්ථරයේ ස්වරූපය ආදියද අවධානයට ගත යුතුය. සන්ධර්භයෙන් වෙන් කළ පුරාවස්තු වල අගය ඉතා අඩු වන අතර අර්ථ විග්‍රහයේදී ප්‍රධානත්වය ගන්නේ එම ද්‍රව්‍ය වටා ඇති පරිසරයයි.

උදා :-
ශිලා මෙවලම් සැකසූ ස්ථානයක් කැණීමකදී හමු වූ විට, ශිලා මෙවලම් පමක් නොව ඒ වටා වූ පරිසරයද බෙහෙවින් වැදගත් සාධක සපයයි. නිශ්පාදන ක්‍රියාවලිය සිදු වූ ස්ථානය, මෙවලම් සැකසීමේදී ඉවත පූ ශිලා පතුරු, ඒවා ඉවත් කළ ප්‍රදේශය, සැකසුම් තාක්ෂණය ආදිය විග්‍රහ කිරීමේදී විශේෂයෙන් වැදගත් වන්නේ සන්ධර්භයයි.



පුරාවිද්‍යාව හා බැඳි විවිධ න්‍යායන් පවතී. අධ්‍යයනයේදී මෙන්ම පැරණී සමාජ ප්‍රතිනිර්මාණකරණ ක්‍රියාවලියේදී ඒවා විවිධ ආකාරයෙන් උපයුක්ත කර ගනී. මෙම තත්වය ඉදිරි ලිපි වලදි තව දුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. අප්පේ තේරෙන්නේ නැ බං

    ReplyDelete
    Replies
    1. ටික ටික තේරෙයි දිගටම කියවද්දි :)

      Delete
  2. මං මේ නිකං අහන්නෙ. මේකෙ සිංහල ව(ර්)ෂන් එක නෑද. :o

    ReplyDelete
  3. ලිපියනම් වටිනවා , මම හිතන්නේ සිත්තරි ගේ භාෂාව ටිකක් බර වැඩි වගේ.. ඒත් මේ වගේ ලිපියකට මේ භාෂාව වඩාත් හොදින් ගැලපෙනවා කියලත් මට හිතෙනවා ..

    ReplyDelete
    Replies
    1. :) දිගටම කියවන්න. කියවද්දි හුරු වෙයි

      Delete
    2. නව පුරාවිද්‍යා පිළිබඳ ලිපියක් දාන්න

      Delete
  4. අනේ අක්කේ කෝ කාලෙකින් ලිපියක් නෑ නේ මේවා ගැන :/

    ReplyDelete

 
There was an error in this gadget