---බලාපොරොත්තු--- අපිව ජීවත් කරවනවා... බලාපොරොත්තු නැති ජීවිතේ මොන පලයක්ද කියල අපි අපෙන් අසාගන්න තරමටම බලාපොරොත්තු කියන දේවල් අපේ ජීවිතේට සමීපයි.......... ඔබ සිතුවාද මෙලෙස.................. කිසිම බලාපොරොත්තුවක් නොමැතිව, ශුන්‍යක්ව, ඔබට ජීවත් විය හැකිද කියා..........? මම සිය දහස් වර මගෙන්ම විමසා තිබෙනවා............. බලාපොරොත්තු නැතිව මට ජීවත් විය හැකිද කියලා.... එවිට හිත මුරගා කියනවා.... ‘බලාපොරොත්තුවක් නැතිනම් තෝ මැරියන්... බලාපොරොත්තු වලින් තොර ජීවිතේ මොකටද‘ මංද... ඒ මට හිතෙන දේ.....
එක්එක්කෙනාට එක් එක් විදිහේ බලාපොරොත්තු තියෙනව තම ජිවිත කාලය මුළුල්ලේ ඉටු කරගන්න...... මේ ලියවුණෙත් එවන් එක් දෙයක් ගැන.... කල්ප කාලයක් පෙරුම් පුරලත් නොලැබුණ සම්පතක්, අනන්ත උත්සාහයන් වලින් පස්සෙ එක දවසක අහම්බෙන් ලැබෙනවනම්..... ඊට වඩා තවත් සැපතක් තියේවිද....? බලාපොරොත්තු කියන දේ අන්න ඒ වගේ.... අපි හිතන් හිටියට විතරක් අපිට ලැබෙන් නැහැ..... සමහරවිට මුළු ජීවිතේම කොයි තරමක් බලන් හිටියත් ලැබෙන් නැහැ.....
රෑ අහස පීදිලා
තරු පොකුරු බර වෙලා
දුවේ නුඹෙ පිපුණු වතමල වගෙයි
ටිකිරි සඳ හෙට උදාවෙන හැඩයි
තරු පොකුරු බර වෙලා
දුවේ නුඹෙ පිපුණු වතමල වගෙයි
ටිකිරි සඳ හෙට උදාවෙන හැඩයි
කසුන් රැස්
පායලා
පැතුම් සිත්තම් වෙලා
මහ ගෙදර අඳුර දුරුවෙනු වගෙයි
මාසෙ පෝ කළුව මැකෙනට ළඟයි
පැතුම් සිත්තම් වෙලා
මහ ගෙදර අඳුර දුරුවෙනු වගෙයි
මාසෙ පෝ කළුව මැකෙනට ළඟයි
කිරි සුවඳ
ඉහිරිලා
කිරි කටක හඬ ගලා
සිනාමල් පිපෙන්නට අවසරයි
බිළිඳු සඳ වඩම්මන දින ළඟයි
කිරි කටක හඬ ගලා
සිනාමල් පිපෙන්නට අවසරයි
බිළිඳු සඳ වඩම්මන දින ළඟයි

13 Comments


ලස්සනයි..ලස්සන වචන..ලස්සන තේරුමක්..
ReplyDeleteලස්සනයි අක්කේ...
තෑන්ක්ස් මල්ලි
Deleteඔහ් .. ටියුබ් ලයිට් නැතුව එකපාරින් තේරුණා... හොද නිර්මාණයක් අක්කේ ;)
ReplyDeleteවෙලාවට.........
Deleteතෑන්ක්ස් මල්ලි :)
nice
ReplyDeleteඔයාට තියෙන්නේ අමුතුම අදහස් අක්කා!
ReplyDeleteහැමෝම එක වගේ වෙලා බැරි නිසා මම ටිකක් වෙනස් වෙන්න බලනවා :)
Deleteදැං ඕකට තනුව දාන්නේ මමද???
ReplyDeleteඅනේ දේශකයෝ පිං සිද්ද වෙච්චාවෙ... පුළුවන්නම් කරල දෙන්ටකෝ......
Deleteඔයා ගන්න බොංගෝ එකක් අරගෙන තට්ටු තුනක් දාල නවක්තල ආයේ දෙකක් දාන්න.. ඊට පස්සේ එකක් හෙමීට. ඔන්න තනුව.. හැක්...
Deleteඒ මුකක්ද බොල?
Deleteවතමල කිව්වේ අක්කේ ?
ReplyDeleteශරීරය නැමති පුෂ්පය
Delete