කසිකබල් වහළෙට
ඔරොත්තු නැහැ වැස්ස
හිල් වෙච්ච ටකරමේ
ඉරාගෙන ඉටිකොළ අණ්ඩ
සාස්පාන් පුරෝගෙන
දෝරෙ ගලනව වතුර
බිමත් බොඳ කරගෙන
හිතත් තෙත් කරගෙන
හිරිකඩත් කපාගෙන
මහ හුළඟ දබරෙක
පැල අහසෙ අද්දගෙන
සාරි තිර සෙල්ලමක
උණේ තද ගිණියමට
හීතලත් මුක්කු ගහගෙන
පැදුරු එලලත් ඉවරයි
බුදියන්න වෙන්නෙ හිටගෙන
කකුල් හිරි වැටුණත්
ඉතිං මක්කරන්නද
ගනින් පොඩි එකී කරට
බිම දපයි කිරා වැටිලම
කුණු ඇළ පිටාරෙද
බලාපන් මේ කළු වතුර
අර කුසුමලැයි පැලත්
ගිහිල්ලලු අද හවස
හිටීවිද පැයක්වත්
වහලෙත් වැස්ස අල්ලාන
අනේ ජේසුනි
සුවර්ගෙ අපිට තහනම්ද
අහන්නෙනම් නෑ එහෙම
තිබුණොතින් ඇති
ඇස් පියවෙන පැයට
නිවීහැනේ ඇලවෙන්න
ඔරොත්තු නැහැ වැස්ස
හිල් වෙච්ච ටකරමේ
ඉරාගෙන ඉටිකොළ අණ්ඩ
සාස්පාන් පුරෝගෙන
දෝරෙ ගලනව වතුර
බිමත් බොඳ කරගෙන
හිතත් තෙත් කරගෙන
හිරිකඩත් කපාගෙන
මහ හුළඟ දබරෙක
පැල අහසෙ අද්දගෙන
සාරි තිර සෙල්ලමක
උණේ තද ගිණියමට
හීතලත් මුක්කු ගහගෙන
පැදුරු එලලත් ඉවරයි
බුදියන්න වෙන්නෙ හිටගෙන
කකුල් හිරි වැටුණත්
ඉතිං මක්කරන්නද
ගනින් පොඩි එකී කරට
බිම දපයි කිරා වැටිලම
කුණු ඇළ පිටාරෙද
බලාපන් මේ කළු වතුර
අර කුසුමලැයි පැලත්
ගිහිල්ලලු අද හවස
හිටීවිද පැයක්වත්
වහලෙත් වැස්ස අල්ලාන
අනේ ජේසුනි
සුවර්ගෙ අපිට තහනම්ද
අහන්නෙනම් නෑ එහෙම
තිබුණොතින් ඇති
ඇස් පියවෙන පැයට
නිවීහැනේ ඇලවෙන්න
හදිසියේ හිතට ආපු සිතිවිල්ලක්... හිතුණ මගේ සිතිවිලි ගොන්නට එක් කරන්න ඕන කියලා. ඒ නිසා අමතක වෙන්න කලියෙන් දිනපොතේ කුරුටුගාපු කටුසටහන මේ විදිහට මගේ සිතිවිලි ගොන්නට එකතු කළා හැමදාම තියෙන්න
2 Comments


ලස්සනයි අක්කේ
ReplyDeleteබීපු කසිප්පු කාලෙට තව කාලක් විතර දාගත්තනම් මේ වැස්සෙම බස් සෝල්ට් එකක් හෝ පාලමයක් යට නිදාගන්නට තිබුනා...
ReplyDelete