Thursday, March 13, 2014

බන්ධනාගාරයේ පැයක් හා දිය වැටකොළු


දාලා තියන මාතෘකාව දැක්කම හිතෙනව ඇති මේ මොකද්ද කියන්න යන්නේ කියලා. මම අද කියන්නේ දවස් දෙකකදි කියන්න තියන කතා දෙකක් ගැන. කතා දෙක එකතු කරන්න හේතුව, මුලින් කියපු ඔය බන්ධනාගාරෙ කේස් එකට දාන්න කිසි 4ටෝ එකක් මා ගාව නැති එක. මොකද මට තියෙන්නේ දිය වැටකොළු වල 4ටෝස් විතරයි. හේතුව බන්ධනාගාරෙ ඇතුළට ජංගම දුරකථන ගෙන යාම තහනම් වීම.

හරි, මම බන්ධනාගාරෙන් කතාව පටන්ගන්නම්. මේක වුණේ අද. ඒ කියන්නේ මං දිය වැටකොළු ගැන දැනගත්තට පස්සේ. දියවැටකොළු දැක්කේ අඟහරුවාදා. ඉතිං දෙවෙනි කාරණේ මං මුලින්ම කියන්න හිතුවා. අපේ ආයතනයෙන් සම්ප්‍රදායික කලා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ලංකාව වටේ ප්‍රවීණ ශිල්පීන්ගෙ මූලිකත්වයෙන් ගුරු ශිල්පි පංති කියල පංති විශේෂයක් පවත්වනවා. ඉන් එකක් බදුල්ල බන්ධනාගාරයේත් තියනවා. ඒක පොල් කටු ආශ්‍රිත නිර්මාණ බන්ධනාගාර රැඳවියන්ට පුහුණු කරන සය මාසික පාඨමාලාවක්. ඒක දැනට පවත්වගෙන යන්නේ නෙල්කා දිලානි කියලා පොල් කටු නිර්මාණ වලට දක්ෂ ගුරු ශිල්පිණියක්. අපි ආයතනමය මට්ටමින් යනවා ඒ පංති අධීක්ෂණය කරන්න. ඉතිං අද ඔන්න පලවෙනි වතාවට මම බන්ධනාගාරෙ ඇතුළට ගියා. පළවෙනි වතාව වෙන්න හේතුව, ඔය කියන ගුරු ශිල්පී පන්තිය 2014 වර්ෂයට පටන් ගත්තේ ගිය 06 වෙනිදා වීම. ඒ දවසේ ඉඳන් සතියකට පාරක් මා යා යුතුයි පංතිය බලන්න. අද මාත් එක්ක අපේ සහකාර අධ්‍යක්ෂ තුමාත් ආවා. එයා ආවේ මගේ වෙලාවට. පළවෙනි වතාවට බන්ධනාගාරෙට යනව කියන්නේ ඒක මට අමුතු අත්දැකිමක් ඇත්තටම.


මම කොහොමත් තරමට වඩා සංවේදී වැඩියි. මට පොඩ්ඩ ඇත්තන් ඇඬෙනවා. ඉතිං අද ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම මම හිතාගත්ත කොහොම හරි ඇතුලෙදි දුක නොහිතා ඉන්නවයි කියලා. බක්ධනාගාරෙ තිබුණෙ ලොකු යකඩ ගේට්ටු. දෙවෙනි ගේට්ටුවේදි අපේ ජංගම දුරකථන තියල යන්න වුණා. අපිව ඇතුල් කරගත්තට පස්සෙ ලොකු ඉබ්බෙක් ඒ ගේට්ටුවේ හිර වුණා. ඒ විදිහට අපි ආවා බන්ධනාගාරේ ඇතුළෙ එළිමහන් බිමට. ඇතුල් වෙන තැනම ලොකු බුදු පිළිමයක්.......

පොල් කටු නිර්මාණ ගැන ඉගෙනගන්න රැඳවියක් දහතුනක් විතර ලෑස්ති වෙලා හිටියා. අපි යද්දිත් ඒ අය වැඩ පටන් අරන්. මැශින් එකේ සද්දෙ කපාගෙන බන්ධනාගාරෙ ඇතුළෙ ස්පීකර්ස් දාලා තිබුණා. ලස්සන සිංදු.... දුක හිතෙන කාරණේ තමයි ඒ ළමයි හරි තරුණ වයසේ අය වීම. ගුරු ශිල්පිණිය කිවා ඒ අතර ජීවිතාත්තය දක්වා සිර කළ අයත් ඉන්න බව. මගේ පපුවෙ මොකද්ද ගුලියක් හිරවුණා වගේ ඒක ඇහුවම. මට හරි දුකයි. ඒ අය වෙනුවෙන් ඇඬෙන්න ආවත් මම හිත තද කර ගත්තා. පුංචි පුංචි නිර්මාණ ඒ අය කරලා නෙල්කට පෙන්වනවා පුංචි ප්‍රශංසාවක් ලබා ගන්න. එහා පැත්තේ ලොකු කුස්සියක රැඳවියන් අතින්ම කෑම සූදානම් වෙනවා මං දැක්කා. එක පිරිමි ළමයෙක් දිගටම පිටි හරි මොනා හරි වංගෙඩියක කොට කොට හිටියා.

බදුල්ල බන්ධනාගාරයේ පුනරුත්ථාපන නිළධාරි තුමා ඇතුළු කාර්ය මණ්ඩලය මේ රැඳවියන්ට සමාජටෙ ගියාම කරන්න හොඳ දේවල් අගන්වන එක වෙනුවෙන් සෑහෙන වෙහෙසක් ගන්න බව තේරුණා. එතුමා අපි එක්ක දිගටම කතා කළේ රැඳවියන්ව ප්‍රායෝගික හොඳ භාවිතයක් තියන කර්මාන්ත වල නිරත කරවීමේ වැදගත්කම සහ අපේ ආයතනයෙන් ඒ වෙනුවෙන් ලබා ගත හැකි සේවාව. ඇත්තෙන්ම සමාජෙන් පිටමං කරපු මේ මිනිස්සු ආයෙමත් පහත් කිරීමකින් තොරව සමාජයට එක්කාසු කරගන්න පුළුවන්නම්, මිනිස්සුන්ගෙ ආකල්පත් ඒ වෙනුවෙන් සුභවාදීව ගොඩනැගීමේ ලොකු වැදගත්කමක් සහ අවශ්‍යතාවක් තියෙනවා.

(සිරකරුවෝද මනුෂ්‍යයෝය.... කියන එක නමට පමණක් නෙවෙයි, අදනම් මම ඇස් දෙකෙන්ම දැකගෙනයි බන්ධනාගාරෙ ලොකු යකඩ ගේට්ටුවෙන් එළියට අඩිය තිබ්බේ.)

හරි, ඒ පළවෙනි කතාව. මේ දෙවෙනි කතාව.... දිය වැටකොළු



ඔයාලා මේව කාලා තියනවද? මමනම් මේ වේලිච්ච ගෙඩියක් හරි දැක්කෙත් අඟහරුවාදාමයි 2014.03.11. මං එදා ගියා බණ්ඩාරවෙල කෝමාරිකාගොඩ තියන අපේ හණ ආශ්‍රිත ගුරු ශිල්පි පංතිය බලන්න. දැනට බදුල්ලෙ අපේ ශිල්පිණියක් ඉන්නවා මේ දිය වැටකොළු වල කොස්ස වගේ තියන කොටස භාවිත කරලා අත්කම් නිර්මාණ කරන කෙනෙක්. එතුමියගෙ නම සුමනා දිසානායක. කොහොම වුණත් නව අත්කම් නිර්මාණ මාධ්‍යක් විදිහට මේ දිය වැටකොළු භාවිතයෙන් කරන නිර්මාණ ප්‍රාදේශීය විවිධත්වය නිසාම හොඳ වැදගත්කමක් ගන්නව කියන්න පුළුවනි.





හණ පන්තිය අධීක්ෂණය කරන්න ගිය වෙලේ ඒ පංතියේ ගුරු ශිල්පිණියගෙන් මේ දිය වැටකොළු ගැන විස්තරයක් දැනගන්න ලැබුණා. ඒව අපි කන වැටකොළු වලම උප විශේෂයක්. වෙනස තියෙන්නේ අපි ආහාරයට ගන්න ඒව වගේ මේ දිය වැටකොළු වල දාර නැහැ. ඒ වගේම මහතින් වැඩියි සහ දිගින් අඩුයි. මට බැරිවුණා අමු ගෙඩියක් හොයාගන්න. පන්තියේ ළමයෙක් මට වේලිච්ච ගෙඩියක් කොහෙන්දෝ ගෙනත් පෙන්නුවා. මේ දිය වැටකොළු කියන්නේ කැලේට හැදෙන විශේෂයක්. ඒවත් කිරි දාලා ඉව්වම හරිම රහයිලු. වේලෙන්න ඇරපු දිය වැටකොළු පොත්ත රළු වෙනවා. එතකොට ඒ පොත්ත කඩලා ඇතුළෙ තියන කොස්ස ගන්න පුළුවනි නිර්මාණ කරන්න.





ලපටි දිය වැටකොළු වේලලා දියේ දාලා සුද්ද කරලා ගත්තම ඒ කෙඳි සුදුම සුදු පාටින් ගන්න පුළුවන් බව මේ අය කීවා. එතකොට වේලුණ ඒවයෙ වගේ අමුතුවෙන් සුදු කර කර ඉන්න උවමනා නෑලු. කොහොම වුණත් වේලිච්ච මේ ගෙඩිය හොල්ලද්දි හොල්ලද්දි ඇතුළෙ තිබිලා ඇට සෑහෙන ගණනක් වැටුණා. පංතියේ හිටපු අය පැල කරන්න කියලා පොර කකා ඒ ඇට ගත්තට මම ඒ ගැන වැඩි උනන්දුවක් දැක්කුවේ නෑ. හේතුව ඕව පැල කරන්න අපේ ගෙදර කවුරුත් නෑනේ. ඒත් හොහොම හරි පැල දෙක තුනක් හදා ගත්තනම් වේලක් පිරිමහගන්න හරි පුළුවනි කියලා දැන් හිතෙනවා. ඊළඟ පාර මමත් ඇට ටිකක් ගේන්න ඕනි.
Comments
9 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

9 comments:

  1. වැටකොළු... අපේ ආච්චි මට උපන්දිනෙකට ... වැටකොළු කොස්සක්... තෑගී දුන්නා අතුල්ලලා නාපන් කියලා...

    කොහොමඩ් හැදුවේ ඇහුවම... වතුරේ දාල වෙලුවද මොකක්ද කතාවක් කිවුවා.... එක පට්ට...

    ඒ නැතත් කිරට ඉවුවම... සිරා ^_^ අඹරන්න පුළුවන්.. හිටගෙන :D

    ReplyDelete
    Replies
    1. ආ ඔවු... නාද්දි අතුල්ලන්න ගන්න පුළුවන් කියලත් කීව තමයි :) නයිලෝන් දැල් වලට වඩා හොඳා කිවා

      සැක් මම කාලා නෑනේ :/

      Delete
  2. අයියෝ අපේ ගෙදර ඒ දවස් වල ඕනි තරම් තිබුණා දැන් නම් නෑ... ඔය ඇට ටිකක් නිකන් විසික් කරලා දැම්මත් පට ගාලා පැල වේනවා හැබයි ඕවා නම් සුවර් නෑ සුදු පාට නිසා

    ReplyDelete
    Replies
    1. ඇයි සුදු පාට නිසා ශුව නැත්තේ........????

      Delete
  3. වාටකොලු කොස්සෙන් අතුල්ලලා නාල නං තියේ... මට නං වැටකලු අස්පට් අෆ්ෆා...
    ආපු දවසෙම වැටකොලු කන්නයි උනේ නේහ්...

    අවන්හල

    ReplyDelete
  4. වැටකොළු කියන්නේ සුපිරි කෑමක්...සුදු හාල් එක්ක හොද්දක් හැදුවම වෙන මොනවත් ඕන නෑ.. :D...ඔය වැටකොළු වලක එක ගෙඩියක් හොඳට මෝරන්න තියෙන්නරින්න..වේලෙනවා වැලේම..ඊට පස්සේ නාන්න ගන්න පුළුවන්.. :)

    පව් ඉතිං ඔය රැඳවියෝ කියන අය.ඒත් උන් වැරදි කරන්න කලින් ඕව ගැන හිතන්න එපාය..සිත්තරි අක්කට ඇතිවුන දුක තරම් දුකක් උන්ට නම් නැතිව ඇති සමහරවිට...
    දැන් ඔය සුපිරි හිරගෙවල් හදන්නේ කෝටි ගණන් වියදම් කරලා... ඕව ඔහොම තමා...සමාජයට ගියාම ඔය කට්ටිය ආපහු සුපුරුදු වැඩ වලට වැටෙනවා බොහෝවිට...හැබැයි අක්කලා ඔය කරන වැඩ වලින් එහෙම වෙන එක සුට්ටක් හරි අඩුවෙනවා...
    ලබන භවයේදී දිව්‍ය සම්පත් ලැබෙන පිනක්.... ^_^

    ReplyDelete
  5. මටත් වැටකොළු ඇට ටිකක් ලැබෙන්න සැලැස්සුව නං

    ReplyDelete
  6. මම හිතුවෙ බෝගම්බර සිපිරි ගෙදරට ගියා කියල. හැබැයි දුක නොහිත ඉන්න ජේලර් කෙනෙකුට ගලකින් ගැහුවනම් දවස් දෙකතුනක් ඕක ඇතුලෙ ඉන්න තිබුණා.

    දියවැටකොලු නම් මමත් දැකල නෑ ඒත් එලළුලු වලට ගන්න වැටකොලු හොඳට පැසී වේලුනාම ඔය වගේ ආස්මී එකක හැඩේ ගත්ත කෙඳි ඇතුලෙ තියෙනවා. ඔය වැටකොලු කොස්ස නාන වෙලාවට පිට අතුල්ලගන්න මරු.

    ReplyDelete
  7. දිය වැටකොළු මමත් දැකලා තියෙනවා..ඒවා භාවිතයෙන් කරපු නිර්මාණ තමයි දැකලා නැත්තෙ...නිර්මාණයක් දෙකක් මෙතනටම එකතු කලා නම් මල් හතයි සුදෝ....

    ReplyDelete

 
There was an error in this gadget