Friday, September 14, 2012

මගේ චූටි මැණික


හැමදාම මහ බරපතල කතා කියන නිසා අද අළුත් විදිහට හිතට දැණුනු දෙයක් කියන්න කියල හිතුණා. ඒ මගේ පුංචි මල්ලියා ගැන. මට අද වගේ මතකයි පුංචි රෝසපාට ගුලියක් වගේ ෆැනල් වලින් ඔතාගෙන එයාව අපේ ගෙදරට මුලින්ම වඩම්මවපු දවස. එදා හරිම තදින් වැස්ස. අම්ම බබාව හම්බවෙන්න ඉද්දි ඉස්පිරිතාලෙට යද්දිත් හයියෙන් වහිනවා. පුංචි පුළුං බෝලෙ ගෙදරට ගෙනෙද්දිත් තදේට වහිනවා. ගෙදර ආව ගමන් අපි එයාට නමක් දැම්මා... “වැහි කුමාරයා“.

බබාව ගෙදර ගෙනල්ලා ඇද උඩින් තියලා අම්ම ගියා. මම එයා ගාවින් හෙළවුනේවත් නැ. ලගට වෙලා අල්ල අල්ල හිටියා. හරිම ලස්සනයි. චූට්ටං. රෝස පාටට හුරුයි මගේ චූටි මල්ලි පැටියා. ඒත් එක පාරටම එයා අඩන්න ගත්තා. මම දන්නෙ නැ මක් වුනාද කියලා. මම කලබල වුනා. බලද්දි එයාගෙ එක ඇහැක් උඩ කද රතු පාට වෙලා. මම හොදටම බය වෙලා කැ ගැහුවා. අම්මලත් බයේ දුවගෙන ආවා.
බලද්දි එයා එයාගෙ චූට්ටන් අත එහෙ මෙහෙ කරද්දි එයා අතින් එයාගෙ ඇහිබැම අඩ අතට හැරවිලා. පුංචි මොලකැටි හම උපන් හැටියෙම නිසා හරිම මෙලෙකයි. අම්ම හිමින් සැරේ එයාගෙ ඇස් පිහාටුව හැදුවා.

මල්ලියාට නම දැම්මෙ මම. “තිමිර“ තිමිර කියන්නෙ අදුර වුනාට මම ආසයි ඒ නමට. අළුත් බබා ගාවින් හෙල්ලෙන්නවත් මම කැමති වුනේ නැ. එයා ගාවට වෙලා ඉද්දි මට හිතුණ අපි දෙන්නා මුව අම්මයි මුව පුතයි කියලා. මට එයා දකිද්දි ඒ කාලෙ මුව පැටියෙක්වමයි මතක් වුනේ. ඒත් ඇයිද කියන්න දන්නෙ නැ ඒ මුව පැටියගෙ මුව අම්ම කියන හැගීමයි මට මා ගැන ආවෙ. පුංචි මුව පැටිය දොයියනකන්, දොයියලා ඇහැරෙනකන් මම එයා ගාව නිතරම කාලය ගත කළා.

මගේ පුංචි මල්ලියාව මම කකුලෙ දාල දොයි කළා. ලස්සනට නැලවිළි ගී කීවා. මට ඒ සිංදු නිකම්ම හුරු වෙලා තිබුණ අම්ම නිතරම කී නිසා. අදටත් මට එක දිගට ඒ සිංදු කියන්න පුළුවනි තාලෙට. ඒත් මල්ලියාවනම් දැන් කකුලෙ දාල දොයි කරවන්න බෑ. එයා මටත් වැඩිය උස දිග්දණ්ඩෙක් දැන්. එයා කොයි තරම් ලොකු වුණත් එයා මගේ චූටි මැණික. කවදටත් එයා මගෙ චූටි මැණික.

ටිකෙන් ටික එයා ලොකු වුණා. මම එයාව අතින් අල්ලන් නසරි එකට එක්කන් ගියා. හැමදාම මග දිගට මොකක් හරි දෙයක් නිසා එයා මහ හයියෙන් අඩනවා. අපොයි එතකොටනම් මට එපා වෙනවා. පාර අයිනෙ තිබුණ ඉස්කෝලෙ පිරිමි ළමයි මට විහිළු කරනව ඔන්න අදත් අක්කි මල්ලියාට ගුටි දිලයි කියලා. මල්ලියාව පාරෙ එක්කන් යද්දි මගේ හොද සිහි කල්පනාව නැති වෙනවා. ඇත්තටම කීවොත් මම උතුරන වතුර හැළියක බැහැල ඉන්නව වගෙයි මට දැනෙන්නෙ. එයාව පරිස්සම් කිරීමේ වගකීම ඔළුවට ගත්තම මට උන් හිටි තැන් අමතක වෙනවා. බස් එකට සල්ලි දෙන්න, ඉතිරි සල්ලි ඉල්ලගන්න, හරි තැනින් බහින්න, අතේ ගෙනාපු මළු සේරම ගන්න.... තව දාහක් දේ මට අමතක වෙනවා මල්ලි එක්ක පාරෙ යද්දි... ඒ එයාගෙ පරිස්සම ගැන මහ මෙරක බර කන්දක් මගේ ඔළුව ආක්‍රමණය කරන නිසා ඒ වෙලාවට.

ඉස්කෝලෙ යන කාලෙ ඉදලම එයා කථික තරග වලට ගියා. එයාලගෙ ඉස්කෝලෙ එක වසරේ ඉදලම ළමයින්ව කථික තරග වලට පුරුදු කරනවා. මගේ චූටි මැණික එයාගෙ පුංචි කටින්, පුංචි අත් දෙකෙන් හැගීම් පල කරකර එයාගෙ වයසටවත් හිතා ගන්න බැරි තරමේ වචන එකතු කරල මහා බරපතල දේවල් ගැන කිරි කටින් කතා කලේ මගේ ඇස් කදුලෙන් තෙත් කරලා. දැන් නම් එයා කියන දේවල් අපේ ගෙදර මෙලෝ යකෙකුට තේරෙන් නැ. එයාට කේන්ති ගිය වෙලාවට, දුක හිතුණ වෙලාවට, එයා ඉදිරිපත් කරන තර්ක තේරුම් නොයන නිසාම මට හිනා යනවා. එතකොට එයා තවත් තවත් දේ එකතු කරල දේවල් කියනව. එතකොටනම් මට සේරම අණ්ඩර දෙමළ වෙනවා.

ඒත්.... මගේ චූටි මල්ලියා හරිම අහිංසකයි. මොනව හරි ප්‍රශ්නයක් වුන ගමන් තනියම අඩනව කවුරුත් නැති තැනකට වෙලා. එයා දන්නව මම එයාට කොයි තරම් ආදරේද කියලා. ඒ ආදරේ වැඩි කමට එයා මට කිසි දෙයක් නොකියන තරමට මුරණ්ඩු වෙලා.

දැන් එයා කොයි තරම් ලොකු මිනිහෙක්ද කියල මට තේරුණේ එයා ගෙදරින් ගිය දවසෙ. එයාට මෙච්චර ආදරේ කරන අපි සේරවම දාල එයා ගියා... අපි මහ රෑ බය වෙලා හැම තැනම එයාව හොයද්දි අම්ම මට පුංචි ලියුම් කෑල්ලක් ගෙනත් දුන්නා..

“ආදරෙයි ඔයාල හැමෝටම, මම යනවා, මීට චූටි පුතා“

මගේ පපුව කඩා වැටුණා. මගේ වස්තුව මේ විදිහෙ දෙයක් කළේ ඇති කියල හිතා ගන්න බැරි වුණා. අද වෙනකන් අපි කවුරුත් දන්නෙ නැ ඇයි එහෙම වුණේ කියලා. අපි දහ අතේ එයාව හොයද්දි අන්තිමේ කෝල් එකක් ආවා. ඒ අතරෙ දෙවෙනි මල්ලි මට කිවා චූටියා ඇවිත් එයාව ගොඩක් වෙලා හවස බදාගෙන හිටිය කියලා. මම හයියෙන් අඩන්න ගත්ත. එච්චරයි මට කරන්න පුළුවන් එකම දේ. අහිමි වීමකදි කවදත් මගේ ඇස් දෙකට කදුළු වලින් අඩුවක් වෙන්නෙනම් නෑ.

රෑ දහයට විතර මගේ මැණික එක්කගෙන ආව ආයමත් අම්මා. මම ඇහුව ඇයි අක්කියාට කියන් නැතිව මෙහෙම දෙයක් කළේ මල්ලියෝ කියලා. මම ඒක කීවෙ ඇඩුම් අතරින්. මම දන්නෙ නැ වචන කීයක් පිට වුණාද කියල මගේ කටින්. මල්ලි මාව තුරුල් කරන් අඩලා කිස් එකක් දුන්නා.

මම අක්කි ඔයාට කියන්නයි හිටියෙ. ඒත් ඔයාට කිවොත් මේ ගමන මම යන්න කලින් ඔයා මෙතන මහ හයියෙන් අඩල ගේ දෙකක් කරන බව දන්න නිසයි නොකියම ගියේ කියල එයා කීවා. ඒත්...... මගේ මූනවත් නොබලා එයා එකපාරට ගිය මේ හිතුවක්කාර ගමන ගැනන්ම මම ටිකක් වත් ලිහිලක් දුන්නෙ නෑ. කේන්තිය වැඩි කමට මට කරන්න පුළුවන් වුනේ අඩන එක විතරයි. මල්ලිලා අක්කිලාට මේ තරම් පපුවෙ ගින්දර දෙන්න පුරුදු වෙන්නෙ ඇයි? මගේ චූටි මල්ලිට මාව, අපිව එපාම නිසාද මෙහෙම ගමනක් ගියේ.....

චුටි මැණික අන්තිමේ මගෙන් මෙහෙම ඇහුවා.... මාව තුරුල් කරන්...

අක්කි මම අද ඔයා ගාව නිදාගන්නද?
ඒක අහන්න දෙයක් නෑ. මගේ වස්තුවට මා ගාව හැමදාම ඉඩ තියෙනවා. ඉපදුණු දා වැස්ස අතරින් අපේ ගෙදරට වඩම්මවපු මේ පුංචි කුමාරයා... මගේ කකුල් දෙකේ නැලවුණු, මගේ නැලවිලි ගීයෙන් නිදාගත්තු, මගේ ඇග චූ වලින් තෙත් කරපු, මුව අම්මා වුණු මගේම මුව පැටියා කියල මම හිතපු මගේ චූටි මල්ලියා ආය ගෙදර ආව එක තරම් සතුටක් මම කවදාවත් ජීවිතේ විදල නෑ.

Comments
26 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

26 comments:

  1. මට නම් පවුලෙ කවුරුත්ම නෑ.තනියෙන් හැදුනෙ වැඩුනේ.ඒ නිසාමද කොහෙද හිතට හුඟක් දැනුනා මේ කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...................

      Delete
  2. මොනා කරන්නද අපිට අක්කලා නැනේ බන්. ඔයාගේ මල්ලි හරිම වාසනාවන්තයි. :)

    ReplyDelete
    Replies
    1. හී හී මට වගේම තමයි බන්.මටත් අම්මවත් නෑ.අක්කගෙ මල්ලිලා හරිම වාසනාවන්තයි..

      Delete
    2. @ගැජට්.....,
      මට පෝරිසාද මලයණ්ඩිලා තුනක් ඉන්නවා...
      අපෝ ඒ වුනාට එයාල මෙහෙම කියන් නැ අප්පා....
      ඇඩෙනව අප්පා

      @එඩිෂන්....,
      දුකයි සහෝ... ජීවිතේ අපි පතන දේ ඒ විදිහටම ලැබෙන්නෙ කලාතුරකින්...

      Delete
  3. මගේ අක්කත් ඔහොම්මමයි.... හැබැයි මම තාම ගෙදරින් තරහ වෙලා හිහිං නෑ ,, ගිහින් බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අනේ පවු
      ඒ අක්කට ගින්දර දෙන්න එපා...........

      Delete
  4. කදුලුත් ආවා.සංවේදි කතාවක්. අපේ අක්කගේ කොලු පැටියා මතක් වුනා. මං එයාව බලාගත්තෙත් එහෙමයි. මං එයා පෙරපාසලේ ඉදලා වඩාගෙන එනවා. මාත් පොඩි නිසා කකුල් බිම ගෑවෙන තරම්.

    ReplyDelete
    Replies
    1. :) අපි හැමෝටම කියන්න ලස්සන කතා තියනව බලන් යද්දි නේද.....?
      ස්තූතියි යාලු

      Delete
  5. මට අක්කිලා නැහැ ... මල්ලියෙක්නම් ඉන්නවා (මම දිල් සොනික්)

    ReplyDelete
    Replies
    1. දිල් මල්ලියාටත් ගොඩාක් ආදරේ ඇති කියල හිතනවා....
      එහෙම වෙන්න ඕන
      ඒ පුංචි ඉත්තෑවද :ඩි

      Delete
    2. ow ow මම පුන්චි ඉත්තෑවා තමා

      Delete
  6. අක්කේ හොද කතාවක් අක්කලා නැ... මල්ලිලා නැ... අක්කා කෙනෙක් හිටියනම් හොදයි කියලා හිතෙනවා ලබා උපන් හැටි තමා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..............
      සමහර විට තනියම ඉන්න එකත් හොද වෙන අවස්ථා තියෙනවනෙ
      ^_^

      Delete
  7. මමනම් ගෙදරින් ගියපු වෙලාවේ අක්ක අඩලා තිබුනේ නැහැ ....

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අක්කිගෙ ආදරේ අඩුවක් නැතිව ඔයාට ඇති
      ඇඩුව පමණින් ආදරේ මනින්න බැනෙ යාලු

      Delete
  8. අපේ දෙවනි අම්මා ඒ අක්කාය,....

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් ආසිරියො :)

      Delete
  9. මට ඉපදිලා තියෙන්නෙ එකම එක සහෝදරයෙක් විතරයි...එයා මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල්..ඒත් අපේ අම්මගෙත්,තාත්තගෙත්,මගෙත් අවාසනාවට එයා අරන් ඇවිල්ල තිබුනෙ සති දෙකක ආයුෂ විතරයි....
    සහෝදරයෙකුගෙ,සහෝදරියකගෙ ආදරය මම කවමදාකවත් විදල නෑ.
    මේ කතාව බොහොම තදින් මගේ හිතට වැදුනෙ ඒක නිසා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. දුක් ‍වෙන් එපා මල්ලි‍යෝ...
      ජීවි‍තේ‍දේවල් අපිට ‍කො‍හොමවත් ‍වෙනස් කරන්න බැහැ...

      Delete
  10. වාසනාවන්ත අක්කියෙක් වගේම ඒ සහෝදර ආදරය විඳින වාසනාවන්ත මල්ලියෙක්..!
    වාසනාවන්..!! :)

    ReplyDelete
    Replies
    1. ‍ගොඩත් ස්තූතියි යාලු........... ^_^

      Delete
  11. හි හි “වැහි කුමාරයා“ එක නම් මරු ඈ බිබිල වගෙ පෑත්තකට ගෙනිච්චා නම් වෑසි වස්සන්න තිබ්බ ......;) කතාව මරු ඈ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාලු....... ම‍ගේ මල්ලියාව ‍කො‍හේවත් ‍ගෙනියන්න ‍දෙන්න නම් බෑ...

      Delete
  12. මේක මේ පහුවෙලා ඇහෙ ගැහුනෙ. ඇත්තෙන්ම පුදුම සහෝදරකමක්නෙ. ඔය ගෙදරෛන් පැනලා ගියේ වයස කීයෙදි විතරද?

    ReplyDelete
    Replies
    1. එයා ගිය අවුරුද්දෙ ගියේ... දැන් වයස පහළවයි මේ පිස්සට

      Delete

 
There was an error in this gadget