මිනිසුන්ට
කටවල් ඇත. ඒ කතා කරන්නටය. කතා කිරීමද විවිධාකාරය. කතා කරන්නන් වාලේ කතා කිරීම,
සුහදශීලිව කතා කිරීම, පොරත්වය පෙන්වීමට කතා කිරීම, අවශ්‍යතාව උදෙසා පමණක් කතා
කිරීම, කතා නොකරම නිකන් සිටීම වැනි කරුණු සේම තවත් නනාප්‍රකාර විධි 'කතා' සමග සම්බන්ධ වේ. මිනිසුන්ට කතා කිරීමට නිදහස ඇත. අද වන
විට අසීමිත නිදහසක් ඇත. නමුත් ඉස්සර තත්වය මෙලෙස නොවු බව පැරණි කතා පුවත් ඇසුරෙන්
පෙනී යයි. යමෙක් කතා කළ යුතු වු දෙය තීරණය කෙරුණේ ඔවුනගේ පංති මට්ටම, සමාජ මට්ටම,
කුලය, ඉහළ කුලවල ඇත්තන්ගේ අනුදැණුම ආදිය මතයි.
අද තත්වය
විමසා බලමු.
මිනිස්සු නන්
දොඩවති. ඇත්ත හෝ වේවා නැතත හෝ වේවා කතා කිරීම කතා පැතිරවිම අතින් මිනිසා හැර
කවරෙක් ඉදිරියෙන් සිටින්නේද? මෙහි යහපත් සහ අයහපත් යන දෙඅංශයම වේ. මෙහිලා කතා
කෙරෙනුයේ දෙවනුව කි කාරණයයි. එහෙයින් 'යහපත්' යන කොටස අපි මදකට අමතක කර දමමු. දෙවනුව
අවධානය යොමු කරමු මේ කියන්නාවු කාරණයට.....
කට වට වැට
බදින්නට වන්නේ ඇයි....? කම්මලේ බල්ලා සේ සිටීමට වන්නේ ඇයි....?
මිනිසුන් සතු
කටවල් වලින් විවිධාකාර දේ පිටවේ. පෙර කී ලෙස වැඩකට ඇති හෝ නැති සැම දේ වදන් තුළින්
නික්මේ. තව අයෙකුට එය පාලනය කළ හැකිද?
කෙනෙක් ස්වයං
පාලනය දැන නොසිටියේ නම් ඔහු සමාජයට මහ බරකි. ඔහුගේ හෝ ඇයගේ ක්‍රියා පිළිවෙත තුළින්
සිදු වන්නේ සමාජයට අවැඩදායී දේවල්මනම් එවැන්නෙකුගෙන් පලකට ඇති යමක් සමාජයට සිදු
වනවාට වඩා වන්නේ පලකට නැති දේවල්ය. මෙහිදී ඔහු හෝ ඇය වටා සිටින පිරිස හැසිරිය යුතු
අන්දමක් තිබේ. නන්දොඩවන්නෙකු හෝ වේවා සම්පප්‍රලාප කියවන්නෙකු වේවා අනර්ථකාරී
කතාවලින් තොර කිසි දෙයක් නොකියන තැනැත්තෙකු හා ගනුදෙණු කරන විට ඔහුගේ ක්‍රියාවන්ට
අනුබල නොදී සිටින්නේනම් වඩාත් යහපත් වේ. මන්ද, එවැන්නෙකු හා එක්වී පලකට නැති දේ
කියවමින් තමන්ගේත් අන් අයගේත් කාලය කනවාට වඩා වටින්නේ ජීවත් වන කෙටි කාලය තුළ
වැඩකට ඇති කාර්යයක නිරත වීම වන බැවිනි.
මිනිසුන්ගේ කට
වට වැට බැඳිය නොහැක. වැටකට
කටක් නොනැවැත්විය හැකිය. නමුත් පලකට නැති කතා නෑසුනා සේ සිටිය හැකිය. කම්මලේ බල්ලා
කොතරම් කම්මලේ යකඩ තලන ශබ්දයට අනුවර්තනය වි සිටින්නේද යත්, කිසි ශබ්දයක් ඌ ගණන්
නොගනී. කිසිදු ශබ්දයකට එම බල්ලාව කම්පනයකට පත් කළ නොහැකිය.
තමාට රිදෙන
කතා කොතෙකුත් අසන්නට ලැබුණද, අනර්ථකාරී කතා කොතෙකුත් සවන වැකුණද, වැඩකට ගත නොහැකි
නිස්සාර කතා කොතෙකුත් ප්‍රචාරය වුවද ඒවා නැවැත්විය නොහැකිනම් ප්‍රතිචාර නොදක්වා
නිහඩව සිටීම සැහෙන දුරට හොදය. නෑසෙන්නා සේ සිටින තරමට ඒව සිතට ගත යුතු නොවේ. තැවුල
වන්නේ සිතට කාවද්දා ගතහොත්ය.
මෙහිදී පුන
පුනා ඇසිය යුතු තව ප්‍රශ්නයක් වේ. අනර්ථයක් සිදු කරන්නාවූ පිරිස් නවතාලිය
නොහැකිද....? ඔවුන් පවසනා කියන කරනා සැම නොදුටුව නෙතින් නැසු කනින් සිටිම අප
විසින් සිදු කරන්නාවු බලවත් අපරාධයකි. මිනිසුන් දෙස අප සතු යුතුකම් සහ වගකිම්
සමුදායක් වේ. අප විසින් ඒව ඉටු කළ යුත්ය... නමුත් ඒ සුදුසු තැනට ගැලපෙන පරිදි බව
අවබෝධ කරගත යුතුය.
එදිනෙදා
සමාජයේ අපට ගනුදෙණු කරන්නට වන්නේ විවිධ තරාතිරමේ විවිධ සමාජ මට්ටම් වල පිරිස්
සමගිනි. එහිදී අප කටයුතු කළ යුත්තේද ඒ බව අවධානයේ තබා ගනිමිනි. කෙනෙකුගේ අරමුණ තව
කෙනෙකු ගැරහීම පමණක්ම වන්නේද, තමන් උසස් යැයි සිතා අනෙත් අයවලුන් පහත් යැයි සිතා
කටයුතු කරන්නේද, යම් සිදුවීමට කිසිදු හොදක් නොමැතිව වරදම දකින්නේද එවැන්නෝ
බහුතරයක් තම මතයන් වචනාර්ථයට නගති.
කියන්නා කෙසේ
කිවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඇතැම් විට සිදු නොවන්නේද මෙයයි. පොරත්වය
වැනි සංකල්ප මුදුන් පත් කරවාගත් කල්හි තමා කෙරෙහි තමා තුළ ඇතිවන ගර්වය අභිමානය මත
විවිධ පිරිස් විවිධ දේ සඳහා ඉදිරිපත්
වෙති.
විශේෂයෙන්ම
වචනය ප්‍රබල අවියක් කරගෙන අවශ්‍ය සහ අනවශ්‍ය යන සියලු තැන් සදහා වචන හරඹ ඉදිරිපත්
කරන අවස්ථා අද වන විට කොතෙකුත් දක්නට ලැබේ.
මෙසේ පැවසෙන
දේ තමන්ට අදාල වේ නම් අනවශ්‍ය පරිදි ගැටුමට මැදිහත් නොවි පසෙක සිට බලා සිටීම ඉතා
වැදගත්ය. තම මට්ටමට නොගැලපේනම්, නිවැරදිකරුණු තෝරා බේරා හඳුනා ගැනීමට තරම්
සංයමයක් නොවේනම් මිසදුටුවන්ගෙන් දුරස් විම තරම් වටිනා සම්පතක් තවත් නොවේ. නමුත්
අසාධාරණය දුටු විටත් නිහඩව සිටිය යුකු යැකි කීවා සේ වරදවා නොසිතනු ඇතැයි සිතමි. මන්ද...
කට ඇත්තේ ප්‍රයෝනයට ගැනිමටයි. අවශ්‍ය තැනට අවශ්‍ය පරිදි අවශ්‍ය ස්වරුපය හැසිරවිමේ
ගුප්තමය බලයක් කටට ඇත. නමුත් අනවශ්‍ය දෙයට එල්ලි එල්ලී යාම යනු තම තත්වය නැති කර ගැනීමකි.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය යන කියමන මතක් කරමින් අදට නිහඩ වෙමි............
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය යන කියමන මතක් කරමින් අදට නිහඩ වෙමි............
සපුරාම එකගයි.සමහරු ඔහේ කියවනවා.අනේ ඉතින් එයාට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.හැබැයි සමාජ අසාධාරණයකට විරුද්ධව කතා කරන්න ආසාවට එකෙක් හොයාගන්න නෑ.මම නම් හැකි තරම් අසාධාරණයට විරුද්ධව කතා කරනවා.ඒ වගේම හැංගිලත් තියෙනවා.කොහොම නමුත් අද මිනිස්සු කටින් නම් හරි හමන් වැඩක් ගන්නේ නෑ.
ReplyDeleteඒක ඇත්ත
Deleteමට මේ ලගකදි වුන සමිප අත්දැකිමක් තියනවා
කතා කළ යුතු තැනට කවුරුත් නැහැ
නමුත් වැරදි දේට හූමිටි තියන්නනම් ඕනෑතරම් සෙනග ඉන්නව දත කට මැදගෙන :)
හ්ම්ම්... ඇත්ත කතාව... එකම මතයක එල්ලිලා ඉන්න අයත් එක්ක තර්ක කරන්න යන්නේ ඊටත් වඩා මෝඩයෝ... හැබැයි එහෙම අයත් එක්ක තර්ක කරන්නත් ගැලපෙන ක්‍රමවේද තියෙනවා.... සමහරු ඉන්නවා තවත් කෙනෙක් එක්ක කතා කරන විදිහ ඉගෙනගෙන තියෙන අය... එයාලා කතා කරනවා ඒ වගේම අපි කතා කරනකොට කට වහගෙන ඇහුන්කම් දෙනවා.... කතාකරන හැටි ඉගෙන ගත්ත නැති අය කරන්නේ කතා කරන එක විතරයි... එයාලා ඇහුන්කම් දෙන්නේ නෑ... මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම ඔය කියන දෙවර්ගෙන් එක වර්ගයකට අයිති වෙනවා... මේ පෝස්ට් එකේ ලියලා තියෙන්නේ ඔය කිව්ව දෙවනි වර්ගයේ පිරිස ගැන... එහෙම අයට එකම වචන මාලාවක් භාවිතා කරලා පිළිතුරු දෙන එක සාර්ථක ක්‍රමයක්... අපි කියන්න යන අදහස හොඳින්ම ඇතුළත් වෙන වචන 5ක් 6ක් හොඳින් ගලපලා එයා කියන කියන හැම දේකටම පුන පුනා කීමෙන් එයාගේ කතාවේ ශබ්දය අඩු වෙනවා විතරක් නෙවෙයි එයා ඒ ගැන හිතන්න ගන්නවා... වැරදි දේ වෙනස් කළ යුතුයි... වැරදි දේ වෙනස් කළ හැකියි...
ReplyDeleteඔබේ අදහසට මම එකගයි
Deleteනමුත් මෙහෙම පිරිසකුත් ඉන්නවා
කවුරු මොන දේ කිවත් ස්වමතයේම එල්ලිලා ඉන්න අය. එතනින් එහාට කිසි දෙයක් හිතන්නෙ නැහැ. ඒ අයට නැවත තමන් ගැන හිතන්න ඔබ ඔය කීවු ක්‍රමය උපකාරී වේද මංද.... ඒකනම් මට ගැටළුවක්....
ළගදි වුන අත්දැකිමක් නිසයි ඒ පිළිවෙත හරියාද කියලා හිතන්න අමාරු :(
කියන්න අමතක වුණා... ටෙම්ප්ලේට් එක ලස්සණයි...
ReplyDeleteබොහෝම ස්තූතියි...........
Deleteයාලුවෙක්ගෙ උදව්වෙන් හොයා ගත්තෙ........ ^_^
අපේ පැරණි අයහොඳට නරකට දෙකට කටමය. කිව්වේ නිකම්ම නෙවෙයි.මේ අදහසට එකඟයි.
ReplyDelete