Wednesday, September 19, 2012

ඒ වනචර ගමන් ගැන මගේ ඇසින්




පළමු කතාවට මෙතැනින් යන්න

මමයි ඒ සමන්. නිලූෂි ලියපු සමන් මම. එයාගෙ ජීවිතේ දෙවෙනි සමන්. නිලූෂිට තරම් ලස්සනට ලියන්න මම දන්නෙ නැ. ඒ නිසා එයාගෙ කෙටි කතාව දැකල මට හිතුණ දේ මම ලියන්නම් හරිම කෙටියෙන්. මා ගැන එයා ලිව බව මට එයා කිවම මම එක දෙයක් එයාට කිවා.

'සමහරවිට ඔයා වෙන්න ඇති මගේ ජීවිතේ මට ආදරේ කරපු එකම කෙල්ල'


මා ගැන ලියන්න තරම් මෙතුවක් කාලෙකට කවුරුත් ඉදිරිපත් වෙලා නැ. ඒ වගේම, අපි අතර තිබුණු අසම්මත බැීම ඒ විදිහටම කියන්න තරම් නිලූෂි බය නැති වීම මාව පුදුම කරවන හේතුවක් වුණා. ඇත්ත. අපි ගිය තරමක් ගියේ වනචර ගමන්ම තමයි. ඒ මිනිස්සු දකින විදිහට. මමයි නිලූෂිව ඒවට පෙළඹුවේ. ඒත්... එයා මාව පුදුම කරවන විදිහේ අපූරු ගති ඇති කෙල්ලෙක් වුණා. කිසි දෙයක අසම්මතයක් එයා දැක්කොනෑ. ඒවට එයාව මුලින්ම යොමු කෙරෙව්වෙ මම බව මම දන්නවා. ඒත්.... ඒයා මාවත් පුදුම කරවමින් ලස්සන ලෝකයක් හදාගෙන ඒක ඇතුළොජීවත් වුනේ හරියට කෝෂයක ඉන්න පැටියෙක් වගේ.

නිලූෂිව මම මුලින්ම දැක්කෙ බස් එකේදි. ජනේලය අයිනෙ ඉදගෙන හිටපු එයා දිහා මම දැක්කම එයා මුලින්ම කලේ මට රවපු එක. නොදන්න කොල්ලෙක් එයා දිහා බැලුවම ඉස්සෙල්ලම එයාට පුරුද්දට වගේ රැවෙන බව මම දැනගත්තෙ එයාව ආස්‍රය කරන්න අරන් ටික දවසක් යද්දි.

නිලූෂි මට වඩා උසයි... පාරෙ අපි දෙන්න එකට යද්දි කැපී පෙනෙන උසේ වෙනසක් අනිත් අයට පේන්න ඇති බව මම දන්නවා. නමුත් එයාට  ඒකෙ වගක් වත් තිබුණෙ නැහැ. අපි හමු වුණේ අදුරු තැන් වල. අපේ සිතිවිලි මුදාහරින්න පුළුවන් අදුරු තැන් වල... නිදහසේ අපිට අපි විතරක් පෙනෙන තැන් වල. ඒ පැය කිහිපය විතරයි මට නිලූෂිව තේරුම් ගන්න බැරි කරවපු පැය ගණන. කොයි තරම් දුරකතන සංවාද වලින් අපි එකිනෙකා හමු වුනත් ඒ ඉන්න නිලූෂි නෙවේ අර අන්ධකාරෙදි මම දකින්නෙ.

එයා කවදාවත් කැමති වුණේ නෑ එයා විසින්ම එයාව නිර්වස්ත්‍ර කරවනවට. ඒ දේ මට හැමදාමත් කරන්න වුණා. අදුරේ වැටෙන හීන් එළියකින් මම එයාගෙ මුළු ඇගම කියෙව්වා. හීනි දිග අතපය හොද හැඩයක් තිබුණ වුණත්.... මට නිතරම එයාව දැක්කම පෙනුණෙ එයාම නිතර අපින රූප වල හැඩමයි. නිවි නීවී පත්තු වෙන එළියට අහුවුණ නිලූෂි‍ගෙ ඇග කවියක් වගේ වුණත් ඒ කවිය කියවන්න ඕන කතාව මම දැනන් හිටියෙ නැහැ. වෙලාවකට එයා මට තුරුල් වෙලා කියනව හැමදාම මේ විදිහට ඉන්න ඇත්නම් වෙන කිසි දෙයක් එයාට එපා කියලා. ඒත් ඒ මොහොතකට දෙකකට විතරයි. ආයෙම එයා වෙනස් වෙනවා ඇහි පිල්ලම් ගහන පමාවෙන්.

'අනේ හලෝ මොන මළ විකාරයක්ද මමත් මේ කරන්නෙ. ඈත් වෙන්න ඕන බව දැන දැනම හිතට අයාලෙ යන්න අරිනවා'.

නිතරම එයා කීවේ හැම ‍දේකින්ම පස්සෙ ආයෙම මගේ මූණ බලන්න බැරි තරමේ ලැජ්ජාවක් එයාට ඇති වෙනවා කියලයි. නමුත් පස්සෙ පස්සෙ එයා සේරටම හුරු වුණා. දන්න කවුරුහරි මගදි මුනගැහුණත් හිතට ගන්නෙ නැතිව ඉන්න පුළුවන් කමක් නිලූෂිට තිබුණා.

'දකින එවුන් ඕක මගුලක් කියපුවාවෙ. උන් එනවද මගේ උවමනා එපා කම් හොයල බලන්න. උන් දන්නෙ කතා හදන්නයි කතා පතුරන්නයි විතරයි. වෙන මොන මළදානයක්ද උන් දන්නෙ? අන්න අරකි මෙහෙමනෙ... අදත් මම දැක්කා අර එකෙක් එක්ක.... සමයන්... ඔය රට්ටු කියන ජාතිය ඉන්නව නේද? මට පේන්නම බැරි මම ගණන් ගන්නෙම නැති ජාතියක්...' මේ නිලූෂිගෙ වචන.

මුලින් මුලින් අපි මුන ගැහුණත් රස්සාව ලැබුණට පස්‍සෙ එයාව මුනගැහෙන එක මට සෑහෙන්න අමාරු දෙයක් වුණා. ඒ එයා හැම දේකින්ම ඇල් මැරුණු එක. ජීවි‍තේ වින්ද වේගෙට සාපේක්ෂව හරිම වේගෙන් පසුබෑමක් එයා තුළ ඇති වුණ බව මට තේරුණේ දුරකතනෙක් අපි හමු වුණ අවස්ථා වල.

එයා මා ගැන ලියපු කතාවෙදි සම්පූර්ණයෙන්ම ඇත්ත කියල තිබුණ කියල මට හිතුණා. එයාට මට ළංවුණ තරමින් වෙන කිසිම පිරිමියෙක්ට ලං වෙන්න බැරි වුණා. එයාගෙ ජීවිතේට කාලෙන් කාලෙට එන පිරිමි ගැන එයා මට වෙනමම විසුතර කළා. අපි හමුවෙමුද කියල මම එයාගෙන් අහන දවස් වලට එයා කෙලින්ම කිව.. 'අනේ බැ හලෝ මේ දවස් වල කොල්ලෙක් ඉන්නව. ඌ පවුනෙ‘ කියලා. එහෙම කාල වලට මට මොන දහිරිය දැම්මත් එයාව මුනගැහෙන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඒත් එයාගෙ ජීවිතේට ඒ ආපු ආදර කතා සේරම තාවකාලිකයි. වෙලාවකට හිතුණ ඒ මං නිසාද කියලත්.

'ඔයා හැරෙන්න මෙච්චර කා‍ලෙකට වෙන කිසි පිරිමියෙක් හරියට මගේ හිතට ඇල්ලුවේ නැසැ සමන්.ඒ ඇයිද කියල්ල මම දන්නෙ නැහැ. ඔයාගෙ විදිහට මම හරිම කැමතියි. ඒත් මේක දුර දිග ගෙනියන්න බැහැනෙ'. නිලූෂි කීවෙ පුංචි හිනාවකුත් එක්ක.

අපි දෙන්න පංති මට්ටම් දෙකක හිටියෙ. ඇත්ත. එයා‍ගෙ මට්ටමට යන්න මට කවදාවත් පුළුවන් කමක් නැති බව මම දැනන් හිටියා. ඒත් එයානම් ඒ කිසි දෙයක් මායිම් කලේ නැහැ. අඩු තරමොඅපි දෙන්නගෙ උසේ වෙනස වත් එයා මායිම් කලේ නැහැනෙ. එහෙව් ගැහැණියක්ට ‍වෙන ප්‍රශ්නයක් කියල ‍දෙයක් තිබුණෙ එක දෙයයි. එයා දැනන හිටිය එයා වගේම මමත් එක ගැහැණියකගෙන් නවතින්‍නෙ නැති බව. මට මහ ගොඩක් කියල සම්බන්ධකම් නොතිබුණත් නිලුෂි හැමදේම අනුමාන කළා. මට පුළුවන් කමක් තිබුණොනෑ ඒව බොරුයි කියල කියන්න.

එයාගෙ කතාවෙ මගේ හිතට තදින් දැනුණු තැනක් තිබුණා. ඒ.... මම වගේ පිරිමියෙක්ට එයගෛ ජීවිතේ සදාකාලික හිමිකාරයා කරල ස්ථිර බලපත්‍රය කවදාවත් දෙන්නෙ නැහැයි කියපු එක. ඇත්ත.... දුකින් වුණත් දෙපැත්තටම ඒක සර්ව සාධාරණ බව එයා දැනන් හිටියා. නමුත් කවදාවත් දුක් වුණේ නැහැ. එයාව ඒ තැනට ඇදල දැම්මෙ මම කියන දෙය මම දන්නව වුණත්... මම කවදාවත් ඒ දේ හිතන්න මගේ හිතට ඉඩ දුන්නෙ නැහැ. මට මා ගැන එන වරදකාරී හැගීම් කිසි එකකට මම ඉඩක් දුන්නෙ නැහැ.

වනචර ගමන්... නමින් නිලුෂි අපි ගැන ලියපු ඒ කතාව මට පෙන්නුවා. එයා කිසි පැකිලීමක් ගත්තෙ නැහැ ඒක මට පෙන්වන්න. මොකද අපි ඒ තරමට අපි ගැන දැනන් හිටියා වගේම නොදැන හිටි දේවලිනුත් අපි අතරට අමුතු බැදීමක්වත් විරසකයක් වත් ගෙන ආවෙ නැහැ.

මම එයාට කී කතාව ඇත්ත බව එයාගෙ කතාව බලද්දි මට තේරුණා තව තවත්. මගේ ජීවිතේ බැදිමක් නැකි බැදීමකින් වුණත් මට ළං වෙලා හිටපු එකම ගැහැණිය නිලූෂි බව මට තේරුණා. මොන බැදීමක් තිබුණත් නැතත් එයා මොනව කියල තිබුණත්... කවදාවත් එයා මාව අමතක කරන්නෙ නැති බව මට තේරුණා. එයාගෙ ජීවිතේට එයා මුලින්ම ආදරේ කළ නම අරන් ඇවිත් එයාගෙ ශරීරයට බැදුණු, එයාගෙ ඇගේ ඇටමිදුළු කාගෙන ඇතුළාන්තයටම ගිය ඒ දෙවෙනි සමන් මම. ඒ නිසා ඒ හිතේ හැමදාමත් ඒ බැදීම තියෙන බව මට තේරුණා.

නිලූෂි..... ඔයා තරම් ලස්සනට ලියන්න ‍මේ සමන් දන්‍නෙ නැහැ. කොහොම වුණත්... මා ගැන ඔයා ලීව වගේම මටත් හිතුණ මේ ටික ඔයා ‍වෙනුවෙන්... අපේ සිතිවිලි වෙනුවෙන් සටහන් කරන්න ඕනෙයි කියලා.......... ඉතිං මං ඒක කලා. 
Comments
19 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

19 comments:

  1. හ්ම්ම්ම්.. ලස්සන කතාව සිත්තරියේ... :)

    ReplyDelete
  2. කතා දෙකම අද කියෙව්වා.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ‍ගොඩාක් ස්තුතියි යාලු.......... :)

      Delete
  3. හ්ම්ම්ම් නියම පිළිතුරු ලිපියක්.. මට මුකුත් තේරෙන්නේ නැහැනේ :-(

    ReplyDelete
    Replies
    1. හැ............. එහෙනම් මොකද්ද නියම? :පි

      Delete
  4. හරිම ලස්සනයි අක්කා..

    ReplyDelete
  5. ඊළඟ එක එනකං බලාගෙන ඉන්නවෝ...

    ReplyDelete
    Replies
    1. ආය ලියයිාන්නනම් වනවර ගමනක් යන්නම වෙයි ;)

      Delete
  6. දැනුයි කථා දෙකම කියෙව්වේ. හ්ම්...........

    ReplyDelete
  7. niyama kathawekne...

    ReplyDelete
  8. අනේ මෙහෙමත් මානසිකත්වයක් තියෙන අය ඉන්නවනේ,,මේක ලියපු කෙනා කසාද බදින වයස පහුවෙච්ච ...පිරිමියෙක් හැරිලා බලන්නේ නැති විදියේ විකාර ගෑනියෙක් වෙන්න ඕනේ

    ReplyDelete