තිඹිරි ගෙය
පාළුය, මූසලය,
අඳුරුය
ඇසෙන්නේ
මගේම කෙඳිරියකි
සුදු ඇතිරු
යහනත
අවු ඉරකින්
ඇදි පුල්ලියකි
උළු රටාවේ
මකුළු දැල් වියමනකි
මහා කෝණයකින්
කනට රිංගන
කලබල කසුකුසුවකි
වියන් ඇඳ විට්ටමේ
මගේ දාහයෙන්ම
ඇති තෙතකි
තෙරපුමකි
ලිස්සුමකි
මටම උහුලාගත
නොහැකි
මගෙමදැයි කිව
නොහැකි
මහම මහ
විලාපයකි
ටිකිරි කට හඬකි
කන් පිරෙන හිනා
පොකුරකි
මාර අදහසක්නේ...නියමයි නියමයි...
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
බොහොම ස්තූතියි......
Deleteඅපූරුයි.
ReplyDeleteමේ කවුයෙන් කිව්වට වදා ඒ වෙදනාව දරුණුයි කිව්වට සිත්තරී තරහ වෙන එකක් නෑ.. මොකද ඒ උත්තරීතර අවස්ථාව සවිස්තරව ලියන්න, කියන්න විශ්වයේ අකුරු ප්‍රභල මදි
ඔවු ඒක ඇත්ත... කොටින්ම ඒ අවස්ථාවට මුහුණ නොදුන් මම ඒ ගැන මොනව දන්නවද....? තරහ වෙන්න කාරණයක් නැ මි ගොඩයා... අනුමත කරනවා :)
Deleteවෙන කථා මොකටද අම්ම කෙනෙකුගේ ආදරය විස්තර කරන්න .... අන්තිම පද දෙකෙන් ඒක නියමෙට පෙන්නුම් කරලා
ReplyDelete:) ස්තූතියි....
Deleteඒ ආදරේ විස්තර කරන්න මිහිමත වචන ප්‍රමාණවත් නැ....
ම්ම්ම්ම් කවුරුවත් නොදකින පැත්තක් අපුරුයි ..
ReplyDeleteස්තූතියි සචිත්
Deleteජීවයක ඇරඹුමත්.....ලොවට දැනෙනා සතුටත් ....
ReplyDeleteසැඟවී ඇති වේදනාවත්...විදින්නේ එක මවක් පමණක්...
නොසිදෙන සෙනෙහසක උල්පතක්.....
Deleteශා එල
ReplyDeleteතෑන්ක්ස් මල්ලි
Deleteතිඹිරි ගෙයි ඉතිහාසය ගැන කියන්න පුළුවන් නම්,
ReplyDeleteඑක හදන හැටි එහෙමත්...