කැරකෙනවා
මගේ රවුම්
ඔරලෝසුවෙ
රවුම් වුණ ලෝහ
පටිය ඇතුලෙ
පංකාව
රවුමෙන් රවුමට
ඊට පහළින්
පමණට වඩා වුණු
රවුම හින්දම
තවත් රවුම්
වෙලා
මගෙ රවුම් මූණ
ඔරලෝසුවෙ
රවුම් ලෝහ පටිය ඇතලෙ
ලෝකෙම රවුම්
වෙලා
රවුමුත් තව
රවුම් වෙලා
රවුම් ලෝහ
පටිය ඇතුලෙ
අත් බෑගයෙ
රවුම් පටියෙ
වකේ තවත්
රවුම් වෙලා
මෙන්න වැඩක් -
පැන්සලේ රවුම් වෙලා
ඇයි අර උඩ
වහලෙත් රවුමට
එතකොට මේ ලියන
අකුරු
අයියෝ - කොහේ
බලන්නද
පංකාවෙ හුළඟට
අකුරු ගියා
කැරකි කැරකි
රවුමට රවුමට
ඔෆිස් එකේදි
කරන්න වැඩක් නැති නිසා වට පිට බල බල හිටපු දවසක, ඔරලෝසුවෙ පටිය ඇහැ ගැටුණම ඇතිවුණ
සිතිවිල්ලක්
හැම දෙයම රවුම් නැත
ReplyDeleteරවුම් ලෙස පෙනුනත්
ඇතැම් දෙය හතරැස් විය හැකිය
රවුම්ද හතරැස්ද ඒ කිසිවක්මද
නොවිය හැක ජීවිතය
එහෙත් අප ජීවත් විය යුතුය..)))
රවුම් ලෝකය තුළ
Deleteජීවිතය රවුම් කරගෙන
නිමක් නැති රවුමක
ජීවිතෙත් ඇදගෙන
ගසන රවුමක්
අපි
මරු...
ReplyDeleteපොටෝව දැක්කම කැරෙකෙනවා :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කැරකෙමින් ඔබටත් සම්පත් පැමිණේවා....!!
Deleteමාර සිතුවිල්ලක්නේ...
ReplyDeleteතනිකමට පිංසිද්ද වෙන්න :)
Deleteඅදහස් පහල වෙන්න ගත්තාම ඒවා කොහේ යයිද කියලා කියන්න බෑ නේ?
ReplyDeleteරවුම් ගහන අදහස් ඔහේ ඇවිත් හිතේ පැලපදියම් වෙනවා
Deleteමාවත් නිකං රවුං වෙලා ගියා ඈ....
ReplyDeleteදැන් තරියා තවත් රවුම්ද? ;)
Deleteරවුමට හිතන්න ගියාම ඔක්කොම රවුමට පෙන්නේ.
ReplyDeleteලෝකේ රවුම් කියලා කිව්වේ ආදී කාලේලු!!!!!
ReplyDeleteරවුම් සිතිවිලි.. :)
ReplyDeleteහරියටම අපේ ජීවිත වගේ.. සංසාර චක්‍රය කියන්නෙත් ඒ නිසානේ..හරියටම බැලුවෙත් ආරම්භකළ තැනත් අවසාන කරන තුනත් හොයාගන්න බැහැ.අපේ ජීවිතත් එහෙමයි.
ReplyDeleteඔක්කොම රවුම් වෙන වෙලාවේ මමත් යනවා රවුමක් ගහන්න...
ReplyDeleteරවුමෙන් රවුමෙන් ඇවිත් මොකද්දෝ මන්ද කියන්න හදනවත් වගේ..
ReplyDelete