දණ වටක් දියේ බැස
කෙකටියා මල් නෙළන
බිසෝ නුඹ පෙර පවින්
මගේ පිලේ පැල් බැන්ද
කඩමාලු මල් රෙද්දෙ
මල් හිනා නූල් ගිය
පරදවා ඇඳී යන
දා බිංදු දිදුලනා
තාලයට හා මුහුව
නිවාලයි දළු දාන
සංතාප සිත් ගින්න
අඩු පාඩු බෝ නමුත්
සෙනෙහෙ නුඹෙ මා ලඟම
හිත කඩා වැටුණු තැන
නෑ කොහේ හොයන්නද
අවාරේ කඩුපුලයි
මගේ පැල්කොටේ නුඹ
බලා හිඳුනුම මිසක
පැන් නොමැත ඉසින්නට
ලැම යහනෙ සතපවා
සුසුම් සෙමෙරය සලම්
නෙත් පියා පන් පැදුරෙ
මුණුමුණුව ගයාපන්
ආ මගට වඩා දුර
යා යුතුයි සිතාපන්
දිවි තුරා සෙනෙහෙ මට
හිත පුරා බෙදාපන්
This comment has been removed by the author.
ReplyDeleteමොන ප්‍රශ්නේ තිබ්බත් අවංක ආදරයට ඒක එච්චර තේරෙන්නේ නැහැ සිත්තරී
ReplyDeleteඒක ඇත්ත.... සැබෑ ආදරය ඉස්සරහ කරවිලත් පැණි රසයි වෙන්න ඕන මමත් හිතන විදිහට
Deleteපසුව ලියමි:
මට එවන් අත්දැකීමක් නැත :)
awww din don akkiya meka athtatama lassanai mawila penawa =)
ReplyDeleteතෑන්ක්ස් නගා...... :)
Deleteහා වැදගත් කතාවක් වගේ...
ReplyDeleteහ්ම් හ්ම්..... සමහරුන්ට......
Deleteආදරය නැතිව මුදල් තියන ජිවිත කොහෙත්ම සාර්ථක නෑ. ඒත් ආදරේ විතරක්ම තියන මුදල් නැති ජිවිත සාර්ථකයි කියලා කියන්න පුලුවන්ද?
ReplyDeleteThat depends on the definition of the'success' you are going define them..
DeleteMoney is not everything
සමහර විට ඒ ඒ අයගෙ මානසිකත්වය එක්ක ඒක වෙනස් වෙනවයි කියල මම හිතනවා... අපි කවුරුත් බොහෝ වෙලාවට කැමති අපිට තියන දේ ගැන හිතන්න නෙවේ, අපිට නැති දේ ගැනම හිතල ඒව මත්තෙ නැහෙන්න.... බොහෝ දුරට මේක මටත් අදාලයි :/
Deleteමගෙ පිලේ පැල් බැන්ද
ReplyDeleteනුඹෙ විඩා හිනා රොද
සංතාප සිත් ගින්න
නෑ කොහේ හොයන්නද
පැන් නොමැත ඉසින්නට
මුණුමුණුව ගයාපන්
හිත පුරා බෙදාපන්
මං ඔය ගැන වැඩිය කතා කරන්නෙ නෑ සිත්තරි. ඒකයි මෙහෙම කමෙන්ට් කොලේ ඇ.
නොකියවෙන කතා තුළත් කියවෙන දේවල් බොහොමයි දේශ්.....
Deleteසමහර වෙලාවට පෝසත් යට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම, මේ වගේ ජිවිත සුන්දරයි
ReplyDeleteසමහර වෙලාවට දුප්පත් අයට තියන ප්‍රශෟන දිහා බැලුවම පෝසත් ජීවිත සුන්දරයි කියල දුප්පත් අයත් හිතනවනෙ....
Deleteලෝකෙනම් හැබෑවට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෝලාකාරයි :)
:) :)
ReplyDeleteපැහැදිලි ආත්මාර්තකාමි බව.. බිසෝව හැමදාම ළග තියාගෙන හිනා බලන්න හැදුවට වයසට ගියාමත් ඔය කවියම ලියවෙනවනං මරු ඈ... හැක්...
ReplyDeleteහැබෑව..... මල් හිනාව වියැකෙන දාට, පුරුදු සෙනෙමෙහ අඩුවක් නැතිව තිබුණනම් හොඳා......
Deleteසිත්තරීගෙ වචනනම් මාර ලස්සනයි.....................
ReplyDeleteආ මගට වඩා දුර
යා යුතුයි සිතාපන්
දිවි තුරා සෙනෙහෙ මට
හිත පුරා බෙදාපන්
සෙනෙසහ වරද්දවා ගන්න අය අතරෙ සෙනෙහසේම මියෙදෙන අය ඕනි තරම් ඉන්නවා සිත්තරියෝ කවිය කියවද්දි හිතුනෙ මේ දෙන්නත් ඒ වගේ කියල
බොහොම ස්තූතියි සිත්තමී
Deleteසෙනෙහෙන්ම මියැදෙන්න පුළුවන්නම් සරල අව්‍යාජ්‍ය මනුෂ්‍යෙයක් විදිහට... ඒ ඇති හැමදාටම
මේක මම මෙච්චර පරක්කු වෙලා දැක්කේ කොහොමද
ReplyDeleteහැබැයි දැන් කියවන්න කම්මැලි