සතියේ
පස් දිනම
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන
කාපට් මග මතම
නුරාවෙන් ඔඩුදුවන
ඇඟිලි හතරක සෙල්ලම
දෙවටොරෙන් දෙවටොර
බදා කිටි කිටියෙම
මැයි මාර වැට දිගට
පැද්දෙමින් ලතාවට
යන ගමන් අසරු අත
කලවා මිරිකුමක
පිට දවන අව් රැසට
ඔච්චමක් කර කර
වැව් හුලං තාලයට
තානමත් අල්ලගෙන
දකිමි මම පහු කරන
මද මඩින අසරු අත
ලොකු පාලමේ වංගුව
ගිල්ල පසු එක වරම
ඇස් පුරා නලියපු
පුරුදු සිතුවම්පටය
නිතැතින්ම ගිලිහෙන
හීල්ලුම හුළගේ හැර
හනි හනික පියනගමි
බොරළු කැට ගැන ගැන
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන
කාපට් මග මතම
නුරාවෙන් ඔඩුදුවන
ඇඟිලි හතරක සෙල්ලම
දෙවටොරෙන් දෙවටොර
බදා කිටි කිටියෙම
මැයි මාර වැට දිගට
පැද්දෙමින් ලතාවට
යන ගමන් අසරු අත
කලවා මිරිකුමක
පිට දවන අව් රැසට
ඔච්චමක් කර කර
වැව් හුලං තාලයට
තානමත් අල්ලගෙන
දකිමි මම පහු කරන
මද මඩින අසරු අත
ලොකු පාලමේ වංගුව
ගිල්ල පසු එක වරම
ඇස් පුරා නලියපු
පුරුදු සිතුවම්පටය
නිතැතින්ම ගිලිහෙන
හීල්ලුම හුළගේ හැර
හනි හනික පියනගමි
බොරළු කැට ගැන ගැන
ඩබල් මිනින්ග් වගේ :D
ReplyDeleteටිකක් නම් තේරුණා :)
සමහරවිට කෙලින්ම කියල ඇති.... :) සේරම තේරෙයි
Deleteතේරුණා තේරුනා .. :D හිතුව දේ තමා කියල තියෙන්නේ
Deleteම්ම්ම් ඇස ගැටෙන වින්දනයක්
ReplyDeleteඔවු... පාරෙ යද්දි එද්දි ;)
Deleteඅක්කා... මේවායේ අරුත් පැහැදිලි කලානම් පංකාදු පහයි!
ReplyDeleteඅනේ එතකොට ගතියක් නැනෙ...... මුහුණූ පොතට මැසේජ් එකක් එව්වොත් කියන්නම්
Deleteසැර වැඩියි ද මන්දා
ReplyDeleteලියපු අනික්වට වඩානම් සැර බාලයිද මංදා.......
Deleteවිඳිති දෙපලම ඔවුන් අනඟ රඟ හැකි ලෙස
ReplyDeleteබල කරයි සියොලඟම ඉල්ල ඉල්ලා පුරුදු සැප
නොමැත හොන්ඩාවක්, අඩුම ලෙස පැදියක්වත් පා
හූල්ලනවා මිස කරනු වෙන කුමක්.
පුරුදු ඒ සැප නුපුරුදු ලෙසටම
Deleteගතින් නොව මුළු සිතින් විඳ විඳ
හොන්ඩාව මතු නොව සහයද නොමැති සඳ
ඇස් පුරා පුරෝගනු වෙන කුමක් කරන්නද
සුපිරියි ඈ.. එළ.... ඔය වගේ දෙතුන් දෙනෙක් වත් හිටියොත් ලොකු රික්තයක් පුරවන්න පුළුවන්.. ජය වේවා
Deleteස්තුති වේවා කීවා......!!!
Deleteහැමෝටම පෙන්න ඔහොම හැසිරෙන එක හරිද මන් අහන්නේ :D
ReplyDeleteවරදක් නොපෙනේ... නැවත වරක් කියවා බලන්න ("මොකක්ද" හිත පසෙක ලා... )
Deleteඅනේ මංද ඉතිං නේද............... ^_^ ??????
Delete:)
Delete