උනා පෙති සළු
පිපුණ නෑඹුල්
කඩුපුලී මම වෙම්
කඩුපුලී මම වෙම්
අඳුරු සයනේ
සුවඳ වගුරා
නුඹ නමින් සැතපෙම්
නුඹ නමින් සැතපෙම්
නීල ඉඳුවර තාරුකා නෙත්
බලා සිටියාවේ
වලා තිරපට
මුදා හොරැහින්
සඳුද දුටුවාවේ
සඳුද දුටුවාවේ
මලවි රඟබිම මගේ මුවරද
සෙමින් සැලුනාවේ
සෙමින් සැලුනාවේ
හිරු අරාජික
සුයාමය මේ
රඟමු මා සුහදේ
රඟමු මා සුහදේ
පින්න නුඹ
ඇවිදින්.....//
රැයට සමුදී සඳ
මැකෙයි සුව
රහස සඟවමිනේ
රහස සඟවමිනේ
පිපී පෙති හළ
වත’ම හකුළමි
හිරු නැගෙන යාමේ
හිරු නැගෙන යාමේ
පින්න තැවරූ
පෙති මුවා කර
සමු ගනිමි සබඳේ
සිහිල අතුරා
සුවය වතුරාසමු ගනිමි සබඳේ
නෙත්
පියමි සුහදේ
ලස්සනයි අක්කේ :) ...කොහොමද මේවා හිතෙන්නේ මෙ උපමා?
ReplyDeleteදන්නෑ අනේ... හිතෙනවා ලියවෙනවා
Deleteලස්සනයි ඈ , වචන අල තේරුම් හොය හොයා කියෙව්වා ... ඩික්ෂනරියක් තියාගන්න වෙයි වගේ සිංහල ,
ReplyDelete*වචන වල
Deleteඅල වර්ගනම් ඕනෑ තරම් ඈ......
Deleteමේ පාරත් තනුව මගෙන්..
ReplyDeleteඑහෙනම් ගයමු ද :)
Deleteඅනේ යන්න අනේ යන්න... කෝ කලින් එක? :/
Deleteඕක තව හදන්න පුළුවන්.. තව ලස්සනට කරන්න අනේ.. තනුව අවුල් නොකර.
Deleteලස්සන නිර්මාණයක්...
ReplyDeleteබොහොම ස්තූතියි :)
Delete