නර කෙසක්
දුටිමි
ම’මුව විපරම් කළ
කැඩපතින් වන්
දෑසින්
නර කෙසක්
දුටිමි
කඳුළක් අඳුන්
බොඳ කළ
ඇන්දා
සිතුවමක්
රෝස අදරට කළු
ඉරක් මුහු කර
කියඹුවක ඝන
නිල දුටිමි
සායම් මැකූ
උවනක
කඳුලකින්
දිදුලන
වරනටද පල
නොදැරි
අමතක වසන්තෙක
අගිස්සෙම
බිම වැතිරි අවසන්ම
පතෙහිද
පඬු පැහැය
දූවිලිව විසිරුණු
මායිමක්
මානමින්
දේදුණු බැමක
නර කෙස
සුරතත‍්
වෙව්ලුවා
අංජන කූර බිම
රුවා
බිහිදොරට
පමුණුවා මතකය
වැඩමවා
කුළුඳුලේ ගිම්හානය
ඇද දමා වසාලූ
තිරකඩ
පැමිණවිය
අබියසට
කාලයේ කුරිරු
සරදම
කවි නිසදැස් ඉතිහාසේ කෝ කතාවක් ලියන්නේ නැද්ද
ReplyDeleteජය !
ReplyDeleteමේවාට කමෙන්ට් කරන්නට තේරෙන්නෙ නැහැ බොලව්..