සුපුල් විලේ
කෙළිනා සිරි රුසිරාන
රැසින් දිලේ පළඳා පිනි සිලිලාර
වතින් සැලේ දිය ඒ විල දඟපාන
කෙනරිඳු ඇය ගැබ දරනා බිසවාන
රැසින් දිලේ පළඳා පිනි සිලිලාර
වතින් සැලේ දිය ඒ විල දඟපාන
කෙනරිඳු ඇය ගැබ දරනා බිසවාන
පිනි වැස්සක්
තුස වැඩුමක්
ළඟ ළඟ එන
පුතු වැඩුමක්
තුස වැඩුමක්
ළඟ ළඟ එන
පුතු වැඩුමක්
පුතුන් පුරා
වොරැඳී මන පොබයන්නී
සොඬින් පියුම් නෙළලා වත සරසන්නී
තුටින් කුංච නද දී දිය රඟදෙන්නී
වතින් අරා හැඟුමින් හිමි සනහන්නී
සොඬින් පියුම් නෙළලා වත සරසන්නී
තුටින් කුංච නද දී දිය රඟදෙන්නී
වතින් අරා හැඟුමින් හිමි සනහන්නී
මහ වනස්පතී
පෙරමඟ බලතී
කිරි හඬ ගෙනෙනා
වස්සානෙ එතී
පෙරමඟ බලතී
කිරි හඬ ගෙනෙනා
වස්සානෙ එතී
වසක් යවා කුස
හොවලා බිළිඳාන
මෙරක් පුරා පැතුමන් පිරි විපුලාන
රැයක් ගෙවා කඳුලැල් මැද සිරිආන
තුටත් වඩා වී අද තුන්පත්රෑන
මෙරක් පුරා පැතුමන් පිරි විපුලාන
රැයක් ගෙවා කඳුලැල් මැද සිරිආන
තුටත් වඩා වී අද තුන්පත්රෑන
සමහර වචන නොතේරෙයි
කියලා හිතෙන නිසා සහ සුලභ භාවිතයේ නොමැති නිසා,,,,, පදරුත් සඳහා
සුපුල් - ඉතා හොඳින් පිපුණු
රුසිරාන - ලස්සන මුහුණ ඇත්තී
සිලිලාර - දිය
කෙනරිඳු - හස්ථියාගේ ගැහැණු සතා
මෙරක් - මහාමේරුව
විපුලාන - ඉමහත්
සිරිආන - සතුටින් යුත් මුහුණ
අදනං වදන්වල තේරුමත් එක්කම...
ReplyDelete:)
Deleteසාහිත්‍ය නේ අනේ ඕවා වැඩිය තේරෙන්නේ නෑ
ReplyDeleteඅයියෝ.......
Deleteසිත්තරීගෙ කවි පබැඳීමේ හැකියාව ගැන නම් කියලා වැඩක් නෑ. අනික අර තාල දෙකකට මාරුවෙන් මාරුවට.
ReplyDeleteබොහොම ස්තූතියි :)
Deleteඇත්තට තුන්පත් රෑනේ කෙනරට පැටියෙක් හම්බුනාම ඒක සිව්පත් රෑන වෙනවාද? මටත් පිස්සු තියෙන්නේ. අක්කාගේ නිර්මාණය රස විදින්නේ නැතිව වෙන දේවල් හොයනවා.
ReplyDeleteනෑ අනේ පැටිය ලැබුණමයි තුන්පත් රෑන වෙන්නෙ
Deleteඒක නං හොද වැඩක් සිරාවටම.. පද නිරුක්ති සපයන එක.. ගින්දර සහ පුළුන්.. ජය වේවා...
ReplyDeleteස්තූතියි :)
Deleteමේක නම් නියමයි..ලස්සනයි..නියමෙට පද ගලපලා..වචන ගලපලා...
ReplyDeleteවෙනදා වචන අනුමාන කරලා හිතනවා..ඒත් දැන් එහෙම හිතන්නන ඕනේ නැ..මම නම් ඒකට කැමති නැ..ඒත් බහුතරය කමති නිසා ඔන්න මමත් ඡන්දය දෙනවා. :)
ඒකනෙ මල්ලි පහළින් තේරුම් දැම්මෙ. ආය බලද්දි පහළ බලන්න එපා ඈ..... කරන්න දෙයක් නෑ ගොඩක් අය තේරුම් ඉල්ලනවනෙ :)
Deleteඔයාගේ ඩික්ෂනරිය සුපිරි වචන වලින් වගේම මැක්සා අදහස් වලිනුත් පරිපුර්නයි.
ReplyDeleteස්තූතියි :)
Deleteගැටපද විවරණය අගය කරනවා...
ReplyDeleteඔයාගේ කවි ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ ඉතින්...
:) වැඩි දෙනාගෙ ඉල්ලීම නිසා දැම්මා.....
Deleteතාල මාරුව නම් නියමෙටම තියනවා....
ReplyDeleteළඟ ළඟ එන
පුතු වැඩුමක්
ඒ වචන ටික නම් මරු...මට හිතුනේ මධ්‍යම පාන්තික අම්මා කෙනෙක්ගේ පලවෙනි අත්දැකීම කියලා.....
ස්තූතියි මානවක.....
Deleteෂහ් ලස්සනයි බොහොම මේක
ReplyDeleteරස වින්දා ගොඩක්
මේ වාගේ කවි අහන්න දකින්න ලැබෙනව බොහොම අඩුයි දැන්
බොහොම ස්තූතියි
Deleteකවිය නම් සම්භාව්‍ය සාහිත්‍යයෙන් පිරිපුන් ආයෙ තේරුම් පද වල අරුත් නොල්ව්වත් වටහාගන්න පුළුවන්
ReplyDeleteබොහොම ස්තූතියි.... වැඩිදෙනාගෙ නිරන්තර ඉල්ලීම මත වචන වලට අර්ථත් දාන්න සිද්ධවුණා
ReplyDeleteඅපූරුයි බොහෝම ලස්සනයි.කෙනරිදු කියන වචනය නම් අලුත්...))
ReplyDelete