Friday, September 14, 2012

මගේ චූටි මැණික


හැමදාම මහ බරපතල කතා කියන නිසා අද අළුත් විදිහට හිතට දැණුනු දෙයක් කියන්න කියල හිතුණා. ඒ මගේ පුංචි මල්ලියා ගැන. මට අද වගේ මතකයි පුංචි රෝසපාට ගුලියක් වගේ ෆැනල් වලින් ඔතාගෙන එයාව අපේ ගෙදරට මුලින්ම වඩම්මවපු දවස. එදා හරිම තදින් වැස්ස. අම්ම බබාව හම්බවෙන්න ඉද්දි ඉස්පිරිතාලෙට යද්දිත් හයියෙන් වහිනවා. පුංචි පුළුං බෝලෙ ගෙදරට ගෙනෙද්දිත් තදේට වහිනවා. ගෙදර ආව ගමන් අපි එයාට නමක් දැම්මා... “වැහි කුමාරයා“.

බබාව ගෙදර ගෙනල්ලා ඇද උඩින් තියලා අම්ම ගියා. මම එයා ගාවින් හෙළවුනේවත් නැ. ලගට වෙලා අල්ල අල්ල හිටියා. හරිම ලස්සනයි. චූට්ටං. රෝස පාටට හුරුයි මගේ චූටි මල්ලි පැටියා. ඒත් එක පාරටම එයා අඩන්න ගත්තා. මම දන්නෙ නැ මක් වුනාද කියලා. මම කලබල වුනා. බලද්දි එයාගෙ එක ඇහැක් උඩ කද රතු පාට වෙලා. මම හොදටම බය වෙලා කැ ගැහුවා. අම්මලත් බයේ දුවගෙන ආවා.

Wednesday, September 12, 2012

෴වර්ග භේද වලින් තොර සමාජයක් උදෙසා පූර්විකාවක්෴




අදහස් ප්‍රකාශනය සහ ප්‍රකාශිත අදහස් ග්‍රහණය පිළිබද වවධානය යොමු කරන කල්හි මෙය පුද්ගලානුරූප බව කිව පෙනී යයි. ඒ ඒ පුද්ගලයා සිය අදහස් ගෙන හැර දැක්විමට විවිධ මාධ්‍යයන් උපයුක්ත කර ගන්නවා සේම, ග්‍රාහකයාද සිය ප්‍රාඥතාවේ මට්ටම අනුව අදහස් ග්‍රහණයේ යම් පරාසයක සිටී. අපි මෙය පොදුවේ සන්නිවේදනය ලෙස ගතහොත්, යම් සන්නිවේදිත ප්‍රපංචයක් තවෙකෙකු ග්‍රහණය කර ගන්නේ තමාට අනුරූපී ආකාරයට සහ සිය බුද්ධි මට්ටමේ ස්වභාවය අනුවයි. එහිදී ඊට අදාලව සිදු වන ප්‍රතික්‍රියාවද ඒ මත රදා පවතින බව කිව හැකිය. සමාජය විසින් නීර්ණය කරන ලද යම් යම් සංස්කෘතික ලක්ෂණ වේවා, සමාජානුභූතීන් වේවා ඒ ඒ සමාජයන්හි ඊට අදාලව දෘෂ්ටිවාද ගොඩනැගී පවතී. සමාජ ව්‍යූහය තුළ හිිමින් ඒ හා ගැටෙමින් දවසරින කල්හි අප එකී දෘශ්ටිවාදයන්හි යම් ආකාරයක හවුල්කරුවෝ බව ස්වයංවිඥානිකව මනසට ග්‍රහණය වේ.

Saturday, September 8, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 04


04. රාජ්‍ය අරගල අවස්ථාවන්හි බුදුරජාණන් වහන්සේගේ මැදිහත්විම තුළින් හෙළි වන තොරතුරු.

පූර්ව ලිපියට මෙතැනින් යන්න.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට රාජ කථා සාකච්ඡාව තහනම් කළ බව බෞද්ධ ඉතිහාසයේ කියැවේ. එය,
·         හීන විජ්ජා
·         ඛත්ත විජ්ජා
·         තිරචීන විජ්ජා 
ලෙස සලකා බැහැර කිරීමද සිදු කර තිබේ (දසනායක ; HIS411 දේශන, 2011). මිට හේතුව බුදු සමය තුළින් භික්ෂූන් පුහුණු කරවන්නේ තෘෂ්ණාවෙන් ඉවත් වි සසරින් මිදීමේ මාර්ගාවබෝධය ලබා ගනු පිණිස වීම විය හැකිය. 



බ්‍රාහ්මණයින් මෙන් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට යොමු විම තුළින් භික්ෂු දිවියේ අපේක්ෂිත පරමාර්ථ වෙත ළගා විමේ මාර්ගයෙන් ඈත් විමට සිදු වීම මෙයට බලපැ ප්‍රමුඛතම සාධකය වන්නට ඇත. නමුත් රාජ්‍ය පාලනයට අවශ්‍ය උපදේශන ලබා දෙමින් භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන් රජවරු සමග සබදතා පවත්වාගත් බවට සාධක රැසක් ඓතිහාසික මුලාශ්‍ර පරිශීලනයෙන් විද්‍යමාන වේ. තවද දේශපාලන බල අරගල අවස්ථාවන්හි ඍජුව හෝ වක්‍රාකාරව බුදුරදුන් ස්ව දායකත්වය සැපයු බවට නිදර්ශන කිහිපයක්ම දැක්විය හැකිය. එවන් ඇතැම් අවස්ථා අවධානයට ගැනිමේදී පැහැදිලි වන්නේ සංග්‍රාම සිදුවී විශාල වශයෙන් රුධිරය වැගිරිම් වන්නට තිබූ අවස්ථා බුදුරදුන්ගේ එවන් මැදිහත්විම් මත සමතයට පත් වු බවයි. එහෙයින් උක්ත සිදුවිම් හදුනාගෙන ඒවා බෞද්ධ දර්ශනයේ අර්ථ දැක්වෙන දේශපාලන න්‍යායන් ලෙස හුවා දැක්විමට ප්‍රථම ඉහත දැක්වූ සාධකය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

Friday, September 7, 2012

වේදිකාව මත ප්‍රසිද්ධ පෙම්වතියගේ චරිතය රඟපෑ “ඔහුගේ” කතාව....... සමුදෙන්න මගේ රිදීදෝලිය


Farewell My Concubine - සමුදෙන්න මගේ රිදීදෝලිය
By - Lilian Lee

අද දින ඔබ වෙත ගෙන එන්නේ අගනා කතා කෘතීන් දෙකක් පිළිබවයි. මෙය නව කතාවක් ලෙස මෙන්ම චිත්‍රපටයක් ලෙසද රසවින්දනයේ හැකියාව පවතී. මෙම කෙටි හැින්වීම තුළින් සමස්ථ කතාන්තරයේ කථා සාරය ඔබ වෙත ගෙන ඒමට අපේක්ෂා කරන අතර නවකතාවත්, චිත්‍රපටයත් යන දෙකම අළලා පොදු හැින්වීමක් ගෙන ආවද නිර්මාණාංග දෙකෙහි අන්තර්ගතයේ යම් වෙනසක් පවතින බව ප්‍රථමයෙන් කිව යුතුය.



දිළිඳු කම හේතුවෙන්ම නව හැවිරිදි වියෙහි සිටි ෂියෝ ඩවුසි ගේ මව ඔහුව පීකිං ඔපෙරාවට විකුණා දැමිමට කටයුතු කරන්නීය. මුදු මොළොක් ආකර්ශනීය සිරුරකට හිමිකම් කී ඔහුට මෙහිදී ගැටළුවකට තිබෙන්නේ විකෘතියකින් ඇතිවූ ඔහුගේ අතක ඇිල්ලකි.

Wednesday, September 5, 2012

එදා හෙළ දිව ..... ලාංකේය සංස්කෘතියේ දුටු නොදුටු පැතිකඩ



ලංකාව සම්බන්ධයෙන් විදේශීය වාර්තා කරුවෙකු අතින් ලියවුණ දීර්ඝතම වූද, විශිෂ්ටතම  විස්තරය ලෙස මෙම ග්‍රන්තය ඉතිහාසගත වේ.

පර්යේෂණ ලිපි සහ ග්‍රන්ථ උදෙසා පාදක මුලාශ්‍රයක් ලෙසද, මහනුවර යුගයේ ලාංකේය සමාජ ව්‍යූහය අධ්‍යයනක කළ හැකි ග්‍රන්ථයක් ලෙසද, පොදුවේ යටගියාව කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නවුන් සදහා කියවීමට, රසවිදිමට හැකි අගනා ග්‍රන්ථයක් ලෙසද මෙහි ඇති වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නො‍හැත.

හුදු සාහිත්‍යයක් ලෙස නොව, වාර්තාවක් ලෙස මෙය පරිහරණය කිරීමේදී අවබෝධ කරගත යුතු කරුණු කිහිපයකි....

1. ග්‍රන්ථයේ විස්තර කෙරෙන සියලු සිදුවීම් රචකයා සිය අත්දැකීමෙන්ම අවබෝධ කරගත් හෙයින් මෙහි විශ්වාසනියත්වය වැඩිය.

2. රචකයා තමා විස්තර කරන්නාවූ සමාජ රාමුව තුළ එදිනෙදා ජිවන තොරතුරු සවිස්තරාත්මක සටහනකට ගොනු කිරිම මත තත්කාලිව වූ සාධක උකහා ගත හෙයින් වාර්තාවේ විශ්වාසනියත්වය තව දුරටත් තහවුරු වේ.

3. නොක්ස් ඇතැම් අවස්ථාවන්හිදි තමන් වාසය කළ සමාජ සංස්කෘතික වටපිටාව සමගින් එවක ලංකාවේ පැවති සමාජ ස්වභාවය සංසන්දනය කිරිමට යාම මත සුළුතරයක් වූ යම් යම් අසත්‍ය තොරතුරුද ගැබ් වේ යැයි අපකල්පයය කළ හැකිය

Tuesday, September 4, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 03


03. රාජ්‍ය කටයුතු උදෙසා රජවරු ලද බෞද්ධාගමික බලපෑම.
පූර්ව ලිපිය මෙතැනින්



මෙහිදී අවධාරණය කෙරෙනුයේ රාජ්‍ය පාලන කටයුතු අරභයා බෞද්ධ පසුබිම පාදක කොටගත් ආකාරයයි. ඉන්දියාවේ ඇතැම් ආජ්‍ය වකවානු වලදී මෙන්ම ලංකා ඉතිහාසය තුළදීද උක්ත කරුණ සනාථ කරවන අවස්ථා හමුවන බව පහත නිදර්ශන වෙත අවධානය යොමු කිරිමේදී පැහැදිලි වේ. මෙමගින් අරමුණු කළ මුඛ්‍ය පරමාර්ථය වුයේ රටේ වාසය කරන බ්‍රාහ්මණ, හිංදු, ජෛන මෙන්ම බෞද්ධ ජනයාගේද රුචිකත්වය රජු වෙත ලබා ගැනීමයි.

Sunday, September 2, 2012

Girl With a Pearl Earring චිත්‍රපටය


ඔබගේ රසවින්දනය පිණිස ඉදිරිපත් කරත ප්‍රේක්ෂක ප්‍රසාදයට පත්, අර්ථාන්විත චිත්‍රපට පිළිබද ලිපි මාලාවක තවත් එක් ලිපියක් ලෙස තෝරා ගැනුනේ.. Girl With a Pearl Earring චිත්‍රපටයයි.


Johannes Wermeer නම් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුගේ සිතුවමක් වටා කේන්ද්‍රගත වු මෙම කථාව 1665 පමණ සමාජයේ පංති භේදයත්, ගෞරවයත්, ඊට මැදිවු පුද්ගල මනෝභාවයක් අපූරු ලෙස විදහා දක්වයි. චිත්‍රපටය ආරම්භයේ රූපරාමු තුළ කථානායිකාව Grietගේ පවුල් පරිසරය, දිළිදුබව කදිමට විදහා දක්වයි. යොදාගත් සංගිතය තුළින්ද මේ බව වඩාත් ඉස්මතු වී තිබේ.

"වරප්‍රසාද ලත් ගණිකාව" හෙවත් ගේෂාව MEMOIRS OF A GEISHA චිත්‍රපටය


අද ඔබ වෙත ගෙන එන්නේ නවමු ආකාරයේ චිත්‍රපටයකි. ගේෂාව... නැතිනම් අවසරපත් ලද ගණිකාව... පිළිබද ආකාර්ෂනිය කතාන්දරයකි. MEMOIRS OF A GEISHA 

දරිද්‍රතාවයට පිළියම් වශයෙන් ඇය සහ සොයුරිය එනම් Chiyo සහ Satsu සිය පියා විසින් විකුණනු ලැබේ. මහ වැස්සක තෙමි තෙමී කරත්තයෙන් බලහත්කාරයෙන් ඔවුන් දෙදෙනා සිය නිවසින් පිට කෙරේ.

ඔවුන් ගෙන එන්නේ ගේෂාවන්ගේ වීදිටටයි. සොයුරියෝ එකිනෙකාගෙන් වෙන් වන්නේ Chiyo පමණක් එම ගණිකා නිවාසයකින් තෝරා ගනු ලැබු බැවිනි. ජලය විනිවිද දෙවන ඇගේ නෙත් හේතුවෙන් ඇය එහි සේවිකාවක ලෙස ගනු ලැබේ. ඇය එහිම විසූ තවත් ඇය වැනිම කෙල්ලක වන Pumkinයටතට පත්වේ. මෙහිදි ඔවුන් ගේෂා පාසලකට යොමු කෙරේ. නර්තනය, ගායනය ආදිවූ ගේෂාවක දැන සිටිය යුතු ඇවතුම් පැවතුම් පිළිබද මෙහිදී හදාරනු ලැබේ. ඒ Chiyo වයස අවුරුදු නවයක දැරියක්ව සිටියදිය.

Mother හෙවත් Oka-san යනු මෙම ගේෂා නිවසේ පාලිකාවයි. ඇය යටතේ ප්‍රධාන ගේෂාවක් මෙහි වාසය කරයි. මුල සිටම Chiyo මුහුණදෙන අර්බුද කේන්ද්‍රගතවි ඇත්තේ ඇය පසුබිම් කරගෙනයි. වහලියක ලෙස මෙහි ගත කළ කාලය තුළ ප්‍රධාන ගේෂාවගේ තාඩනයන්ට ලක් වන Chiyo ඇයගේ අනියම් සම්බන්ධය Oka-san හමුවේ හෙළිදරවු කළ පසු දෙදෙනා අතර ඔඩුදුවන විරසකය, ගේෂාවන් ලෙස පසුකාලිනව එකිනෙකා හඹායාමේ තරඟයට පදනම් වන මුඛ්‍ය කාරණයකි.

ප්‍රේමනීය චිත්‍රපටයක් --- Monsoon Wedding ---

Monsoon Wedding මෙය ඉන්දීය චිත්‍රපටයකි. කථාව තේමා වි ඇත්තේ නවින පංජාබ සංස්කෘතියේ විවාහ උත්සවයක් වටායි. දින කිහිපයක පමණක් තතු ඇතුළත් වන මෙම චිත්‍රපටයේ දින කිහිපයකින් එළඹෙන විවාහ උත්සවය යන සංකල්පය තුළ ගැබ් වූ කලබලකාරිත්වය මැනවින් විදහා දැක්වේ. රුපරාමු හසුරුවා ඇති විලාසය, වරිතවල දෙබස් හසුරුවා ඇති ස්වභාවය, පරිසරයේ විවිධතා, නිවසේ පිරිසගේ හැසිරිම් රටා ශිල්පියා ඉතා සාර්ථක ලෙස මේ උදෙසා උපයුක්ත කර ගෙන තිබේ.

ජීවිතයේ මුල් වරට පොලිසියට ගියෙමි


සැබැවින්ම, ජීවිතයේ මුල් වරට පොලීසියේ ගේට්ටුවෙන් ඇතුළට පියවර තැබුවෙමි.

පොලිසිය, කෙල්ලෙකුට හෝ ගැහැණියකට තනිව නොයා යුතු තැනක් ලෙස මගේ මව්තුමියත්, පියතුමාත් යම් යම් අවස්ථා වලදී පවසනු අසා ඇත්තෙමි.

අද දිනයේ අප පොලිසිය වෙත ගියේ එම ආකල්පයද සිතේ යම් තැනක රදවා ගෙනය. එහෙත් මා හට හැගුනේ එම ආකල්පයට සපුරා වෙනස් අනෙකකි.

විශේෂයෙන්ම හද කම්පා කරවන සිදුවිම් අසන්නට දකින්නට විදින්නට ලැබුණේ කාන්තා කාර්යයාංශය තුළදීය.

අප ඒ අසළ මදක් රැදී සිටිනා විට වයස 15ත් 20ත් පමණ පරාසයක යැයි සිකිය හැකි ගැහැණියක් කොරිඩෝම අසල එහා මෙහා යමින් සිටියායය. ශරීරයෙන් කිව හැකි වූයේ ඇය ලාබාල මවක් බවයි. කතා බහේදිත් හැසිරීමේදිත් ඉතා ගැමි අව්‍යාජත්මයක් සේම සමාජාවබෝධයෙන් හිනම වු තැනැත්තියක් බව පෙනී ගියේ ඇය කෙරෙහි අප තුළ අනුකම්පාවක් ජනනය කරමිනි.

නවමු ආකාරයේ චිත්‍රපටයක් අද ඔබට ‍ගෙන එමි the japanese wife


චිත්‍රපටය ‍මෙතැනින් ගන්න

ඔහු ස්‍‍නේහ‍මෝයි, ඉන්දියානු‍වෙකි. ඇය මියැගි, ජපන් කතකි. ඔව්හු ආදරවන්ත‍යෝ ‍වෙති. නමුදු කිසි දිනෙක එකි‍නෙකා මුන ගැසි නැත. ඔවුන්ගේ ආදරය ගලා යන්නේ ලිපි මගිනි. ඔහු සිය ‍බෙංගාල සංස්කාතිය වචනයක් නෑර ඇයට විස්තර කරයි. ඇයද එසේමය. ඒ අයුරින් ඔවුන් එකිනෙකාගේ හැඟීම් හුවමාරු වේ. චිත්‍රපටය ආරම්භ‍යේදී ඔහු විසින් පැව‍සෙන, ඔහුට ‍තෙවතාවක් මැලේරියාව සෑදී ඇතැයි යන්නත්, නමුත් ඔහු ඉන් මිය නොගි‍යේය යන්නත්, චිත්‍රපටයේ පසු අවස්ථාවන් පිළිබඳ ඉඟි සපයයි.


The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 02

02. බෞද්ධ දේශපාලන සංස්ධාව ලද බ්‍රාහ්මණික බලපෑම.
සිදුහත් කුමරා ජන්ම ලාභය ලැබූයේ ක්ෂත්‍රිය කුලයේයි. තවද තත්කාලින සමාජ සම්ප්‍රදායට අනුව ඔහු ලද අධ්‍යාපනයේ පදනම දැමුණේ මතු රාජ්‍යත්වය අපේක්ෂිත රජ කුමරෙකුට උචිත අයුරින් බව පශ්චාත්කාලින සාහිත්‍ය විමර්ශනයෙන් උපකල්පනය කළ හැකිය. තවද එම ක්‍රි. පු. හය වන සියවස යනු බ්‍රාහ්මණික බල වර්ධනයේ උච්චතම අවස්ථාවක් බව පිළිගැනෙන සාධකයකි. බුද්ධත්වය හෝ බුද්ධ භාෂිතය පිළිබඳ ප්‍රචලිතතාවක් නොතිබුණු උක්ත යුගයේ, 
  • රාජ්‍ය අනුශාසක ධූරය 
  • අධ්‍යාපනික කාර්යය භාරය 


ආගමික අංශය 


ආදී වූ කාර්යයාංශ රැසක්ම පැවතුණේ බ්‍රාහ්මණයන් යටතේ බන පෙනි යයි. එසේ හෙයින් සිදුහත් කුමරු ලද මුලික අධ්‍යාපනය සැලකූ කල්හි එය තත්කාලිනව පැවති සාම්ප්‍රදායික රටාවට අනුකූල වන්නට ඇති බව සිතිය හැකිය. බෞද්ධ දේශපාලන සංකල්පයන්ට යම් තරමකින් හෝ බ්‍රාහ්මණික ආභාසය ලැබුණිද යන්න මෙනිසා අවධාරණය කළ යුතුය. ශ්‍රාස්ත්‍ර මෙන්ම, ශිල්ප යටතේ හැඩගැසුන එකී අධ්‍යාපන ක්‍රමය යටතේ ශාස්ත්‍රාවබෝධයෙන් පුළුල් වූද ධනු ශිල්පය,

Saturday, August 18, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප)


  1. හැඳින්විම

"දේවෝ වස්සතු කාලේන

සස්සසම්පත්ති හෝතුච

පිතෝ භවතු ලෝකෝච

රාජා භවතු ධම්මිකෝ "

  බෞද්ධ දේශපාලන සංකල්ප හැඩගැසුනේ ධම්ම සංකල්පය මුල් කර ගෙනය. උක්ත ගාථාවේ අවසන් පදයෙන් අරුත් ගැන්වෙන පරිදි,  රජු ධාර්මික විය යුතු යැයි පැවති පසුබිමට සම්මත වු හේතුවද එයයි. යම් සමාජයක සංවිධිත ව්‍යූහය ගොඩනැගෙනුයේ එකී සමාජයේ පාලන කේන්ද්‍රස්ථානය පදනම් කර ගනිමිනි. රජු පත්කර ගනු ලබන්නේ මහජනයා විසින් වන අතර එහෙයින් රජු, මහාසම්මත වු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. තවද එහෙයින් ඔහු දිව්‍යමය බලයකින් සැම අතින්ම තොර වු, මනුෂ්‍යයන් අතරම පහළ වූ, මනුෂ්‍යයන් අතරින් තෝරා ගනු ලැබූ හුදු මහජන නියෝජිතයෙක් පමණක්ම විය. බෞද්ධ දේශපාලන දර්ශනයේ මුලික හරය ප්‍රජාතන්ත්‍රවාදය බව මෙහි ඉදිරියට සඳහන් කරන කරුණු අනුව ගම්‍ය වනු ඇත. නුතන දේෂපාලන දර්ශනයේත් වැදගත් සංකල්පයක් සේ පිළිගැනෙන දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා ලෙස පුරවැසියා සැලකිම බෞද්ධ දේශපාලන දර්ශනයෙන්ද සනාධ වේ.

Thursday, August 2, 2012

අතීතාවර්ජනා 1 - පළමු පෙම්වතා



ජිවිතේ මුල ඉල සිද්ධ වෙච්ච දේවල් කල්පනා කරද්දි මම කොයි තරම් දුරක් ඇවිල්ලද කියල මට පුදුම හිතෙනවා. ඊටත් වඩා පුදුමයි දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතපු සියයක් දහසක් තත්පර ගණන් මම ගෙවල තියෙනව නේද කියල ආයෙමත් හැරිල බලද්දි. ගෙවුණු අවුරුදු ගණන තුළ කොයි තරමක් නම් පිරිමින් මගේ ලෝකෙ හොල්මන් කළාද? එයාල ගැන මම හිතපු වාර අනන්තයි. ආදරේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම දැන් මේ හිතන්නෙ මම දෙන උත්තරය මොකද්ද කියලා. කැපකිරිම්ද? පරිත්‍යාගයද? ආශාවද? ඇල්මද? බැීම්ද? ______ මේ මොන මගුලද ආදරේ කියන්නෙ කියල මට හිතාගන්න බැ. ඒත්, වචනයට කියනව වගේ මම ආදරේ කළා. මගේ මතකය අංශුවෙන් අංශුව ගෙවිල යමින් පවතින මේ වෙලාවෙ මම උත්සහ කරන්නෙ මට මතක හැමදේම මේ කොළ අහුරු අතරෙ ගොණු කරන්නයි. ලියන්න මතක් වෙන්නෙම ආදරේ... ආදරේ... ආදරේ... මමවත් නොදන්න, ඒත් මම හැමදාම හැමෝටම කරපු ඒ අකුරු අතරෙ අරුත....

Tuesday, July 31, 2012

සඳ කින්නරාවි



කිඳුනියේ
කිඳුනියේ
මුසපත්කරන්
මන්මත්කරන්
මා හද රසවත්කරන්

සිලි සිලියෙන් පිනි මල් වැසි ඉසිනා
මේ රාත්‍රියේ
යුග පා තබන්
මිනි මෙවුලන් සලන්
මා සිත තුට වඩන්

Sunday, July 29, 2012

අළුත් මනාළි


රාමු කරන ලද පින්තුරවල ඇති දූවිල්ලක්ද නැතිවුණත් මම පිහදනවා. යුතුකමක් වගකිමක් ලෙස හෝ පිළිවෙතක් ලෙස නිරන්තරයෙන් නිරතවිය යුතු, සැබැවින්ම පිළිවෙත් යැයි කිව හැකි වූ දේවල මට දැන් තියෙනවා. පැයක් පාසා දිනපතා සතිපතා මාස්පතා.... මින් පසු වසරක් පාසා දිග්ගැස්සෙන එදිනෙදා කාරණා. සීලිමේ පංකාව කැරකෙන දිහා මම ටික වෙලාවක් බලන් හිටියෙ අපේ ඩෙඩින් ෆොටෝ එකත් දූවිලි පිහන රෙදි කෑල්ලත් දෙකම එකට අල්ලගෙන. අපේ පැත්තෙනම් ‍ෆෑන් ඕන නෑ. ගිනිකාස්ටකේට පෑවුවත් ගේ ඇතුළ සීතලයි. අපේ ගෙදරට පහළින් පුංචි ඇළ පාරක් ගලන් ගිය නිසාත් කෙහෙල් වත්තක්ම එහා පැත්තෙන් තිබුණු නිසාත් ගස් වදුල නිසාත් අමුතුවෙන් හුලං ගහගන්නවත් සිකලක්වත් අපිට කවදාවත් ඕන කළේ නෑ.

Saturday, July 14, 2012

අග්නි



වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... පරිසර වර්ණනය නම් කරන්න අමතක වුණා. සාමාන්‍යයෙන් කතාවක් පටන් ගද්දි ගඟක් ගැන, කුරුල්ලො ගැන, කුඹුරක් ගැන, ඉර හරි හඳ හරි ගැන පොඩිපහේ වැණුමක් කරන එක සිරිතනෙ. මම හිතුව වෙනස් විදිහකට පටන් ගන්න. වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... ඇයි ඉතිං පරිසර වර්ණනයක්. මේ වගේ සුන්දර ගැහැණියක් උදේ පාන්දරින් කරන්න තියෙන දාහක් වැඩ කන්දරාවක් දඩිබිඩියෙ ඉවර කරල ඔෆිස් එකේ ඇතුල් කාමරේ පඩි ටික නැගගද්දි එයාගෙ හිතේ තියෙන සැනසිම... හැමදාම වගේ අදත් සමන්මලී එද්දි මම හිටියෙ පොතක් කියව කියව. ඒත් එයා මගේ ළඟට එන බව මට දැනෙන්නෙ ඉවෙන් වගේ. මම සමහරදාට සමන්මලී එන දිහා හොරෙන් බලාගෙන ඉන්නව ඇති කියල මට හිතුණෙ එයාගෙ ලස්සන ගැන එයා එක්ක මම කියද්දියි. පුරුදු විදිහටම එයා මගේ ගාවට ඇවිත් හිටගත්තට පස්සෙ මම පොතෙන් මූන උස්සලා එයා දිහා බැලුවෙ කියවමින් හිටි පිටුවටවමතේ දබරඟිල්ල තද කරගන්න ගමන්.

“හායි සුදා.. ගුඩ් මෝනිං. අද මොකෝ කලින්ම...”

“කලින්ද? කීයද වෙලාව.. නැගිටිද්දි හය උනා අනේ. උයල බබාව වොශ්කරල කවල ටක්ටක් ගාල ලෑස්ති වෙලා දුවගෙන ආවෙ.”

Wednesday, July 11, 2012

කන්‍යාවී....


බිහිකළා ඔහු
අපුර්ව වූ
කන්‍යාවියක්...
දශමයෙන්
දශමයට
සැලකිල්ලෙන්
නොහෙලෙන ඇසිපියෙන්
අවධානයෙන්
අවධාරණයෙන්
ගොඩනැගුවා
ඇය,
ඔහු
ඔහු වෙනුවෙන්ම...
එත තැනක
එක විදිහකට

සමුගැනිම



“හෙලෝ.. ආ කොහේද ඉන්නෙ?”
“අනේ බං උඹ ආවද? මම තවම ඔෆිස් එකේ..”
“හරි මට ගෑස් වගේ . උඹ එනකන් මම බත් එකක් කන්නම් . සිටි සෙන්ට එකට වරෙන්.”
“හරි හරි හලෝ මම මෙහෙන් දැන් පිටත් වෙනවා. ඉක්මනින් එන්නම්.”
“හ්ම්. මම සිටි සෙන්ට එකේ සරසවියෙ ඉන්නවා. වරෙන්.”
“ඕකේ. බායි.. බුදුසරණයි..”
“බුදුසරණයි..”

මම ඔෆිස් එකෙන් පිටත් වෙද්දි මහ වැස්සක් පටන් අරන්. මේ වැස්සෙ මාළිගාවෙ යන්නෙ කොහොමද කියල හිත හිතා මම එළියට බැස්සෙ. ඔෆිස් එක ගාවම ටිකක් එහාට ගියාම නුවරට බස් එක ගන්න පුළුවනි. හෑන්ඩ් බෑග් එකත් එල්ලන්, ඒ අතින්ම මම සාරියේ රැළි ටික එක අතකට කරල උස්සලා අල්ල ගත්තෙ පාරෙ මඩ වලින් මගේ අලුත් සාරිය බේර ගන්න ඕන නිසා. අනිත් අතින් ඉහලගත්තු තුඩෙත් එක්ක මට විනාඩි ගණනක් බස් එකක් එනකත් ඉන්න වුණා.. කරුමෙ, හදිසි වෙලාවටමයි බසුත් නැත්තෙ.. චිරී...ස් ගාගෙන මහ හයියෙන් යන වාහන රෝද වලින් විසි වෙන වතුරමල් නිසා මගේ සාරිය පරිස්සම් කරගන්න දරපු වැයම අත් හරින්න සිද්ද වුනේ හරිම ඉක්මනින්. නොදකින් විතරක්.. මුන් හිතන් ඉන්නෙ මුන් සක්කරය වගේ යන්න ඕන කියල වෙන්න ඇති රෝද හතරක නැගල හතර අතින් වහ ගත්තම.. මේ මගුල් බස් අද නැත්තෙ ඇයි මංදා... වෙලාවට සීටිබී කට්ටක් ආව නිසා මම කුඩෙත් අකුලන්න හදන ගමන්ම බස් එකට ගොඩ වුණා.. පඩිය‍ට ගොඩ වෙන කොටම බස් එක ඉක්මනින් ඇද්දුවේ මගේ කුඩේ පස්සට ඇදිල යන හුළං පාරට අහුවෙන අතරෙමයි.

Tuesday, July 3, 2012

පාර දිගේ මගේ ගමන


හරියට කුරුලෑ පිරුණු මිනිහෙක්ගෙ මූනක් වගෙයි අපේ පාර ඉස්සර. තැනින් තැන උස් පහත් වෙච්ච වලගොඩැලි, ගැලවුණු කළුගල් කැට. සමහර වංගු වල වැලි දාලා හෝ වැලි රුදිලා. ඒ තැන් වලින් යද්දි මගේ දත් ටික හිරි වැටෙනවා දැන් වැටෙයි දැන් වැටෙයි වගෙයි ඒ වැලි පාරෙ පරිස්සමින් අඩිය තියන්නෙ. මම හරි ආසයි පාරෙ යන ගමන් ගල් කැට වලට පයින් ගහන්න. කොල්ලන්ට වගේ ඉලක්කෙ බලල ගහන්න මට පුළුවන් වුනේ කාලයක් තිස්සෙ ගල් කැට සිය දහස් ගණනකට පයින් ගහල ගහල ගහලම හුරු වුණාට පස්සෙ. සමහර වෙලාවට එකම ගල් කැටේට දිගටම පයින් ගගහ පාරෙ ලොකු දුරක් අරන් එනවා. ගල් කැටේ අම්මයි තාත්තයි පුංචි ගල් කැටේ නැතිව දුක් වෙනවා ඇති... ඒත් මට මොකෝ.. හරිම කරුමයක් මේ පාරෙ යන එක. කදු පල්ලම් කදු කදු පල්ලම් කදු... කෙලවරක් නැ... කන්දක් නැලග කන්දක් බහිද්දි ආය කන්දක්.. සිය දහස් වර හිතිං සාප කළා මම මේ කැලෑවම හොයන් ඇවිත් මෙහෙ පදිංචි වුණු ආච්චිටයි සීයටයි, ගෙයක් නැතිව බින්න බැහැපු තාත්තටයි.