හැමදාම මහ
බරපතල කතා කියන නිසා අද අළුත් විදිහට හිතට දැණුනු දෙයක් කියන්න කියල හිතුණා. ඒ මගේ
පුංචි මල්ලියා ගැන. මට අද වගේ මතකයි පුංචි රෝසපාට ගුලියක් වගේ ෆැනල් වලින් ඔතාගෙන
එයාව අපේ ගෙදරට මුලින්ම වඩම්මවපු දවස. එදා හරිම තදින් වැස්ස. අම්ම බබාව හම්බවෙන්න
ඉද්දි ඉස්පිරිතාලෙට යද්දිත් හයියෙන් වහිනවා. පුංචි පුළුං බෝලෙ ගෙදරට ගෙනෙද්දිත්
තදේට වහිනවා. ගෙදර ආව ගමන් අපි එයාට නමක් දැම්මා... “වැහි කුමාරයා“.
බබාව ගෙදර
ගෙනල්ලා ඇද උඩින් තියලා අම්ම ගියා. මම එයා ගාවින් හෙළවුනේවත් නැ. ලගට වෙලා අල්ල
අල්ල හිටියා. හරිම ලස්සනයි. චූට්ටං. රෝස පාටට හුරුයි මගේ චූටි මල්ලි පැටියා. ඒත් එක
පාරටම එයා අඩන්න ගත්තා. මම දන්නෙ නැ මක් වුනාද කියලා. මම කලබල වුනා. බලද්දි එයාගෙ
එක ඇහැක් උඩ කද රතු පාට වෙලා. මම හොදටම බය වෙලා කැ ගැහුවා. අම්මලත් බයේ දුවගෙන
ආවා.















