Thursday, April 19, 2012

පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් සහ Ahar සංස්කෘතිය

01
හැඳින්විම

දක්ෂින ආසියාවේ ඇතිවු වර්ධනියම ශිෂ්ටාචාරය ලෙස හරප්පා සභ්‍යත්වය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. දැනට ශේෂ වී ඇති තත්කාලීන නශ්ටාවශේෂ විමර්ශනයේදීද පෙනී යන්නේ ඉතා දියුණු නාගරික සංස්තෘතියක් උක්ත ශිෂ්ටාචාරයේදි හඳුනාගත හැකි බවයි. නමුත් පශ්චාත් හරප්පාන් සමය පිළිබඳව විමසා බැලීමේදී ඉහත ලක්ෂණය එකී ක්ෂේත්‍ර අනුසාරයෙන් කෙතෙක් දුරට ස්ඵුට වන්නේද යන්න විවාදාත්මක ප්‍රපංචයක් ලෙස දැක්විය හැකිය. මන්ද යත්, ක්ෂේත්‍ර ගණනාවක කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් පශ්චාත් හරප්පන් වකවානුව ප්‍රතිනිර්මාණය කළ හැකි බොහෝ සාධක දැනට අනාවරණය වි ඇති හෙයින් ඒ පිළිබඳ පැහැදිලි අර්ථ විවරණයක් මේ වන විට ලබා දීමේ හැකියාව පැවතීමයි.

කෙසේ වෙතත් පශ්චාත් හරප්පන් යුගයේ හමු වන ජනාවාස “ග්‍රමීය සංස්කෘති” ලෙස හැඳින්වීම මතම ඒවා කෙබඳු ආකාර වූයේදැයි ඉඟියක් ලබා ගැනිමේ අවස්ථාව ඇත. එසේ හෙයින් පශ්චාත් හරප්පානු සමය සැලකූ කල්හි එය නාගරික ලක්ෂණවලින් වියුක්ත වූ ග්‍රාමිය ලක්ෂණ වඩා වර්ධිත වකවානුවක් ලෙස පැහැදිලිවම හඳුනා ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම පෙර පැවති දියුණු නාගරික ශීෂ්ටාචාර ලක්ෂණ මේ වන විට පිරිහි ගොස් නාගරිකත්වයේ පරිහාණිය සනිටුහන් කරන්නා වූ ඊට පූර්වයේ පැවති ග්‍රාමිය තත්ව යළි ස්ථාපිත වන බව හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

විශේෂයෙන්ම ගංගා නිම්න ආශ්‍රිත ප්‍රෙද්ශයන්හි මෙකි ජනාවාසවල විස්තීරණයක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බැවින් සම්පත් කලාප උපයුක්ත කොට ගෙන ඒවා ස්ථාපිත වු ආකාරය හඳුනා ගැනීමේ හැකියාව පවතී. තවද මෙකි සමාජවල තිබූ මධ්‍ය ශිලා සංස්කෘතියේ කැපි පෙනෙන තාක්ෂණික දියුණුවක් මෙම සංස්කෘතීන් තුළින් නිරීක්ෂණය කළ හැකිය. උක්ත ලක්ෂණ පැහැදිලිව අර්ථකථනය කළ හැකි ග්‍රාමීය සංස්කෘතියක් ලෙස රාජස්ථාන් ප්‍රදේශයේ පැවති Ahar සංස්කෘතියේ ලක්ෂණ උපනිශ්‍රයෙන් එම සංස්කෘතික විශමතා අර්ථකථනය කළ හැකි ආකාරය මෙම නිබන්ධනයේදි අවධානයට ලක්වේ.

01:01
පශ්චාත් හරප්පන් සංස්කෘතින්

පශ්චාත් හරප්පන් යුගය සැලකූ කල්හි එක් ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වටා ගොනු වු සමාජ වෙනුවට පුළුල් ප්‍රදේශයක පැතිරී ගිය (යම් තරමක් හුදෙකලා වු) තනි සමාජ ඒකකවල ස්වරූපයක් හඳුනා ගැනිමේ හැකියාව ලැබේ. දැනට පිළිගැනීම වන්නේ ක්‍රි.පූ. 1750දී පමණ සින්ධු නදිය කේන්ද්‍ර කොටගෙන ගොඩනැගුණු ශිෂ්ටාචාරයේ බිඳවැටිම සිදුවු බවයි. පසුව එම සභ්‍යත්වයේ නටඹුන් මත කුඩා කුඩා සංස්කාතීන් පහළ වූ බවට පුරාවිද්‍යා සාධක ලැබේ. මෙම ප්‍රාදේශීය සංස්කෘතීන අල්පායුෂ්ක වු අතර ඒවායේ දක්නට ලැබෙන්නේ සීමිත ව්‍යාප්තියකි (අලහකෝන් 1968). මෙකි පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් භූගෝලීය වශයෙන් ප්‍රදේශ කිහිපයක් යටතේ ගොනු කරයි.
ආසන්න  බටහිර සංස්කෘතිය
(රානාඝුන්ඩායි iv හා v, Shahi Thump, Trihni Ware, Cairn Burials, Londo Ware)
බටහිර පංජාබයේ සංස්කෘතිය
(H සුසාන භූමිය)
සින්ධු ප්‍රදේශයේ සංස්කෘතිය
(Jhukar, Jhangar)
ගංගා නිම්න සංස්කාතිය
(Copper hoards, Ocher colored ware)

01.01.01
ආසන්න බටහිර සංස්කෘතිය

මෙම සංස්කෘතීන් අතුරින් ඇතැමක ආරම්භය සනිටුහන් වන්නේ හරප්පා ශිෂ්ටාචාරයටත් පෙරාතුවයි. ඒ අතරින් එකක් ලෙස රානාඝුන්ඩායි පෙන්වා දිය හැකිය. පශ්චාත් හරප්පන් සමයෙහි ලා ගැනෙන මෙහි iv අවධීය ඇති වන්නේ හරප්පා නටඹුන් මතයි. මෙම අවධියේ මැටි මෙවලම් ඊට පූර්ව අවධියට වඩා වෙනස් වන අතර රළු බවකින් යුක්ත විම විශේෂ කරුණකි. ගින්නෙන් විනාශ වූ බව සිතිය හැකි, iv අවධීයට පසුව හමුවන v අවධීයේ මැටි මෙවලම්හි සිතුවම් දක්නට නැත. තවද මෙම සංස්කාතියේ ලක්ෂණ උක්ත ප්‍රදේශයට පමණක් සිමා වීම (අලහකෝන් 1968) සහ ඉහත කී කරුණු සැලකීමේදී පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංසකෘතින් පිළිබද යම් අවබෝධයක් ලබාගත හැකිය.
තවද ෂාහි තුම්ප් (Shahi Tump) හි සුසානය පශ්චාත් හරප්පන් යුගයෙහිලා සැලකේ. තත් කාලීන භූමදාන ක්‍රම පැහැදිළිව අවබොධ කරගත හැකි මෙහි ආකාර දෙකක භූමදාන සාධක පිළිබිඹු වේ.
අස්ථි භූමදානය
‍සුසාන ද්‍රව්‍ය පමණක් භූමදානය
මෙම සාධක උපයුක්ත කොටගෙන පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් විවරණය කිරීමේ හැකියාව පවති. සොහොන් තුළින් හමුවන
  • මැටි භාණ්ඩ
  • ශීලා
  • පබලු
  • තඹ සහ ලෝකඩ ආයුධ
  • මුද්‍රා
  • ශිලා මෙවලම්

ආදිය අධ්‍යයනයෙන් තත්කාලීන ආයතනමය අංශ ප්‍රතිනිර්මාණය කළ ඇකි වනවා සේම, එසමයේ ඔවුන් සතු වූ තාක්ෂණයේ ස්වභාවයද අධ්‍යයනය කිරිමේ හැකියාව පවතී.

මෙහිදී සාකච්ඡාවට ප්‍රස්තුත වන සංස්කෘතිය අධ්‍යයනයේදී ට්‍රීනි මැටි මෙවලම් (Trihni Ware) ද වැදගත් වේ. Lal Chhato, Lohri, Shan Hasan, චන්හුදාරෝ ආදී ස්ථාන වලින් හමුවූ මේවා අධ්‍යයනයෙන් පශ්චාත් හරප්පන් ග්‍රාමිය තත්ව පිළිබද පැහැදිළි අවබෝධයක් ලබාගත හැකිය.

මෝගල් ඝුන්ඩාහි කවාකාර වැටි සහිත භූමදාන (Cairn Burials) හා ලොන්ඩෝ මෙවලම් (Londo Ware) සැලකීමේදීද පශ්චාත් හරප්පන් ග්‍රාමිය සංස්කෘතීන්ගේ තාක්ෂණික පසුබිම, සමාජ ව්‍යූහය ආදීවූ ලක්ෂණ රැසක් ලබාගත හැකිය. මෙහිදි පැහැදිලිවම හරප්පානු තත්වයට වඩා සපුරා වෙනස් ආකාරයක් පිළිබිඹු වේ. තවද මෙම මැටි මෙවලම්හි නිරූපිත අශ්ව රූප අධ්‍යයනයෙන් ඒවා වෙනත් සංස්කෘතීන් සමග දක්වන සබදතා අධ්‍යයනයටත්, ඒ ඒ සමාජවල පැවති සුවිශේෂීතා අධ්‍යයනයටත් හැකියාව ලැබේ. තවද වැදගත්ම සාධකයක් වන්නේ ලොන්ඩෝ මැටි මෙවලම් අධ්‍යයනයේදී යකඩ භාවිතය කළ බවට සාධක ලැබිමයි. උක්ත කරුණු විමර්ශනයේදි පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන්ගේ යම් යම් අංශ වර්ධනය උදෙසා විදේශ බලපෑම ලැබුණිද? එම සංස්කෘතීන් විදේශ සංස්කෘතීන් සමග අන්තර් සබදතා පවත්වා ගත්තේද? යන සාධක අධ්‍යයනය වැදගත් වේ.

02
Ahar Culture
(අහාර් සංස්කෘතිය)

වත්මන් ඉන්දියාව තුළ හමුවන පැරණිතම කැල්කොලිතික සංස්කෘතියක් පැවති ස්ථානයක් වශයෙන් මෙම ක්ෂේත්‍රය සුවිශේෂී වැදගත්කමක් දරන බව ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. එසේම Banas නදිය ආශ්‍රිතව ව්‍යාප්ත විම මත Banas Culture යන නමින්ද හදුන්වයි. මෙම නදිය පාදක කොටගෙන ගිනිකොන දිග රාජස්ථානයේ Ahar සහ Gilund නමින් කැල්කොලිතික ‍ක්ෂේත්‍ර දෙකක් හදුනාගෙන තිබේ (Chakrabarti, 1995).

02.01
ක්ෂේත්‍රයේ පිහිටීම

කතියවෝර් සිට 300 km ගිනිකොන දිග ප්‍රදේශයට වන්නට, අරවල්ලි ප්‍රදේශයට නැගෙනහිරින් Banas නදිය මුල් කරගෙන මෙම ක්ෂේත්‍රය පැතිරී ඇත (Allchin, 1996). එසේම මෙය වත්මන් රාජස්ථානයේ Udaipur දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට හදුනාගත හැකිය. එහිදි මීට වසර 4500කට ප්‍රථම කාලයකදී මෙම සංස්කෘතිය පිළිබද සාධක දක්නට ලැබෙන අතර කාබන් කාලනීර්ණ අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ ක්‍රි.පූ. 3500 - 1800  දක්වා කාල පරාසයක් තුළ මෙම සංස්කෘතිය පැවති බවට සාධක ලැබේ (www.india-today.com).
විශේෂ වැදගත්කමක් ලෙස දැක්විය හැකි වන්නේ ගංගා නිම්න භූමියක් පදනම් කරගනිමින් මෙකී සංස්කෘතිය ව්‍යාප්ත වී තිබිමයි. ඒ අනුව ජනාවාස පිහිටුවා ගැනීමේදී මෙම ජනයා ජල මූලාශ්‍ර වෙත ප්‍රධාන අවධානයක් යොමු කළ ආකාරය පෙනී යයි. තවද, දැනට පාකිස්ථානයේ පවතින හරප්පා සභ්‍යත්වයට යම් තරමක් සමීපස්ථව ‍උක්ත සංස්කෘතිය පැතිරී ගිය ක්ෂේත්‍රය දක්නට ලැබෙන බැවින් එම ප්‍රදේශද්වය අතර සබදතා පැවතියේද යන්න කෙරෙහි, මෙහි පිහිටීම අනුව විමසා බැලීමේ හැකියාව ලැබේ.

තවද කැල්කොලිතික සාධක හමුවන ඉන්දීය ප්‍රදේශ ලෙස Udaipur වලට අමතරව Chitorgarh, Bhilwara, Ajmer, Jaipur, Tonk in Rajasthan, Mandasore in Madhya Pradesh ආදී ස්ථාන නම් කළ හැකි අතර Udaipur හි Ahar ක්ෂේත්‍රය වැදගත් වන්නේ පැරණිතම සාධක හමුවීම මතය.
Ahar ක්ෂේත්‍රය පිළිබද දක්වන්නේ නම්, මෙහි ග්‍රාමීය ප්‍රදේශ අනූවක පමණ එම සංස්කෘතික සාධක හමුවී ති‍බෙන බව දැක්විය හැකිය. රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ Ahar ප්‍රමුඛව වැජඹුණු බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබේ. මෙහි ව්‍යාප්තිය දෙස බැලීමේදී නැගෙනහිර අරවල්ලි සානුවල සහ Banas ගංගාව දිගට මෙන්ම එහි අතු ගංගාවල මෙම ක්ෂේත්‍රය පැතිරී ගිය බවට සාධක ලැබේ.වත්මන් රාජස්ථානයේ,
Udaipur
Chittorgarh
Dungarpur
Bhiwara
Rajsamand
Bundi
Tonk
Ajmer
ප්‍රදේශ ආශ්‍රිතව වර්ග කිලෝමීටර 10,000ක පමණ භූමි ප්‍රමාණයක මෙම සංස්කෘතික සාධක දක්නට ලැබේ. මෙකී ක්ෂේත්‍රවල පැතිරිම අනුව ගිනිකොණදිග රාජස්ථානයේ සහ මධ්‍ය ප්‍රදේශ් ආශ්‍රිතව මෙහි ව්‍යාප්තිය පෙනී යයි (www.india-today.com).

02.02
chronology
කාල නීර්නය

වර්තමාන උදායිපූර් ප්‍රදේශයෙන් හදුනාගනු ලබන මෙම සංස්කෘතිය මීට වසර 4500ක පමණ ඉතිහාසයකට අයත් බව පැවසේ. කාබන් කාලනීර්ණයන්ට අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ 3500-1800 B.C. සමය අතර කාල පරාසයක් තුළ Ahar සංස්කෘතිය පැවති බව පිළීගැනේ. Mewar හි පළමු අදියරයන් හරප්පානු යුගයටත් වඩා ර්‍පර්ව කාලීන වීම සැලකිය යුතු ලක්ෂණයකි (www.india-today.com).
පොදුවේ ගත් කල්හි, Ahar සංස්කෘතිය යුගකරණය අනුව හරප්පානු වකවානුව හා සම කාලයට මෙන්ම ඊට පසු කාලයටද අයත් වන බව පෙනී යයි (Allchin, 1996). තවද, කෙසේ වෙතත් මෙම යුගද්වය,
Proto Historic - 2600-1500 B.C.
Early Historic - 500-300 B.C.
ලෙස වර්ගීකරණයට ලක් කොට තිබේ. මෙහිදී කැල්කොලිතික අවස්ථාව ලෙස හදුනාගන්නේ පෙර කී පළමු යුගයයි. එය, හමුවන මැටි මෙවලම් මත නැවත වර්ගීකරණයකට ලක් කොට තිබේ.
1A - 2600-2150 B.C.
1B - 2150-1950 B.C.
1C - 1950-1550 B.C.
උක්ත කාලනීර්ණ පදනම් කර ගනිමින් සහ Ahar හි කැණීම්වලින් හෙළිවන සාධක භාවිතයෙන් මෙම සංස්කෘතිය හරප්පා සභ්‍යත්වය සමග සබදතා පැවැත්වීද යන ගැවළුව මතු වී ඇත. මෙහිදී උපයුක්ත වන කාලනීර්ණ ක්‍රම සැලකීමේදී,
සාපේක්ෂ කාලනීර්ණය
නිරපේක්ෂ කාලනීර්ණය
යන අංශද්වයම භාවිත කළ හැකිය. මීට එක් නිදර්ශනයක් ලෙස මෙහිදී සදහන් කළ හැක්කේ Dish on stand එනම්, ආධාර තැටි මත ඇති දීසි මෙම සංස්කෘතියේද හමුවීම මත හරත්තානු ආභාසය මෙයට ලැබුණිදැයි පරීක්ෂා කිරීමේ හැකියාව පැවතීමයි.

02.03
Ahar හි මැටි බදුන්

 Ahar හි Proto Historic යුගය එහි හමුවන මැටි බදුන් අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙන බව ඉහතද දක්වන ලදී. එනම්, 1A, 1B, 1C යනුවෙනි. මෙම සංස්කෘතියට ආවේණික මුඛ්‍ය ලක්ෂණයක් ලෙස කාල රක්ත මැටි බදුන් -  BRW (Black & Red Ware) පෙන්වා දීමේ හැකියාව ලැබේ (Chakrabarti, 1995). එසේම රේකා සහ තිත් මෝස්තර සහිත සුදු පැහැයෙන් සැරසිළි කළ BRW ද මෙහිදී දක්නට ලැබෙන වැදගත් සාධකයකි.
තවද,
Cream Slipped Ware (with black painting)
Red Slipped Ware
Buff Ware
Blotchy Grey Ware
Jorwe Ware
Red Ware
යනාදී මැටි මෙවලම් මෙහිදී දක්නට ලැබේ (Chakrabarti, 1995). එසේම පෙර දක්වන ලද සුදු පැහැ සැරසිළි සහිත කාල රක්ත මැටි මෙවලම් මෙම සංස්කෘතියේ උක්ත ප්‍රධාන යුගත්‍රයෙහිම හදුනාගත හැකි සාධකයකි

Comments
1 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

1 comment:

  1. කියවන්න කැමති ගොඩක් දේවල් තියනවා වගේ.ජංජාලෙ වේගෙ මදි.ආපහු ඇවිත් කමෙන්‍ටුවක් දාන්නම්.

    ReplyDelete

 
There was an error in this gadget