Friday, December 30, 2011

රහස




ඔහුත් මමත් තනි වූ
සඳෑවක
මා වමත
ඔහු දෙතොල
මෙලෙක ස්පර්ෂ කළ බව
කීවා
පිටි අල්ල
උණුහුම් කළ
සුසුම...
ගතිමි අත්ලෙන්
මුවට
ඒ රස
හොරෙන්ම ඔහුට....
ඇස් ඇරන්
බලා හිඳිනා
අන්ධකාර රාත්‍රීන්
ගනනාවකට හොරෙන්ම
තැවරුවා
ප්‍රථම හාදුව
මා
සියොළඟම
ස්පර්ශ කළ
අත්ල....
ඔහුත් නොදන්නා
ප්‍රථම හාදුවේ
රහස....
Comments
5 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

5 comments:

  1. හාදුවක් ලැබුනාම එහෙම දේවල් සිද්ද වෙනවද.අත්දැකීමක් නැහැ.

    ReplyDelete
  2. ප්‍රථම හාදුව පුරා වෙලී ඇති සිසිලස දැනෙන්නෙ එය වින්ද අයෙකුට පමණි.

    සිතිවිල්ල අපූරැයි.

    ReplyDelete
  3. මේ බ්ලොග් අවකාශෙ වැඩිපුර හමුවෙන්නෙ නිකම්ම සක්කපද සහිත තවි.ඒ අකර ඔබේ කවි හරිම අපූරුයි.විශේෂයෙන් කළු හංස ධේනුව බොහොම අපූරු කවියක්.දිග ගමනකට සුබ පැතුම්!

    ReplyDelete