Wednesday, April 24, 2013

HONDA



සතියේ පස් දිනම
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන

කාපට් මග මතම
නුරාවෙන් ඔඩුදුවන
ඇඟිලි හතරක සෙල්ලම

දෙවටොරෙන් දෙවටොර
බදා කිටි කිටියෙම
මැයි මාර වැට දිගට
පැද්දෙමින් ලතාවට
යන ගමන් අසරු අත
කලවා මිරිකුමක

පිට දවන අව් රැසට
ඔච්චමක් කර කර
වැව් හුලං තාලයට
තානමත් අල්ලගෙන
දකිමි මම පහු කරන
මද මඩින අසරු අත

ලොකු පාලමේ වංගුව
ගිල්ල පසු එක වරම
ඇස් පුරා නලියපු
පුරුදු සිතුවම්පටය
නිතැතින්ම ගිලිහෙන
හීල්ලුම හුළගේ හැර
හනි හනික පියනගමි
බොරළු කැට ගැන ගැන

Comments
17 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

17 comments:

  1. ඩබල් මිනින්ග් වගේ :D

    ටිකක් නම් තේරුණා :)

    ReplyDelete
    Replies
    1. සමහරවිට කෙලින්ම කියල ඇති.... :) සේරම තේරෙයි

      Delete
    2. තේරුණා තේරුනා .. :D හිතුව දේ තමා කියල තියෙන්නේ

      Delete
  2. ම්ම්ම් ඇස ගැටෙන වින්දනයක්

    ReplyDelete
  3. අක්කා... මේවායේ අරුත් පැහැදිලි කලානම් පංකාදු පහයි!

    ReplyDelete
    Replies
    1. අනේ එතකොට ගතියක් නැනෙ...... මුහුණූ පොතට මැසේජ් එකක් එව්වොත් කියන්නම්

      Delete
  4. සැර වැඩියි ද මන්දා

    ReplyDelete
    Replies
    1. ලියපු අනික්වට වඩානම් සැර බාලයිද මංදා.......

      Delete
  5. විඳිති දෙපලම ඔවුන් අනඟ රඟ හැකි ලෙස
    බල කරයි සියොලඟම ඉල්ල ඉල්ලා පුරුදු සැප
    නොමැත හොන්ඩාවක්, අඩුම ලෙස පැදියක්වත් පා
    හූල්ලනවා මිස කරනු වෙන කුමක්.

    ReplyDelete
    Replies
    1. පුරුදු ඒ සැප නුපුරුදු ලෙසටම
      ගතින් නොව මුළු සිතින් විඳ විඳ
      හොන්ඩාව මතු නොව සහයද නොමැති සඳ
      ඇස් පුරා පුරෝගනු වෙන කුමක් කරන්නද

      Delete
    2. සුපිරියි ඈ.. එළ.... ඔය වගේ දෙතුන් දෙනෙක් වත් හිටියොත් ලොකු රික්තයක් පුරවන්න පුළුවන්.. ජය වේවා

      Delete
    3. ස්තුති වේවා කීවා......!!!

      Delete
  6. හැමෝටම පෙන්න ඔහොම හැසිරෙන එක හරිද මන් අහන්නේ :D

    ReplyDelete
    Replies
    1. වරදක් නොපෙනේ... නැවත වරක් කියවා බලන්න ("මොකක්ද" හිත පසෙක ලා... )

      Delete
    2. අනේ මංද ඉතිං නේද............... ^_^ ??????

      Delete