Tuesday, May 14, 2013

෴තුන්පත්රෑන෴






සුපුල් විලේ කෙළිනා සිරි රුසිරාන
රැසින් දිලේ පළඳා පිනි සිලිලාර
වතින් සැලේ දිය ඒ විල දඟපාන
කෙනරිඳු ඇය ගැබ දරනා බිසවාන

පිනි වැස්සක්
තුස වැඩුමක්
ළඟ ළඟ එන
පුතු වැඩුමක්

පුතුන් පුරා වොරැඳී මන පොබයන්නී
සොඬින් පියුම් නෙළලා වත සරසන්නී
තුටින් කුංච නද දී දිය රඟදෙන්නී
වතින් අරා හැඟුමින් හිමි සනහන්නී

මහ වනස්පතී
පෙරමඟ බලතී
කිරි හඬ ගෙනෙනා
වස්සානෙ එතී

වසක් යවා කුස හොවලා බිළිඳාන
මෙරක් පුරා පැතුමන් පිරි විපුලාන
රැයක් ගෙවා කඳුලැල් මැද සිරිආන
තුටත් වඩා වී අද තුන්පත්රෑන



සමහර වචන නොතේරෙයි කියලා හිතෙන නිසා සහ සුලභ භාවිතයේ නොමැති නිසා,,,,, පදරුත් සඳහා

සුපුල් - ඉතා හොඳින් පිපුණු
රුසිරාන - ලස්සන මුහුණ ඇත්තී
සිලිලාර - දිය
කෙනරිඳු - හස්ථියාගේ ගැහැණු සතා
මෙරක් - මහාමේරුව
විපුලාන - ඉමහත්
සිරිආන - සතුටින් යුත් මුහුණ
Comments
23 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

23 comments:

  1. අදනං වදන්වල තේරුමත් එක්කම...

    ReplyDelete
  2. සාහිත්‍ය නේ අනේ ඕවා වැඩිය තේරෙන්නේ නෑ

    ReplyDelete
  3. සිත්තරීගෙ කවි පබැඳීමේ හැකියාව ගැන නම් කියලා වැඩක් නෑ. අනික අර තාල දෙකකට මාරුවෙන් මාරුවට.

    ReplyDelete
  4. ඇත්තට තුන්පත් රෑනේ කෙනරට පැටියෙක් හම්බුනාම ඒක සිව්පත් රෑන වෙනවාද? මටත් පිස්සු තියෙන්නේ. අක්කාගේ නිර්මාණය රස විදින්නේ නැතිව වෙන දේවල් හොයනවා.

    ReplyDelete
    Replies
    1. නෑ අනේ පැටිය ලැබුණමයි තුන්පත් රෑන වෙන්නෙ

      Delete
  5. ඒක නං හොද වැඩක් සිරාවටම.. පද නිරුක්ති සපයන එක.. ගින්දර සහ පුළුන්.. ජය වේවා...

    ReplyDelete
  6. මේක නම් නියමයි..ලස්සනයි..නියමෙට පද ගලපලා..වචන ගලපලා...
    වෙනදා වචන අනුමාන කරලා හිතනවා..ඒත් දැන් එහෙම හිතන්නන ඕනේ නැ..මම නම් ඒකට කැමති නැ..ඒත් බහුතරය කමති නිසා ඔන්න මමත් ඡන්දය දෙනවා. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි පහළින් තේරුම් දැම්මෙ. ආය බලද්දි පහළ බලන්න එපා ඈ..... කරන්න දෙයක් නෑ ගොඩක් අය තේරුම් ඉල්ලනවනෙ :)

      Delete
  7. ඔයාගේ ඩික්ෂනරිය සුපිරි වචන වලින් වගේම මැක්සා අදහස් වලිනුත් පරිපුර්නයි.

    ReplyDelete
  8. ගැටපද විවරණය අගය කරනවා...
    ඔයාගේ කවි ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ ඉතින්...

    ReplyDelete
    Replies
    1. :) වැඩි දෙනාගෙ ඉල්ලීම නිසා දැම්මා.....

      Delete
  9. තාල මාරුව නම් නියමෙටම තියනවා....

    ළඟ ළඟ එන
    පුතු වැඩුමක්

    ඒ වචන ටික නම් මරු...මට හිතුනේ මධ්‍යම පාන්තික අම්මා කෙනෙක්ගේ පලවෙනි අත්දැකීම කියලා.....

    ReplyDelete
  10. ෂහ් ලස්සනයි බොහොම මේක
    රස වින්දා ගොඩක්
    මේ වාගේ කවි අහන්න දකින්න ලැබෙනව බොහොම අඩුයි දැන්

    ReplyDelete
  11. කවිය නම් සම්භාව්‍ය සාහිත්‍යයෙන් පිරිපුන් ආයෙ තේරුම් පද වල අරුත් නොල්ව්වත් වටහාගන්න පුළුවන්

    ReplyDelete
  12. බොහොම ස්තූතියි.... වැඩිදෙනාගෙ නිරන්තර ඉල්ලීම මත වචන වලට අර්ථත් දාන්න සිද්ධවුණා

    ReplyDelete
  13. අපූරුයි බොහෝම ලස්සනයි.කෙනරිදු කියන වචනය නම් අලුත්...))

    ReplyDelete