Thursday, May 2, 2013

නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය




අකල්හි හෙන හඬින් වට

මුරුගසන් අසනි වැස්සට
තෙමී හේබා වී ‍බොල්ව
කිරෙන්ද ‍නොනැමි
නෑඹු‍ලේ වියැටය
අවසන් ස්වප්නය දකිනු රිසි
මිහි මවුන් සිප ගැන්මක



ඉකි‍යෙන්ම පෑරුණු

ස්පන්දන කම්පනයෙන්ද දෙදරණ
සත් ‍සො‍ළොස්කඩ කඩව
විසිරි ‍පෙති එක් කරනු නුහුණුව
නොකල්හි පුබුදු කළ ‍නෙළුම
මලසුනකටද අපුලව
වියපත් මල් අතර මුල්ලක


ඉතිං අහවරයි ඒ

මුරුගසන් වැසි ටව
අ‍ගෙයි ඉන් නැගි ‍ඉන්ද්‍රචාපය
--------------------------------
ඇගේ මිස වරුසා‍‍වෙ වරදද 
බලන් අර ‍ගො‍හොරුව
කිරි ‍නොවැදි වියැටය
නොකලට පිබිද වූ කැකුලිය


Comments
4 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

4 comments:

  1. ගොඩක් සැරයක් කියවන්න උණා අක්කේ හරියටම තෝරාගන්න. ලස්සනම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. sthuthi
      cmnts nathi weddi matath hithuna therenna nathuwa athi kiyala. :)

      Delete
  2. ගේය පද රචනයක් කොරන්නත් බැලුවනං හෙම..

    ReplyDelete
    Replies
    1. අනේ මංදා... මට බැරිම දෙයක් ඒ.....

      Delete