Friday, May 3, 2013

පතකි නිදිකුම්බා


රමණය.... එය සැමටම උරුමද? එසේයැයි කිව නොහැක. මන්ද රමණයේ උත්කෘෂ්ට සන්තුශ්ටිය තබා ස්පර්ශයේ උණුහුම නිය තුඩගටදු නොදැනෙන ඇතැම්හු අප අතරම වෙති. හැබෑය... ඒ අල්පතරයකි. නොගිණිය හැකි ගණනකි.... නමුදු ඔබ, ඔහු හෝ ඈ වී තමන් දෙස බැලුවාද....? යම් දිනෙක ඔබත් ඒ නොගිණිය හැකි අල්පය අතරට ආවේ නම්...... වැඩිමනත් යමක් නොකියමි... දෙනෙත් පියා ඔබටම සිතන්නට ඉඩ හරිමි. 




සුළඟද වෙව්ලුවන නිදිකුම්බා කුසුම
නොමවෙමි හැකිල ගුලිවන පත වෙමිය මම
දෙඅදර තෙතින් ගත සුලලිත වෙනු කෝම
මුළුගැන්වී නිදමි නැත රති සුව උරුම

නොබා පහස
මලානිකව
මලවි සිහින
සුන් වී ඇත

සිහින් සරින් සුසර කරන කෙනෙකු ඇති
ලංව හිඳුම එක්ව වෙළුම අකැප වෙති
පහස විඳින සැනින හැඟුම නිදනු ඇති
නොපිදි කුසුම තනි මංසල ඉකි බිඳිති

බුරා නැගෙන
නුරා ගින්න
නිවනු නොහැක
පැන් අකැපය

දෙතොලට දෙතොල දී මධු රස උරා බොන
දිවගින් කරන දඟයෙන් ගත පුබුදු වන
ඇරයුම් හාදු මදිරා සිත මත් කරන
හිමි නැත කවුළු ඇහිරී වත හැකිල යන

සදාකල්ම
කටුව තුළම
වැතිර නිදන
බෙල්ලෙකි මම

සිතිවිලි උකස් කර තනිකම මාරු වෙති
සිඳි රති වියරුවෙන් හැඟුමන් සින්න වෙති
ගත හිරු කැන් කුසුම පුබුදනු හිරු නොමැති
නොබිඳුණු පතිනි වෘතයක් ඇත හිමි නොමැති


ගැටපද විවරණය
            හිරු කැන් කුසුම - සූරියකාන්ත මල
           
මං ආදේශ කරපු පදයක් නිසා තේරුම දැම්මෙ. අනික්වා තේරෙනව ඇති. සමහරු දැන් කියයි අපරාදෙ අර්ථ දැක්කුවේ කියලා. ඒත් එහෙම කළේ, ගොඩක් අය කියනව සමහර මම ලියන ඒව තේරෙන් නැහැ කියලා.... J ඒකයි හොඳේ අර පුංචි සටහන. දැන් කවුරුවත් ඒකෙ තේරුම අහනව එහෙම නෙවෙයි ඈ..... 
Comments
15 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

15 comments:

  1. සෑහෙන අර්ථවත් නොවැ

    ReplyDelete
  2. අපුරු නිර්මාණයක් !!!

    ReplyDelete
  3. අක්කගේ ලිපි වල 100% තේරුම් ගන්න මට තව සාහිත්‍ය ඉගෙනගන්න වෙනවා වගේ :p .. අක්කගේ හැකියාව :) වගේම මගේ නොහැකියාව .. :/

    තේරුණා තරමින් "අපි පොඩි වැඩි"

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා.. අපි උත්සහ කරමු
      මමත් තවම අංකුරයක්

      Delete
  4. ලැජ්ජ හිතෙනවා වගේ මට....

    ලස්සනයි..ලස්සන උපමා..වචන...ඒත් ඵල කිම?
    නොවැටහේ මට..
    තේරුම වැරදි විය හැකිය මගේ...

    ReplyDelete
    Replies
    1. ඵලය අස්ථිරත්වය
      අනිත්‍යතාව
      දුක

      Delete
    2. අස්ථිරත්වය
      අනිත්‍යතාව
      දුක

      පෙන්නේ නැ නේ...

      Delete
    3. නිකන් පේනෙන් නැ... බලන්න ඕන හොඳට. පෙනෙනවට පෙනෙන දෙයක් නෙවේ බලනවිට පෙනෙන දෙයක් ඇති.... (සමහරවිට)

      Delete
  5. ඔන්න අර මම කියන සිත්තරි අක්කාගේ නැගී සිටීමේ ස්වභාවය. හරිම නොදැමුණු ගතියක් තියනවා. ඒක අක්කටම ආවේණික එකක්.

    ReplyDelete
    Replies
    1. දමනය වෙලත් බෑ සමහර අවස්ථා වල :)

      Delete
  6. සංවේදී වගේම යථාර්තවාදී මාතෘකාවක්...මෙහෙම අය අපි අතර ඉන්නවා...අපි නොදැන...තේරුම් නොගෙන....

    ReplyDelete
    Replies
    1. පල‍වෙනි ‍කො‍මෙන්ටුවද මංදා....... :)

      Delete