Tuesday, May 7, 2013

ඊළඟ පැය තෙක් දෑස් මානගෙන



කසිකබල් වහළෙට
ඔරොත්තු නැහැ වැස්ස
හිල් වෙච්ච ටකරමේ
ඉරාගෙන ඉටිකොළ අණ්ඩ
සාස්පාන් පුරෝගෙන
දෝරෙ ගලනව වතුර
බිමත් බොඳ කරගෙන
හිතත් තෙත් කරගෙන



හිරිකඩත් කපාගෙන
මහ හුළඟ දබරෙක
පැල අහසෙ අද්දගෙන
සාරි තිර සෙල්ලමක

උණේ තද ගිණියමට
හීතලත් මුක්කු ගහගෙන

පැදුරු එලලත් ඉවරයි
බුදියන්න වෙන්නෙ හිටගෙන
කකුල් හිරි වැටුණත්
ඉතිං මක්කරන්නද
ගනින් පොඩි එකී කරට
බිම දපයි කිරා වැටිලම

කුණු ඇළ පිටාරෙද
බලාපන් මේ කළු වතුර
අර කුසුමලැයි පැලත්
ගිහිල්ලලු අද හවස
හිටීවිද පැයක්වත්
වහලෙත් වැස්ස අල්ලාන

අනේ ජේසුනි
සුවර්ගෙ අපිට තහනම්ද
අහන්නෙනම් නෑ එහෙම
තිබුණොතින් ඇති
ඇස් පියවෙන පැයට
නිවීහැනේ ඇලවෙන්න

හදිසියේ හිතට ආපු සිතිවිල්ලක්... හිතුණ මගේ සිතිවිලි ගොන්නට එක් කරන්න ඕන කියලා. ඒ නිසා අමතක වෙන්න කලියෙන් දිනපොතේ කුරුටුගාපු කටුසටහන මේ විදිහට මගේ සිතිවිලි ගොන්නට එකතු කළා හැමදාම තියෙන්න
Comments
2 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

2 comments:

  1. ලස්සනයි අක්කේ

    ReplyDelete
  2. බීපු කසිප්පු කාලෙට තව කාලක් විතර දාගත්තනම් මේ වැස්සෙම බස් සෝල්ට් එකක් හෝ පාලමයක් යට නිදාගන්නට තිබුනා...

    ReplyDelete