හීං දං
බෝවිටිය
එරමිණිය ගාල මත
පැටලි පැටලී රැඳුණු
අතීතය සොයමි මම
පැටලි පැටලී රැඳුණු
අතීතය සොයමි මම
නිතර ආ ගිය
මගේ
බොරළු කැට ඉලිප්පී
පරණ මතකය මැදින්
හැඳින මා සිනාසේ
බොරළු කැට ඉලිප්පී
පරණ මතකය මැදින්
හැඳින මා සිනාසේ
අපේ සෙල්ලම්
බිමේ
අර මහා ගල් කුලේ
අදත් ගිට විට එහේ
වවුල් සර සර නැගේ
අර මහා ගල් කුලේ
අදත් ගිට විට එහේ
වවුල් සර සර නැගේ
ඔටුණු කොස්කොළ අපේ
පොළෝ පස් වී තිබේ
පොල් පිති හරක් බැඳි
ගහත් මියැදී ඇතේ
පොළෝ පස් වී තිබේ
පොල් පිති හරක් බැඳි
ගහත් මියැදී ඇතේ
මල් පිරුණු
අරලියා
ගහත් අද කණාටුය
ඒ යටම බිම නිදයි
ගිලන් වූ යෞවනය
ගහත් අද කණාටුය
ඒ යටම බිම නිදයි
ගිලන් වූ යෞවනය
පෙණ පිරුණු රළ
සැඟව
සිඳුණු දිය කඩිති මත
නදී සළු පිළි නැතිව
ගල් පරය නිරුවත්ය
සිඳුණු දිය කඩිති මත
නදී සළු පිළි නැතිව
ගල් පරය නිරුවත්ය
පෙඳ පාසි
ඉරිතැලූ
බදා කළුගල් කුළු
කියාලයි වියැලුණූ
අතීතය මිලින වූ
බදා කළුගල් කුළු
කියාලයි වියැලුණූ
අතීතය මිලින වූ
සඳත් නොවඩින
රැයේ
කොළ හැලුණු බෝ ගහේ
දලුත් නැති වියලි අතු
ලෝ දහම සිහි කළේ
කොළ හැලුණු බෝ ගහේ
දලුත් නැති වියලි අතු
ලෝ දහම සිහි කළේ

11 Comments


අතීතය ගැන කතා කරනකොටත් ඇඩෙනව...
ReplyDeleteමටත්...... විටෙක...... :(
Deleteඅතීතය සිහිනයක් පමණයි බං..
ReplyDeleteඒත් ඒ හීනෙ මාත් හිටියනෙ බං
Deleteඅතීතය ගොඩක් වෙලාවට කඳුලක් විතරක්මයි..
ReplyDeleteඔවු... ඒ අපි කවදත් වර්තමානය ෆැන්ටසියක් කර නොගන්නා නිසා නේද?
Deleteලස්සනයි.
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteමොනවද මේකය කියන්නේ .... ආපහු කැඳවන්න බැරි අතීතයක්....
ReplyDeleteඔවු..... මිටිකරගත් අත් අතරින් ගලා යන කාලයක්
Deleteආවා ඔන්න
ReplyDelete