නෙත් පියා විවර වන ඇසිල්ලක
හරි අමුතුයි වෙනස් වෙන හැටි ලෝකෙම
ගියා අද කාලෙකට පසු ඉස්සර
අපි දිග මැනපු පාරෙ තනියම
ඔබ හුරු කෙරූ ගමන් තාලෙට
මහ අමුතුයි මතක නෑ අඩි තියන්නට
ගල් බොරළු වල ලස්සන දැක්කට
අද කොහෙදෝ ගිහින් ඒ හැඩ
කොහොම යනු පෙර තාලෙට
මිත්තාවෙ මැයි මල්
එදා වගෙමයි අදත්
ඒත් නෑ එහි රත තවත්
කීවා වගේ ඔය මූන රතු කරන්
'ඔය කතාවට බලන්න අර මලුත් ලැජ්ජාවෙන්'
බිම බලාගෙන ඒ එදාඑමයි
මේ ගහ යටදි... ඔවු ඒ මෙතැනමයි
එළිමහන් රඟහලේ
පසුපසම ආසනනේ
පොඩි මුල්ල අල්ලන්
තෙතබරිව රෑ හිරිකඩෙන්
ඔය දෙතොල් තෙත් හාදුවෙන්
රස කළ විටදි ලැජ්ජාවෙන්
වැටුණා රොබරෝසියත්
ඔබට සහයෝගයෙන්
එදා වගෙනම් නොවේ
ඒ අරුම හාදු වංගුවේ
වක තවත් වක්වී
කවයක්ව කැරකී
අද මමත්
පරිධිය හොයනවා ඒ හාදු රවුමේ
ගෙම්බා කැන්ටිමේ
අපේ ඒ පෙම් මුල්ලේ
යුවළක් නිදැල්ලේ
ඒ අපි උන් තැනේ
ඉස්සර අපිටයි වෙන් වුණේ
සිහි කළේ නැතත් ආයාසෙන්
එකට එක ඇමිනීමෙන්
මතකය නැගෙයි රිද්මෙන්
ගල් අඟුරු මාවතෙත්
නැති දූලි උඩ යවමින්
අපේ තැන් ඉදිරියෙම
එදා උන් පංතියෙම
අපි උන් තැන් බලාගෙන මම
ඔබ සිටිය ඒ පුටුවෙම
සිනා කටකි දෙන ඇරයුම
කාලයක අරුමය
ඔය දෙතොල් තෙත් හාදුවෙන්
ReplyDeleteරස කළ විටදි ලැජ්ජාවෙන්
මාරයි නේ... :)
මාර නෑ මාර නෑ කාලෙ ආවම කට්ටිය ආපිට කියාවි :)
Deleteආසයි නේ
ReplyDeleteබයයි අනේ :)
Deleteමට ඇරුණේ නැති සරසවියේ දොර ඔබට ඇරුණු දවසේ
ReplyDeleteවැව් කණ්ඩිය උඩ වෙච්චි පොරොන්දුව ඇයි උඩු හුලගේ ගියේ...
:( ඒවා හිතා මතා නෙවේ,,, ඉබේ වෙන දේවල්...... :(
Deleteමතකය ආදර මං පෙත සුපිරි කාලෙකින් ආපහු සිත්තරිව යංතමි දකිනෙමි
ReplyDeleteමෙන්න මේ තිරකඩ හොඳින් ඈත් කර යහමින් බලාගන්න ^_^
Deleteහාදු වංගුව :ඩී
ReplyDelete(සීරියස් කමෙන්ටුවක් දැමීමට නොහැකි වීම පිළිබඳ කනගාටුව)
ඔවු එතන හොල්මනක් ඉන්නවලු... :)
Deleteඅතීතය සිහිනයක් පමණයි. මතක් කර කර සතුටු වෙන්න පුළුවන්.
ReplyDeleteකෝරලේ වලව්ව
ඒක ඇත්ත... ඒ සිහිනය කවදාවත් මිය යන්නේ නැහැ.... වේදනාවෙත් සතුටක් ඉතිරි වෙනවා
Deleteලස්සනයි....හුඟක් සමීප තැන් ගැන මෙහෙම කවි දකිද්දි හරිම අමුතුයි....
ReplyDelete:) ස්තූතියි යාලු
Deleteමේ කවිය කොහොමත් ලස්සනයි. හේතුව ගලා යන ආඛ්යාදන සන්දර්භයක් තියෙනවා. දෙවැන්න කැම්පස් එක දන්නෙ නැති දැකල නැති දකින්නේ නැති කෙනෙක්ට වුනත් මේකෙන් ගොඩාල් ලොකු චිත්ත රූප ගණනාවක් මැවෙන්න පුලුවන්. ඒත් ප්ර්ශ්නෙ තියෙන්නෙ එතන නෙමේ. මම දකින විදියට ගොඩක් කවියෝ අද සමාජයේ බිහි වෙනවා. වැඩක් නැති කවි. එහෙත් කැම්පස් එකේ කාලෙ බලද්දී ඒ දවස්වල ඔබ කවි නොලිව්ව තරම්. ඒ හින්දා දැන් බලනකොට ඉතා ඉක්මණින් කවිය කියන දේ දියුණු කරන් කියලා මට හිතෙනවා. සන්දර්භය හරි. කාව්යාත්මකභාවය හරි. ඒත් කෝ කවියෙ කියන දේ දාර්ශනික මෙවලම්. උදා හැමෝම කියනවා අම්මා බුදු වෙන්න කියලා. ඒක හැමෝම කියන දෙයක්. ඒත් මම දැක්කා එක කවියෙක් කියනවා ‘‘අම්මා බුදු වෙන්න නම් එපා. අම්මා බුදු වුනොත් මං කොහොමද අම්මාගෙ පුතා වෙලා ඉපදෙන්නෙ? කොච්චර ලස්සනද කියලා ඔබම හිතා බලන්න. දැන් යමු තිළිණිගේ කවිය වෙත. මේ දාර්ශනික අදහස් තියෙනවද ඒ කවිවල? අත පාත ගාලා පනින හැටියක් මට පේනේනෙ. මේ කවියෙන් මට තේරුනේ සරසවි පේරේමයක්. ඉතින් කාලය වෙනස් වෙනව වගේ ඒකත් වෙනස් වෙලා.
ReplyDeleteඑළිමහන් රඟහලේ
පසුපසම ආසනනේ
පොඩි මුල්ල අල්ලන්
තෙතබරිව රෑ හිරිකඩෙන්
ඔය දෙතොල් තෙත් හාදුවෙන්
රස කළ විටදි ලැජ්ජාවෙන්
වැටුණා රොබරෝසියත්
ඔබට සහයෝගයෙන්
කියන එකෙනුයි පේරේමය කියන දේ ගැන අදහස් වෙන්නේ. හැබැයි තිළිණි. ලස්සන රිද්මයක් තිබුනට බලන්න පොඩ්ඩක් හැම පෙම්වතෙක්ම පෙම්වතියක්ම කියන දේම ඔයත් ලියල තියෙන්නෙ. ඔයාට කියන්න බැරි ඇයි මේ පේරේමය නිසා අත්දකින කවුරුත් නොදකින පැත්තක්. නිකං මේ තරම් සියුමැලිද කලුගල් වැනි ගීතයක ඇති දාර්ශනික ප්ර්ස්තුතයක්. අපි හිතන්නෙ කලුගත් හයියයි හිතන්න බැරි දෙවල් කියලනේ. සාමාන්යන කවියෙක් ඒක ඒ විදියටම ලියයි. හැබැයි බලන්න මේ කවියා කියන දේ. මට නම් ඒ සින්දුව අහද්දී හාට් එක පිච්චෙනවා වගේ. කලුගල්වලට හිතන්න බැරි නම් කොහොමද බුදු හාමුදුරුවන්ගේ රූපය අවුකන බුදු පිළිමෙට ආවේ
මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
මේ පොඩි පේලිවලින් ගොඩන දාර්ශනික ප්ර්ශන ගොඩයි. එක කලුගල්වලට හිතන්න පුලුවන්. දෙක කලුගල්වලට හිතන්න සැලැස්වූයෙත් කලුගලක් යැයි කියල කලා කරුවමයි. තුන අපි බුදු පිළිමයක් දැකල ආනේ බුදු හාමුදුරුවන්ගේ කරුණාව කියල සමවැදෙන කාරණය. අපේ උපාසක අම්මලා නම් භාවනත් කරනවා. ඒක හොදයි. හේතුව නිර්මාණයේ විශිෂ්ටභාවය නිසානේ එහෙම වෙන්නෙ. හැබැයි මේකෙන් මතු කරන ගොඩක් ලොකු දර්ශනය ගැන බලන්ත. අපි බුදු පිළිමෙ ගැන හිතුවට කලාකරුවාගේ නිර්මාණත්වය ගැන හිතනවද? ඉතින් කිවිදිය දැන් මා අදහස් කරන දේ ඔබට තේරෙනව ඇති. මේ නිර්මාණය බුදු පිළිමයක් ගැන කිව්වට අපේ දර්ශනය අරන් යන්නේ කලාකරුවාගේ ලෝකය හා ප්රේමය කියන දේට. මාරයි. ඉතින් තවත් මං කැමතිම කවියක මෙහෙම තිබුනා. ලොකුම හිනාවක් ගැන කියන දෙයක්. ලියනගේ අමරකීර්තී කියන කවියා අපිව ගෙනියන්නේ අවුරුදු උත්සවයක් සහිත වටපිටාවකට. ලොකුහ හිනාව කියන තරගෙ ගැන අපිට කියනවා. දෙවැන්න ලොකුම බොරුව. පොඩි දුක්පත් ළමයෙක් ස්ටේජ් එකට නැගල කියනව අපේ ගෙදට්ට ලයිට් ගත්තා කියලා. ඒක ඇත්තටම බොරුවක් වෙන්නේ නිර්දන පන්තියේ කතාකිරීමේ සද්දයයි. එහෙත් ඇහුම් කන් දෙන ධනපති විනිශ්චය මණ්ඩලය හිනාවෙන්නේ ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් නිසා. මේ කවිය දර්ශනයක් වෙන්නේ ලොකුම බොරුව ලොකුම ඇත්තක් වෙන නිසයි. දෙවැන්න ලොකුම හිනාව වගේ ව්යානජ විනිශ්චය මණ්ඩලය කරන හිනාව. තුන් වැන්න මේ යථාර්ථය දැකල අපේ හදවත් කම්පාවෙලා විනිශ්චය කාරයින්ට දෙන බුද්ධිමය හිනවා. දැන් පේනවද දර්ශනයේ ලස්සන. ඔබගෙ කවියෙත් මේවා තියෙනවා නම් ගොඩක් ලස්සන වෙයි නේද? නිකං පොඩ්ඩක් අර වූස්වල ගැන ලියපු කවිය හිතන්න. ඔයා පටන්ගන්නෙම එදා වූස්වල එහෙමමයි කියලා. ඒක සාමාන්ය හැමෝම ලියන්න පුලුවන් දෙයක් නේද? හැබැයි ඔයා කියනවා ඒ වූස්වල එදා වගේම තමා. ඒත් මොකකින් හරි දේකින් වෙනස් වෙලා. මොකක්ද ඒ. අන්න ඒක කියන විදියෙන් දර්ශනය හා කවියෝ සෝභාව මතු කරන්න පුලුවන්. ඉතින් කවියා කොහොමද ඒක ලියන්නෙ. පැහැදිලිවම වෙනස් විදියට හිතන්න ඕන. දයාබර තිළිණි දැන් ඔයා හුරු කරන් තියෙන කවි මෙවලමට භාෂාවට ලස්සන ගලා යන ආකෘතියට දර්ශනය දාන්න. කවිය කොච්චර ලස්සන වේවිද? අනිත් අයට වඩා කවියෙ වෙනස් කම් දකිනවා. දිගටම ලියන්න. දැන් බඩ ගිනියි. කුස්සියට ගිහින් මැගී එකක්වත් හැදුවෙ නැත්තං ජීවත් වීමේ දර්ශනයට ගෑස්ටික් හැදෙනවා. එහෙනම් නැවත හමුවෙමු. ටටා
මං පිල්ලුවා
පිල්ලු.....
Deleteබොහොමත්ම ස්තුතියි මේ දුන්නු විචාරයට... ඒක මට මහමෙරක් තරම්. දන්නවද, ඔයාල ලඟ නැති නිසා මගේ නිර්මාණාත්මක බවත් මොට්ට වෙලා වග දැනෙනවා... හරි දුකයි. අපි අපිට මිට වඩා ලං වෙලා හිටියනම් හොඳ දේවල් බිහි කරන්න පුළුවන් වේවි.
මම එයාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනි බොහොමත්ම වටිනා අදහස් ගොඩක් මට දුන්නට. විශේෂයෙන්ම මාව නව දැක්මකට යොමු කරවන්න මේ අවවාද ගොඩක් ප්‍රයෝජනයි.
අනික මං දන්නවා ඔයාගෙ ලැප් එකෙන් සිංහල කොටන්න මොන තරම් අමාරුද කියලා. එහෙව් අපහසුතා මැද්දෙ මගේ නිර්මාණ ටික කියවලා මේ විදිහට දීර්ඝ අදහසක් දැක්විම ගැන මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා....
ඒ වගේම මම හීන දකියනා ළඟ ලඟම දවසක අපිට ආයෙම මුන ගැහෙන්න පුළුවන් වෙනවා අවුරුදු තුනක කාලයක් ආයෙමත් විනෝදෙන් ඉන්න....
කාලා එන්න
ටටා