එක මගක එකවිටෙක එකටම
පැටලි පැටලී ගිය අපූරුව
සිහිනයක සිතුවම්පටකි අද
මැවි මැවී බොඳ රුවෙන් මතුවන
යන්න ඇති බෝ දුරක අද මට
වාරුවට හිටි සුරත නැතිවම
උණුහුමට උර දුන්නු උර තල
යන‘තරෙක ගිය මගක තනිවම
තනියට තනිය දුන් ඔබේ රුව
නැති අඩුව මහ මෙරක බර ගෙන
නොදැනෙන්නෙනම් නැතිය අද මට
හිටියාට මහ කන්දක හයිය ගෙන
නිමක් නෑ රැය නෙතග දෑලට
සැතපුණේනම් මිහිතලය මත
ලදළු පුබුදියි කඳුළු රස ගෙන
හ්ම්ම්.... සිතුවිල්ල නම් ලස්සනයි
ReplyDeleteලස්සනයි අදහස..
ReplyDeleteලස්සනයි
ReplyDeleteහොදයි....
ReplyDelete