රාධා රාධා
දොර ඇරපන්
මං උඹේ
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා... දෙකේ
කාසියෙන්
ජනෙල් පියනට
තට්ටුවක
හොරට නිදි
අඩනින්ද
පිළිකන්නට
පලවා හැර
කරුණා...
කසිප්පු බණ්ඩාගේ
හීන් දාඩියෙන්
මුව දෝවගෙන
පැයට - බීඩි
සීයේ වේගෙට
හුරු අත
නුහුරු කර
වේගෙට
ඇඟිලි දුවවන
රාධා
දොර පොල්ල හා
දබරයක
හනි හනික
ඈ
වැදුනි
වදුලට
ක්‍රිෂ්ණා
එල්ලූ
බුලත් කොළය
සොයා
බණ්ඩාගේ
කසිප්පු මතට
ගොරොද්දේ ඇද
ඇද
බුදි විකාරෙම
හීන එක්ක
පොරබදන
සයිමාගේ
පඳුරු වේසිය
බණ්ඩාගේ
රාධාව
හඳ එළියේ
දිරච්ච අතු
උඩින්
මිනිත්තු දහයට
- එක බීඩියේ වේගෙට
දැන්
ලන්දේ
ඌරාලැගි
ගල මත
විල්ලුද සයනයට
හොර ගල්
ඇහිලුමක
හරිම අගෙයි ඔබේ ම ආරකට නැවුම් නිර්මාණයක්.......
ReplyDeleteබොහොම ස්තූතියි.... :)
Deletehmmmm....godak meken kiyana de..mata terun natah...amuti....harima agei,,,sittariyeee
ReplyDeleteස්තුතියි :)
Delete