Thursday, January 10, 2013
දැනුණා......
දැනුණා......
ඔහුගේත් ඇයගේත් ඇයගේත් ඇයගේත් ඔහුගේත්....
තව කී නොකී සහසකගේත්
දහඩිය පුළුටු ගඳ
ඒ අතට මේ අතට
හැරෙන්නට ඉඩ නැතිව
මිරිකි මිරිකී
තැලි තැලී පොඩිවී
එකට එක වෙලී
එක රොත්තට
එක මිටියට
හැරෙන්නට ඉඩ නැතිව ඇඹරෙන
ඔහුගේත් ඇයගේත් ඇයගේත් ඇයගේත් ඔහුගේත්....
තෙල් බේරී ඇලී ඇලී තැවරෙන
කුණු දූල තෙත රැඳුන
දාඩිය පුළුට
තැවරුණා සියොළඟ
කාර්යයාලය නිමාවේ
බසයේදී..................
Subscribe to:
Post Comments (Atom)
කාව්‍යමය ගුණාංග ගිලිහිලානේ.......
ReplyDeleteඋත්සහ කරන්න වෙනව මුල ඉඳන්...
Deleteදැන් ලියන්න බැහැ මට ඉස්සර වගේ
දහඩිය...රටේ ජිවය.....
ReplyDeleteඅනිවාර්යයෙන්ම.....
Deleteඅපිට පොළොවෙ පය ගහල ඉන්න වෙනව සිත්තරී
ReplyDeleteඅමාරුම වුණත් නොකර බැරි කාරණේ...........
Deleteඔන්න සිත්තරී අක්කේ ජයග්‍රාහී 100 වෙනි හඹා එන්නා මම වුනා.. ;)
ReplyDeleteසාදරෙන් පිළිගන්නවා :)
Deleteඉව් ......................................
ReplyDeleteජීවිතේ දුක මිස සැපක් කොයින්ද.. කවිබස නම් ගිලිහිලා වගේ මටත් දැනෙනවා
ReplyDeleteලියන්න ආයෙමත් විවේකයක් ඕන හිතන්න.....
Deleteසිතිවිලි සිඳිලා ගිහින්......
අදහස් නැහැ ලියන්න :(
වෙනද තරං ප්‍රණවත් ගතියක් නෑනෙ o.O
ReplyDeleteසලකා බැලියයුතුයි මං ගැනම ආයෙම........
Deleteහැමෝගෙන්ම මේ අඩුපාඩුව ගැන නැවත නැවත කියවෙන නිසා...
ස්තූතියි යාලුවනේ.. උත්සහ කරනවා ඇල්මැරුණු සිතිවිලි පණගන්වන්න