උදා දිනකර
නැගී ඇඟ මැලි කඩා පිබිදුන යාමයක
දුටුවා මම මගේ
රසවතිය රථ පොළේ එක් ඇසිල්ලක
කඩා දැල් පටල
නෙත් පුරා නව අළු පතුරුවා
රූ රටා ඇගෙ
පුරා මගෙ සිත දිව ගියා නෙත් ලන නිමේශෙක
මල් ඔසරියෙන්
හැඩ මවා රස රැළි ඉනේ
පොර බදා මද සුළඟ
හා ඇගෙ සුවඳ මුසු වුණී
නගා සුව සුවඳ
මා මනස විද ඈ රසේ
පුරා සිත දිව
ගියා කොමළලිය පෑ රස දඟේ
නැගී මා අසුන
වෙත ලඟා වුණි ඈ ලැසි ලතාවෙන්
සුවඳ නැහැ අරා
පතුරුවා කාමිණිය පෑ අමාවෙන්
සිහිත් නැති
සොයා ගනු මා වටා වූ මුලාවෙන්
ගෙවිණි දින
සති ගණනකින් නැති පෑ පන්සියක්
දුටිමි ශනි
දිනට දෙදිනකට පසු ම'අප්සරාවන්
බැබලි රන්
වනින් දිනකර දුටදි ඈ එක් විටක්
දුටිමි
වෙදගිල්ල බැඳ වැළඳි මා පෙලන රන් කවක්
ගොඩාක් ලස්සනට ලියලා තියනවා අපිටම වෙන දෙයක්... එත් ඉතින් ගොඩාක් වෙලාවට වෙදගිල්ලේ බැදී මුදු නම් නෙමේ... කාගේ හරි අතකින් එල්ලිලා යන දසුන් තමා....
ReplyDeleteබොහොම ස්තූතියි.... :) වෙදගිල්ලෙ මුද්ද තව ටිකක් දුර ගිහින් නේද නවත්තන්න බැරි දුරක.... අතින් අත බැඳිල තියෙනවට වඩා ^_^
Deleteමට තේරුනේ නෑනේ..
ReplyDeleteතව පාරක් කියෝලා බලන්න ඕනා...
වාක්‍ය කඩන් නැතිව එක දිගටම කියවන්න... තේරේවි :)
Deleteඕකට තමා කියන්නෙ අපායට යතත් ඉස්සෙල්ල යන්නෝනෙ කියල....;)
ReplyDeleteඅනේද කියන්නේ?
Deleteතේරී නොතේරී ගියා වගේ වැඩක් උනේ.. මොනවා උනත් දවසේ කතාව...
ReplyDelete^_^
Delete27 වැනිදට මේකේ තේරුම අහගන්න හැකියි නේ.. එහෙනං අදට නවතින්නං.
ReplyDeleteනොතේරෙන්නනම් විදිහක් නැ ඔයාට.... හරි හරි 27 අහමුකෝ.... :)
Deleteපිරිමියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් ලියූ කවියක්. ඇය විවහාහක බව නොකියා කියූ හැටි අගෙයි.
ReplyDeleteබොහොම ස්තූතියි
Delete