තරු දිලුන රැයක
නුඹ නොදුටු
තරුවක්
දුටිමි
සඳ ඇවිදින්
ගිය දිනෙක
අහඹු කිවිසුම
නෙත් රැඳවූ සඳ
පාලු අහසේ
මුල්ලක
අඳුරු මුල්ලක
මදකට ඔබ්බෙන්
පෑයූ
හීන්දෑරි
තාරුකාව වෙත.....
දුටිමි
කලකට පෙර
අමතකව ගිය
මතකයේ
අඳුරු හෙවනැල්ල
නිවි නිවී
නලියන අපූරුව
තාරුකාවට
මුවාවෙන්
මතකයට
නැගෙන්නට
දඟලමින්......
හිරි නුදුටු පිනි
බිඳක් මෙන්
හීන්දෑරි
තාරුකාව
දුටිමි
අනන්තයට මදක්
ඔබ්බෙන්
බැබලීමද අමතකව
අඩ නින්දෙන්
ඇහැරුණ......
මා දැක
අහම්බෙන්
නිදි ගැටත්
ලෙහ ලෙහ
අත් පා හිරි හැර
නලියන තරුව
දුටිමි
අනන්තයට මදක්
ඔබ්බෙන්

9 Comments

අනේ මන්ද ... තේරෙන්නේ නැ :(
ReplyDelete^_^
Deleteඅපූරුයි..
ReplyDeletefaz A.
ස්තූතියි.... :)
Deleteඉඩෝරයට වැටිච්ච පුංචි දිය පොදක් වගේ ඉස්සර උන් සිත්තරි වගේ ම නැතත් හොදා ලු මටනං
ReplyDeleteටික ටික ලියන්න බලනව
Deleteබලමු :(
හීන්දෑරි තාරුකාව... හරිම ලස්සන උපමාවක්නේ!
ReplyDeleteස්තුතියි නංගි... ^_^
Deleteහීන්දෑරි තාරකාව... අනනත්යට පොඩ්ඩක් මෙහාදි දැක්ක එක හොදයි.. එතකොට නිදිමත ආවේ මොකටද...
ReplyDelete