ඔබ නොදන්නා
රසයක් හඳුනාගත්තා මම
රැවටෙන බව දැන
දැනම... රැවටීම
රවටන බව දැන
දැනම.... රැවටීමට ඉඩ දීම
කොයි තරම් ලස්සනද
එය.... වින්දනියද
වින්දා...
සතුට සැහැල්ලුව සැනසීම
දැන සිටි
නිසාම... කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාව - රැවටෙමින් සිටි බව
දන්නවාද ඔබ...
විඳවීමේ වින්දනය හරි අපූරු බව - මට
දන්නවාද ඔබ...
පබැඳුම් සුපෝශිත කරගත් බව - මම
දන්නවාද ඔබ...
භෞතික පියවරක් පාසා මනසින් පියවර සියයක් ඉදිරියට තැබු බව
නොදන්නා දෙයක්
ඇත
ඔබ හා සෙසු
ලොවම, මා හැර
සිතුවොත්
සිතිවිල්ලක්
අතැර දැමිය
හැකියි මට සියල්ල
සිටිය හැකියි
කිසිවක්ම සිදූ නොවුණු ලෙස
විකිණිය
හැකියි මට මාව මගෙ ආත්මය
ලබත හැකියි
නින්දා ගැරහුම් හා බැඳි හර බැම්ම
සිනාසෙමි....
යළිදු සිනාසෙමි
පෙලුවත්
පෙලුවත්
නොපෙලෙන මා සිත දැක පෙලෙන නුඹ දැක
නොපෙලෙන මා සිත දැක පෙලෙන නුඹ දැක
සිනාසෙමි
මම__________සිත්තරී
හ්ම්ම්ම්
ReplyDeleteහ්ම්..
Deleteලස්සනයි , සමහර වචන බර වැඩි එත් එතැනයි ලස්සන .
ReplyDeleteස්තූතියි චමී....
Deleteමේ වින්දනීය අසපුවේ සිට
ReplyDeleteවසන්ත කාලයන් සිතුවමට නගන්න
ඔබ....දුන් ප්‍රේමයම...
දිවයව යනවා කැන්වසය මත.....
....පුංචි කිරිල්ලි....
මේ හැම නිර්මාණයක් සමඟම පොඩි විස්තරයකුත් දැම්මොත් නරකද අපේ කවි ලියන අය. අද සමාජයෙන් කවිය දුරස්වෙන්නේ.එවන් පසු කතනයක් නැති කම. එය මේ බ්ලොග් වලින්ම පටන් ගනිමු.
ReplyDeleteමමත් නම් ඒකට කැමතියි.....
Deleteසිරාවට...
Deleteඅර කිව්වත් වගේ අක්කෝ, කවියනම් අපූරුයි, ඒත් පරිපූර්ණ නැතත් ඉදලා හිටලා කවි ලියන අයටත් සමහර ඒවා ටිකක් තේරුම් ගන්න ආමාරුයි, පසුකතනයක් දානවනම් ලේසිවෙයි..
ReplyDeleteකවිය සුන්දරයි...පසුකතනයකුත් දැම්මොත් අපූරුයි....
ReplyDeleteපෙම්වතා හා පුංචි ද්වේශයකින් ලිව්වදෝ මංදා....
ReplyDeleteකටිටියම කියනවා වගේ පසු කතනයක් දැම්මොත් අපි වගේ පොඩි මිනිස්සුන්ටත් හොදටම තෙරුම් ගන්න පුලුවන් වෙයි..
ReplyDelete/*පෙලුවත්
ReplyDeleteනොපෙලෙන මා සිත දැක පෙලෙන නුඹ*/ තවකෙක් පෙලන්න යන අයට අන්තිමට වෙන්නේ ඒක තමයි..
හ්ම්.... ඒක ඇත්ත
Deleteපසුකථනයක්............. සෑහෙන ගැටළුවක්..... බලමු.... කල්පනාකරල බලල දාන්නම්.... :) වැඩි දෙනාගේ ඉල්ලීම පිට
ReplyDeletehmmmmm......adare karapu kenekui..eke wedanawa danne...
ReplyDeletesamaraha ayata hari majic ati neda...hmmm.....
ReplyDeleteදියව් දියව්...!! අපිට දියව්...!!
ReplyDeleteපසු කථනය.. අපිට දියව්....!!
පසුකථනය............
ReplyDeleteපුද්ගලික ආරවුලකි... එය සමථයකට පත් වූ බැවින් කිසිත් නොකියමි