Sunday, February 10, 2013

රැවටිල්ල රැවටීම



ඔබ නොදන්නා රසයක් හඳුනාගත්තා මම
රැවටෙන බව දැන දැනම... රැවටීම
රවටන බව දැන දැනම.... රැවටීමට ඉඩ දීම
කොයි තරම් ලස්සනද එය.... වින්දනියද

වින්දා... සතුට සැහැල්ලුව සැනසීම
දැන සිටි නිසාම... කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාව - රැවටෙමින් සිටි බව

දන්නවාද ඔබ... විඳවීමේ වින්දනය හරි අපූරු බව - මට
දන්නවාද ඔබ... ලියන්නට කියන්නට අඳීන්නට තේමා දුන්නු බව - ඔබ
දන්නවාද ඔබ... පබැඳුම් සුපෝශිත කරගත් බව - මම
දන්නවාද ඔබ... භෞතික පියවරක් පාසා මනසින් පියවර සියයක් ඉදිරියට තැබු බව

නොදන්නා දෙයක් ඇත
ඔබ හා සෙසු ලොවම, මා හැර

සිතුවොත් සිතිවිල්ලක්
අතැර දැමිය හැකියි මට සියල්ල
සිටිය හැකියි කිසිවක්ම සිදූ නොවුණු ලෙස
විකිණිය හැකියි මට මාව මගෙ ආත්මය
ලබත හැකියි නින්දා ගැරහුම් හා බැඳි හර බැම්ම

සිනාසෙමි.... යළිදු සිනාසෙමි
පෙලුවත් පෙලුවත්
නොපෙලෙන මා සිත දැක පෙලෙන නුඹ දැක
සිනාසෙමි මම__________සිත්රී
Comments
19 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

19 comments:

  1. ලස්සනයි , සමහර වචන බර වැඩි එත් එතැනයි ලස්සන .

    ReplyDelete
  2. මේ වින්දනීය අසපුවේ සිට
    වසන්ත කාලයන් සිතුවමට නගන්න
    ඔබ....දුන් ප්‍රේමයම...
    දිවයව යනවා කැන්වසය මත.....

    ....පුංචි කිරිල්ලි....

    ReplyDelete
  3. මේ හැම නිර්මාණයක් සමඟම පොඩි විස්තරයකුත් දැම්මොත් නරකද අපේ කවි ලියන අය. අද සමාජයෙන් කවිය දුරස්වෙන්නේ.එවන් පසු කතනයක් නැති කම. එය මේ බ්ලොග් වලින්ම පටන් ගනිමු.

    ReplyDelete
  4. අර කිව්වත් වගේ අක්කෝ, කවියනම් අපූරුයි, ඒත් පරිපූර්ණ නැතත් ඉදලා හිටලා කවි ලියන අයටත් සමහර ඒවා ටිකක් තේරුම් ගන්න ආමාරුයි, පසුකතනයක් දානවනම් ලේසිවෙයි..

    ReplyDelete
  5. කවිය සුන්දරයි...පසුකතනයකුත් දැම්මොත් අපූරුයි....

    ReplyDelete
  6. පෙම්වතා හා පුංචි ද්වේශයකින් ලිව්වදෝ මංදා....

    ReplyDelete
  7. කටිටියම කියනවා වගේ පසු කතනයක් දැම්මොත් අපි වගේ පොඩි මිනිස්සුන්ටත් හොදටම තෙරුම් ගන්න පුලුවන් වෙයි..

    ReplyDelete
  8. /*පෙලුවත්
    නොපෙලෙන මා සිත දැක පෙලෙන නුඹ*/ තවකෙක් පෙලන්න යන අයට අන්තිමට වෙන්නේ ඒක තමයි..

    ReplyDelete
  9. පසුකථනයක්............. සෑහෙන ගැටළුවක්..... බලමු.... කල්පනාකරල බලල දාන්නම්.... :) වැඩි දෙනාගේ ඉල්ලීම පිට

    ReplyDelete
  10. hmmmmm......adare karapu kenekui..eke wedanawa danne...

    ReplyDelete
  11. samaraha ayata hari majic ati neda...hmmm.....

    ReplyDelete
  12. දියව් දියව්...!! අපිට දියව්...!!
    පසු කථනය.. අපිට දියව්....!!

    ReplyDelete
  13. පසුකථනය............

    පුද්ගලික ආරවුලකි... එය සමථයකට පත් වූ බැවින් කිසිත් නොකියමි

    ReplyDelete