Wednesday, February 20, 2013

෴වර්ග භේද වලින් තොර සමාජයක් උදෙසා පූර්විකාවක්෴






අදහස් ප්‍රකාශනය සහ ප්‍රකාශිත අදහස් ග්‍රහණය පිළිබද වවධානය යොමු කරන කල්හි මෙය පුද්ගලානුරූප බව කිව පෙනී යයි. ඒ ඒ පුද්ගලයා සිය අදහස් ගෙන හැර දැක්විමට විවිධ මාධ්‍යයන් උපයුක්ත කර ගන්නවා සේම, ග්‍රාහකයාද සිය ප්‍රාඥතාවේ මට්ටම අනුව අදහස් ග්‍රහණයේ යම් පරාසයක සිටී. අපි මෙය පොදුවේ සන්නිවේදනය ලෙස ගතහොත්, යම් සන්නිවේදිත ප්‍රපංචයක් තවෙකෙකු ග්‍රහණය කර ගන්නේ තමාට අනුරූපී ආකාරයට සහ සිය බුද්ධි මට්ටමේ ස්වභාවය අනුවයි. එහිදී ඊට අදාලව සිදු වන ප්‍රතික්‍රියාවද ඒ මත රදා පවතින බව කිව හැකිය. සමාජය විසින් නීර්ණය කරන ලද යම් යම් සංස්කෘතික ලක්ෂණ වේවා, සමාජානුභූතීන් වේවා ඒ ඒ සමාජයන්හි ඊට අදාලව දෘෂ්ටිවාද ගොඩනැගී පවතී. සමාජ ව්‍යූහය තුළ හිිමින් ඒ හා ගැටෙමින් දවසරින කල්හි අප එකී දෘශ්ටිවාදයන්හි යම් ආකාරයක හවුල්කරුවෝ බව ස්වයංවිඥානිකව මනසට ග්‍රහණය වේ.
කුඩා කල සිට නිවසේ දෙමාපිය ඇසුරින් පටන් ගන්නා අධ්‍යාපනික රාමුව තුළ නිතැතින් හුරු කෙරෙනුයේ මෙකී තත්වයකටය. එය යමෙකු තුළ බලෙන් ඇති කරවන්නක් නොව, සමාජ ගට්ඨනයන් හා ආබද්ධව ඉබේ ඇති වන්නකි. යම් සමාජයක තිරසාරව පවතින්නාවූ මෙවන් දෘශ්ටිවාද බොහෝ විට සංස්කෘතිය සමග ඒකාත්මිකව පවතින අතර, සන්නිවේදන ක්‍රියාවලිය හා සැසීමේදි වෙන් කළ නොහැකි සමාජාකල්පයන් ඇතැම් ප්‍රස්තුත අලලා ගොඩනැගී ඇති අයුරුත්, වෙනත් කිසිදු ආකල්ප අනුවර්තනයකට ඉඩ නොතබා පිලල සේ ඇතැම් සංකල්ප ඒ ඒ ප්‍රස්තුතයන්හි දැඩි සේ ග්‍රහණය වී පවතින බවත් අවබෝධ කරගත හැකිය.


මෙහිදී මා කියැවූ ග්‍රන්ථයක ආරම්භක ඡේදය ලෙස සටහන්ව තිබූ, මා සිත ඇද බැ ගත් වාක්‍ය ඛණ්ඩ කිහිපයක් ගෙනහැර දක්වමි. යම් යම් අවස්ථා කෙරෙහි, පුද්ගල ස්වභාවයන් කෙරෙහි සමාජයක් විසින් කෙතරම් දුරට පූර්ව විනිශ්චයක් දෙනු ලැබ තිබෙන්නේද යන්න මෙම ඡේදය අවධානයට ගැනීමේදී ඹබටද වැටහෙනු ඇත.

''වෙසනන්ට හදවත් නැත. නළුවන්ට සදාචාරයක් නැත. ලෝකයා කියන්‍නේ මෙ‍ලෙසය. අබිසරුලිය සයනට වැද ‍බොරු හැුම් මවා ‍පෙන්වන්නීය. නළුවකු ‍වේදිකාව මත හැසි‍රෙන්නේ උතුම් ගතිගුණ සහ චර්යාවන්‍‍ගේ සං‍කේතයක් ‍ලෙසින්ය. ඔහු ව‍රෙක අධිරාජයකු ‍වෙයි. විශිෂ්ට වූ ජන නායක‍යෙකු ‍වෙයි. තවත් ව‍රෙක උසස් හමුදා නිලධාරි‍යෙකු ‍වෙයි. දීප්තිමත් තරුණ උගතුන් සහ රූමත් ‍නෝනාවරුන්‍ගෙන් ‍වේදිකාව පිරී යයි. ඔවුන් ‍වෙතින් ප්‍රකාශ වන්නා වූ ආශාවන් අ‍පේ එදි‍නෙදා ජීවිත‍යේ ඒකාකාරී වූ දුර්වර්ණයන් බු ‍නො‍වේ.ඒවා ඉතා විචිත්‍රය. පැහැබරය. එනමුදු ඔවුන්‍‍ගේ කතන්දර සමග සන්සන්දනය කර බැලූ විට එදි‍නෙදා ජීවිතය නම් රංගනය සහා ‍යෙ‍දෙන විවිධ සායම් වර්ග ආ‍ලේපනය ‍නොකළ වි‍ටෙක නළුවකු‍ගේ මුහුණ ‍මෙන් සුදුමැලිය. සුන්දරත්ව‍යෙන් හීනය (Lillian Lee; Farewell My Concubine , පරි: රාජපක්ෂ එස්. කේ. ; 01).''

ඒ ඒ චරිත ස්වභාවයන්ගේ දිගුකාලීන පැවැත්ම පිළිබව ලද නිරීක්ෂණයක් ගේ ස්වභාවය මත සහ සමාජය විසින් දෙනු ලබන විනිශ්වයන්ගේ ස්වභාවය මත ඒ ඒ නිගමනයන්ට එළඹී ඇතැයි යම් ලෙසකින් සිතිය හැක. මෙය එක් ආකාරයක සන්නිවේදනයේ ප්‍රතිඵලයකි. යමෙකු, යමක්, යමෙක් පිළිබ යමක් කියයිද, මිනිසුන්ගේ මැදිහත්වීම මත සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස එකී කාරනාව ව්‍යාප්ත වන්නේද එය සන්නිවේදනයකි. උක්ත සමාජ ව්‍යූහ දෙස අවධානය යොමු කිරීමේදී සමාජය විසින් ඔවුනට යම් පූර්ව විනිශ්චයක් දී ඇති හෙයින්ද, මිනිසාගේ මැදිහත්වීම මත එම විනිශ්වයේ නිගමනය ඉදිරියටත් තිරසාරව ගෙන යන හෙයින්ද එකී පුද්ගල ස්වභාවයන් කෙරෙහි එම නිගමනයට පරිබාහිර වූ දෘශ්ටිවාදයක් ඇති කරවීම ඉතා ගැටළුසහගතය. මන්ද යත්, දීර්ඝ කාලීනව සමාජය විසින් දැඩිව මනසට ඔබ්බවාලූ ස්වාර්ථයන් වෙනස් කිරීමට පියවර ගැනීමේ ඇති අභියෝගයයි. යම් පුද්ගලයෙකු සිය චිත්‍යාභ්‍යන්තරයේ තැන්පත් කරගන්නා ලද මතයක් සපුරා වෙනස් කිරීම යනු ඔහු ඔහුගෙන් ඉවත් කිරීමකි.

පෙර උපුටා දැක්වූ ඡේදය දෙස අවධානය යොමු කිරීමේදී ඒ ඒ පුද්ගලයන් සිය කර්තව්‍යයන්ගේ ස්වභාවය මත යම් ආරෝපණයක් තමා වෙතද, තමා දකින්නන් සහ සේවා ලාභීන් වෙතද සිදු කර ඇති බව පහසුවෙන් අවබෝධ කොට ගත හැකිය. ඔවුනගේ වෘත්තීය ජීවිතයේ පැවැත්ම රා පවතින්නේ ඒ මතයි. එකී වෙස් පෙරළියෙන් ඉවත් වූ කල ඔහුගේ හෝ ඇයගේ වෘත්තියට පලක් ඇත්තේ නැත. එබැවින්, බාහිර ස්වභාවය, හුදු වෙස් ගැන්වීමක් පමණක් වන්නාවූද, මනෝමූලික ලොවක ග්‍රාහකයා හුදෙකලා කිරීමේ එක් අනු විෂයයක් පමණක් වූද අංගයක් ලෙස සහන් කිරීමේ හැකියාව පවතී. සන්නිවේදනය එවැනිය. මෙවන් වූ සහ මීට පරිබාහිර වූ ක්ෂේත්‍ර ගණනාවක සන්නිවේදනය විසිරී පැතිරී පවතී. හුදෙක් එහි පැවැත්ම රා පවතින්නේ සමාජ ජාලයක සහසම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස බවත් කිව යුතුය. මන්ද තනි ප්‍රස්තුතයක් ගත් කල්හි එය ප්‍රචාරණයට කිසිදු විකල්පයක් නොමැත්තේනම් එය උපන් ගෙයි මියයන තත්වයකට පත් වන බැවිණි.

වාරිස් ඩයරි... ඇය කාන්කාවන් කෙරෙහි සිදුකරන්නාවූ චර්මච්ඡේදනයට විරුද්ධව විශාල හක් නැගුවාය. තම සංස්කෘතියේ රුදුරු අනන්‍යතාවයක් වූද කාන්තාවන් විෂයෙහි සදාකාලික දුකක හවුල්කරුවන් වන්නාවූද වදනක් හෝ පරිබාහිර සමාජයකට දුන හොත් සිය රටින් ජාතියෙන් ආගමින් පිටුවහල් වන්නට වන්නාවූද ශුන්‍ය තත්වයක සිට ඇය ශක්තිය ගෙන එකී තත්වයට විරුද්ධව ලොව පුරා විශාල හක් නැගුවාය. එය ප්‍රසිද්ධ රහසක් හෝ සම්පූර්ණයෙන්ම රහසක් වුවත් ලොව පුරා මිනිසුන් මෙකී තත්වය උදෙසා සන්වේදී වුයේ මෙම හෙළිදරව්වත් සමගිනි. ඇය මෙම තත්වය ලොවට කියනා විට ඇය සුප්‍රසිද්ධ නිරූපිකාවකි. නමුත් ඇය සිඟන්නියකගේ තත්වයේ සිට මෙය පැවසුවේ නම් සමාජයේ ප්‍රතිචාර කෙබඳු වේද යන්න අප නැවත විමසා බැලිය යුතුය. එහෙයින් යම් සන්නිවේදන කර්තව්‍යයක් කෙරෙහි ප්‍රබල වශයෙන් පුද්ගලාවධානය ලබා ගනු වස් සෙසු බොහෝ සාධකයෝද හවුල්කරුවෝ වන බව අවධාරණයට ගත යුතුය.

මෙහි තවත් පැතිකඩක් වේ. වාරිස් සිය හෙළිදර්ව්ව සිදු කළේ තම සංස්කෘතියේ තිරසාර අනන්‍යතා ලක්ෂණයකට විරුද්ධවය. ඕනෑම සංස්කෘතියක සාම්ප්‍රදායික ලක්ෂණ එම ජාතීන් විසින් දිවි හිමියෙන් ආරක්ෂා කරන අවස්ථා ඇති තරම් පවතී. එය යම් ආකාරයකින් වෙනස් කිරීම හෝ සපුරා තහනම් කිරීම දැඩි සේ ආන්දෝලනයට පාදක වන කාරනා විය හැකිය. මන්ද ගතානුගතිකත්වය තුළින් තිරසාරව පවත්වාගෙන ඇතැම් අංග ලත්ෂණයන් සමාජය විසින් පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය කරන්නා වූ නොනැසිය යුතු අත් නොහළ යුතු ගුණ ධර්ම ලෙසද සමාජය තුළ නීතිගත වී ඇති හෙයිනි. එවන් විටෙක එකී සංස්කෘතීන් හා ඒකාත්මික වූ මුලිනුපුටා දැමීම යනු සමාජ, සංස්කෘතික, ආගමික, ගතානුගතික සාරධර්ම හෝ අනන්‍යතාවලට පිටුපා යෑම කෙරෙහි ජනතා හඬ අවධි කරවන ක්‍රියාවලියකි. එසේම ඇතැම් විට ජීවිත තර්ජන පවා එල්ල වන ක්‍රියාවකි. උදාහරණ නොදැක්වුවද පාකිස්තානය සහ මැදපෙරදිග රටවල් වල ඇතැම් සමාජ කාරණා සම්බන්ධව මෙම ගැටළුව උග්‍ර ලෙස පවතින බව ඔබද දන්නා කරුණකි.

නමුත්... වෙනස් වන සමාජය හමුවේ යල් පැන ගිය සංකල්ප සහ යම් යම් පුද්ගලයින්, රුකියා, සමාජ ස්වභාවයන්, චාරිත්‍රයන් කෙරෙහි පූර්ව විනිශ්චයක් සහ දැඩි සේ පාරම්පරික චින්තකය යටතේ එල්බ ගත් හැඟීමක් තිබිය යුත්ද? එකී දෘශ්ටිවාද ගොඩ නැගෙනුයේද දිගුකාලීනව සිදුවූ රාමුගත සන්නිවේදනයක් මගිනි. නමුත්, ස්ථායී සමාජ ආකල්ප පසෙකලා නැවතත් නව මාවතක් ඔස්සේ ඒ ඒ පුද්ගලයන් වෙන් කොට සිතුව හොත් මිනිසා යන කේන්ද්‍රීය සාධකය පදනම් කරගනිමින් අපට නව මානයක වින්තනයක් කරා පෙළ ගැසිය හැකිය. එය යම් යම් දෑ වෙත ගැති නොවූ නිදහස් සහ ස්වාධීන චින්තනයක් වනු ඇත. කෙනෙක් තවෙකෙකු මත බලෙන් පැටවූ නිගමනයක් එහෙයියෙන් පිළිගන්නවාට වඩා, තමා විසින්ම සිතා විමසා බුද්ධියෙන් තර්ක කොට තම ස්වාධීන නිගමනය හෝ උපකල්පනය ගරු කොට ගනිමින් සිතන සිතිවිලි රටාවකට හැඩ ගැසෙන්නේ නම්.... මනුෂ්‍යත්වය වෙනුවෙන් ඒ අප ගන්නා අනගි පියවරක් වනු ඇත.

ලිපිය බොහොම කෙටියි.... සමාවෙන්න.
Comments
3 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කෙටිමත් නෙවෙයි,, ඒ වුනාට හරි ඉහලයි ..
    Faz Aslam

    ReplyDelete
  3. ඔබගේ පෙන්වාදීම හොඳ ප්‍රෙව්ශයක් නිර්මණය කරනවා. සියල්ලන් මනුෂයෝය කියා දකින අය අද අඩුවෙමින් පවතිනවා. නැතිවී යන මිනිස් ගුණාංග අප නැවත සුදුසු ආකාරයකට පෝෂණය කළ යුතුයි. මේ වද වී යන සමාජයක් නොවිය යුතුය.

    ReplyDelete

 
There was an error in this gadget