Friday, March 1, 2013

රවුම්




කැරකෙනවා
මගේ රවුම් ඔරලෝසුවෙ
රවුම් වුණ ලෝහ පටිය ඇතුලෙ
පංකාව
රවුමෙන් රවුමට
ඊට පහළින්
පමණට වඩා වුණු රවුම හින්දම
තවත් රවුම් වෙලා
ප්‍රකෘති රවුමෙන් පිට පැන්න
මගෙ රවුම් මූණ
ඔරලෝසුවෙ රවුම් ලෝහ පටිය ඇතලෙ

ලෝකෙම රවුම් වෙලා
රවුමුත් තව රවුම් වෙලා
රවුම් ලෝහ පටිය ඇතුලෙ
අත් බෑගයෙ රවුම් පටියෙ
වකේ තවත් රවුම් වෙලා
මෙන්න වැඩක් - පැන්සලේ රවුම් වෙලා
ඇයි අර උඩ වහලෙත් රවුමට

එතකොට මේ ලියන අකුරු
අයියෝ - කොහේ බලන්නද
පංකාවෙ හුළඟට
අකුරු ගියා කැරකි කැරකි
රවුමට රවුමට


ඔෆිස් එකේදි කරන්න වැඩක් නැති නිසා වට පිට බල බල හිටපු දවසක, ඔරලෝසුවෙ පටිය ඇහැ ගැටුණම ඇතිවුණ සිතිවිල්ලක්

Comments
16 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

16 comments:

  1. හැම දෙයම රවුම් නැත
    රවුම් ලෙස පෙනුනත්
    ඇතැම් දෙය හතරැස් විය හැකිය
    රවුම්ද හතරැස්ද ඒ කිසිවක්මද
    නොවිය හැක ජීවිතය
    එහෙත් අප ජීවත් විය යුතුය..)))

    ReplyDelete
    Replies
    1. රවුම් ලෝකය තුළ
      ජීවිතය රවුම් කරගෙන
      නිමක් නැති රවුමක
      ජීවිතෙත් ඇදගෙන
      ගසන රවුමක්
      අපි

      Delete
  2. මරු...

    පොටෝව දැක්කම කැරෙකෙනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කැරකෙමින් ඔබටත් සම්පත් පැමිණේවා....!!

      Delete
  3. මාර සිතුවිල්ලක්නේ...

    ReplyDelete
  4. අදහස් පහල වෙන්න ගත්තාම ඒවා කොහේ යයිද කියලා කියන්න බෑ නේ?

    ReplyDelete
    Replies
    1. රවුම් ගහන අදහස් ඔහේ ඇවිත් හිතේ පැලපදියම් වෙනවා

      Delete
  5. මාවත් නිකං රවුං වෙලා ගියා ඈ....

    ReplyDelete
    Replies
    1. දැන් තරියා තවත් රවුම්ද? ;)

      Delete
  6. රවුමට හිතන්න ගියාම ඔක්කොම රවුමට පෙන්නේ.

    ReplyDelete
  7. ලෝකේ රවුම් කියලා කිව්වේ ආදී කාලේලු!!!!!

    ReplyDelete
  8. රවුම් සිතිවිලි.. :)

    ReplyDelete
  9. හරියටම අපේ ජීවිත වගේ.. සංසාර චක්‍රය කියන්නෙත් ඒ නිසානේ..හරියටම බැලුවෙත් ආරම්භකළ තැනත් අවසාන කරන තුනත් හොයාගන්න බැහැ.අපේ ජීවිතත් එහෙමයි.

    ReplyDelete
  10. ඔක්කොම රවුම් වෙන වෙලාවේ මමත් යනවා රවුමක් ගහන්න...

    ReplyDelete
  11. රවුමෙන් රවුමෙන් ඇවිත් මොකද්දෝ මන්ද කියන්න හදනවත් වගේ..

    ReplyDelete