Tuesday, April 23, 2013

උඹ දන්නෙ මොනවද... අපෙ රහස ගැන.....






උඹ දන්නවාද මම....
උනා දැම්මා ඇය ඉදිරියේ ලැජ්ජාව.....
බොහෝම ඉස්සර....
උඹේ හෙවනැල්ල.....
මට උඩින් නොපායපු කාලෙකට ඉස්සර.....

පුරුෂාධිපත්‍යයේ මාන්නය කරමතින් වඩම්මන....
අධීමානයේ ගඳගහන උජාරුව...
අන්තෙටම ගිලී ගිය....  උඹ....
දැනගන්නෙ කොහොමද අපෙ රහස.......?

නෑ තිබුණෙ කිසි භාදාවක්..... ඇයව...
උඹෙ කුලකයේ උන්ගෙන් රැකගන්න....
ඒ රහස උඹ දැනගන්නෙවත් කොහොමද....?
පුරුෂාධිපත්‍යයේ වවුල් තටුවලින් උඹ උඹවම....
හිඩසක් නැතිවම වසා ගත් කල......
අපෙ රහසෙ ඌෂ්ණයවත් දැනෙන්නෙ කොහොමද.... උඹට......

උඹ දන්නවාද මම....
උනා දැම්මා ඇය ඉදිරියේ ලැජ්ජාව.....
බොහෝම ඉස්සර....
උඹේ හෙවනැල්ල.....
මට උඩින් නොපායපු කාලෙකට ඉස්සර.....

උඹ පාත් වුණු කල.....
මගෙ සිරුර වසාගෙන.....
දැනුණා මගෙ ආත්මෙම......
යදමකින් බැඳුණු වග.....
ඇය ශේෂ කර ගිය....
මතකයේ ලිලැක් මල් සුවඳ.....
අපුල වයින් ගඳකට හාව.....
එපා කරවූවා මට මාවම.....
මට උඩින් පාත් වුණු උඹෙ හෙවනැල්ල.......

උඹ දන්නවාද මම....
උනා දැම්මා ඇය ඉදිරියේ ලැජ්ජාව.....
බොහෝම ඉස්සර....
උඹේ හෙවනැල්ල.....
මට උඩින් නොපායපු කාලෙකට ඉස්සර.....

තලා පොඩි කළ මතකයේ මල් පෙත්ත.....
උඹේ කෙල දහරින් වැහුණු කල....
තව කුමන අරගලද තනි මෙමට.....  
ඔද වැඩුණු පුරුෂාධිපත්‍යයේ යදමක මැදිව......
අපේ රහසේ  රස පත්ලටම කිඳා බැස......
උඩ බලන් උන්නා කාලෙකට පෙර......
ඇගේ හෙවනැල්ල ඇද මසිත මුදුණට.......

උඹ දන්නෙ මොනවද...
අපෙ රහස ගැන...
Comments
9 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

9 comments:

  1. මක්කැයි කිව්වේ.. උන නැංගා... බෙහෙත් ගන්ටෝ... හරිම සැඩිකල් සිත්තරියක් නෙව... හැක්..

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං බොට පෙනෙන දේ නෙව මං කීවෙ... ආය අහවල් එකක්ද?

      Delete
  2. මේවගේ ඒව දේශකගෙන් බේරගන්නවා බොරු සිත්තරියේ

    ReplyDelete
    Replies
    1. ඇයි එකකොට නලීන් අයියගෙන්......?

      Delete
  3. අනේ සිත්තරී අක්කේ මට මුකුත්ම තේරුනේ නෑනේ... :(

    ReplyDelete
    Replies
    1. හෑ.... ඒකත් එහෙමද? අර උඩ ඉන්න අයට තේරිලා නෙව.... ඒත් අහන්න යන්න එපෝ....

      Delete
  4. මම මේක කියවල යන්න හැදුවේ, එත් ගියොත් ඒක අසාදාරනයක් වෙනවා.........මොකද මේ කවිය හරහා විකල්පය දකින්න හදන දැක්ම දර්ශනය මට හරි අඩුවෙන් කියවන්න හම්බ වෙන්නේ.......මට මේකත් ඒ වගේ....ලිංග බේදය කිසි සෙත් පදනම් නැහැ කියන එක විකල්පය කරා යන්න ඔයා ඔප්පු කරනවා.....

    ReplyDelete
  5. මම දකින්නෙ සමලිංගයක් නෙවෙයි, ස්වයංමෝහනයයක් ස්වයංවින්දනයක

    ReplyDelete
  6. සිරාවට මට තේරුන්නෑ..
    අපි ඉතිං මල් වගේ චූටි ළමයිනේ....

    ReplyDelete