Tuesday, June 26, 2012

මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ‍ප්‍රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)

මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න මාව පොළඹවපු කාරනාව ගැන. ඒ මම මිට කාලෙකට කලින් ලියපු බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයැයි කිම සාවද්‍යයි කියන ලිපිය නිසා. ඒ ලිපියට "මෙතනින්" යන්න. ලියල කාලයක් ගියත් දැන් ඒකට හෝ ගාල කමෙන්ට්ස් එනව මාව විවේචනය කරල. මගේ ජාතකේත් මතක් කරලා. හා කමක් නෑ. දෙවෙනියටත් දෙයක් කියන්න තියනව. කෙනෙක් අදහස් දක්වලා තියනව මම ලියන සිංහල එයාට තේරෙන් නෑලු. සිංහල තියා මම දක්වපු තර්කවත් තේරුම් නොගත්ත එයා මම ඉතිහාසය ගැන මොකුත්ම නෙදන්න මෝඩයෙක් ගානට දාල කතා කරලා. හා කමක් නැ කියමුකො. ඉතිං මේ ලිපිය ලියනව මූලාශ්‍ර පරිහරණය ගැන දන්නෙ නැති අයට දැනුවත් වෙන්නත්, සාමාන්‍යපෙළ, උසස්පෙළ, විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අපේ නංගිලා මල්ලිලාට උදව්වක් විදිහටත්... මේ ලියන භාෂා ශෛලියනම් මට හුරු නෑ, මොකද නිතරම මම ලියන්නෙ විධිමත් භාෂා ශෛලියකින් නිසා. කමක් නෑ.. කාටත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් සරල කරල ලියන්න උත්සහ කරන්නම්.

මොකද්ද අපි මේ ඉතිහාසයේදි පුරාවිද්‍යාවෙදි භාවිත කරන මූලාශ්‍ර කියන වචනෙ තේරුම? ඒ කියන්නෙ අපි යම් කරුණක් විග්‍රහ කරද්දි ඒ කරුණු ගොඩනගන්න උපකාර කරගන්න දත්ත වගටයි අපි මූලාශ්‍ර කියන්නෙ. සාහිත්‍ය, පුරාවිද්‍යාත්මක කියල මූලාශ්‍ර වර්ග කෙරෙන බව ඔයාල දන්නවනෙ. ඒවත් තවත් උප කොටස් යටතේ වෙන් කෙරෙනවා. සාහිත්‍ය මූලාශ්‍රනම් වංශකථා, සන්නස්, තුඩපත්, සංදේශ, විදේශීය වාර්තා වගේ දේවල් යටතේත්, පුරාවිද්‍යාත්මක මුලාශ්‍රනම් නාණක එනම් කාසි, අභිලේඛන නම් යම් මතුපිටක් මත ලියවුණු ලේඛන, විවිධ නටඹුන්, පොළොවේ වැලලුණු විවිධ පුරා වස්තු සහ ඒ අවට සන්ධර්භය මේකට අයිති වෙනවා.

ඒත් අද කාලෙ ඉතිහාස අධ්‍යයනය ගැන හරි දැණුමක් නැති අය මේ මූලාශ්‍ර එකක් දෙකක් පමණක් භාවිත කරල මහා ලොකු කතන්දර මවාගෙන යනවා. විශ්වවිද්‍යාල මට්ටමට එද්දි මේව නිවැරදිව හසුරුවන්න ඉගෙන ගත්තත් හැමෝම ඉතිහාසය පුරාවිද්‍යාව කරන්නෙතු තැති නිසා, හැමෝටම විශ්වවිද්‍යාල වලට එන්න අවස්ථාවක් නැති නිසාත් නිවැරදිව දැණුම හසුරුවන අය සමාජයේ හරිම අල්පයි. ඒත් සහෝදර සහෝදරියනි ඔයාල උත්සහ කරනවනම්, විමසල බලලා දිවාර බුද්ධියෙන් දැණුම මෙහෙයවලා තීරණ ගන්න, ඒ වගේම එක දේකට පමණක් සීමා නොවී, තමන්ගේ කම විතරක් ඉස්මතු කරගැනිමේ පරම අධිශ්ටානයට පමණක් ගැති නොවී යථාර්ථය අවබෝධකර ගන්න..., අන්න එතකොට ඔබ තුළින් නියම බුද්ධිමතෙක් බිහි වේවි. මේක ඉතිහාසයට විතරක් නෙවෙයි, අනිත් කොයි පාඩමටත් අදාල කාරණයක්. ඇයි අපි අපේ මනස එක දේකට සීමා කරගන්නෙ? ඇයි අපි අපිට ලැබුණු බුද්ධිය මෙහෙයවලා, පටු සිමාවකට කොටු නොවී, අපේම කියල නිදහස් චින්තනයක් ඇතිකර ගන්නෙ නැත්තෙ?

මූලාශ්‍ර පරිහරණයත් එහෙමයි. අපි අපේ අධ්‍යයනයන්ට ගන්න මූලාශ්‍ර සමහර විට ඇත්ත දේම නෙවෙයි කියන්නෙ. සරලම මට්ටමේ උදාහරණයක් ගනිමුකො. නිශ්ශංකමල්ල රජ්ජුරුවො තමන් කරවපු දේවල් කියල යන යන තැන ශිලා ලිපි කෙටෙවුවට, අනිත් මූලාශ්‍රත් එක්ක සංසන්දනයේදි අපිට පැහැදිලි වෙනවා පැරණි ලංකාවෙ රාජ්‍යත්ව සංකල්පයත් එක්ක, විදේශිකයෙකු වුණ ඒ රජුට ගැටෙන්න තිබුණු විප්ලවියත්වය හේතුවෙන් මේ ශිලා ලිපි පිහිටවපු බව.

ලංකාවෙ අක්ෂර ආරම්භය ක්‍රි.පූ. 3වන සියවස කියල සදහන් කරනවා ලෙන් ලිපි හේතුවෙන්. ඒත් අනුරාධපුර ඇතුල්නුවර නවතම සාධක නිසා මේ මතය ආයෙමත් පර්යේෂණ මට්ටමට යොමු වුණා. කොහොම වුණත්, ලිපි ගලේ කෙටුව නිසානෙ අදටත් ආරක්ෂා වෙලා තියෙන්නෙ. ඉතිං ගල් වගේ ස්ථායී මාධ්‍යයක ලිපි සටහන් වෙන්න කලින් ඒ තරම් කල් නොපවතින මාධ්‍යවලත් අක්ෂර සටහන් කරන්න ඇතිනෙ.

ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. අද ගොඩක් අය තරක කරනව රාමායනය, මහාවංශය වගේ පොත් වල තියන කරුණු ගැන. මේව ලියවෙන්නෙ අදාල සිදුවීම් වෙලා අවුරුදු පන්සියයක් දාහක් වගේ විශාල කාලයක් ගෙවුණට පස්සෙ. ඉතිං ඒ අතරතුර කාලයේදි මේ ග්‍රන්ථවල අන්තර්ගත කරුණු කටපාඩමෙන් තමයි ගෙනඑන්නෙ. ඒ කටපාඩමෙන් කියවෙන විට නොයෙක් නොයෙක් නව කාරණා මේවට එකතු වෙන එක සාමාන්‍ය වගේම අනිවාර්ය සිද්ධියක්. අපි බලමු ඇයි ධර්ම සංඝායනාවක් කරන්න ඔන වුණේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස ත්‍රනකට පස්සෙ කියලා... ඒකටත් ගොඩක් දුරට බලපාන්නෙ කලින් කියපු හේතුවමයි. ව්‍යවහාරයේදි යම් යම් නවතාවයන් එකතු වෙනවා. ඉතිහාසයේ වෙලා තියෙන්නෙත් ඒක.

තවත් උදාහරණයක් විදිහට රංචාමඩම කැණීම්වලින් හෙළිවුණා ආසියාවෙ මුලින්ම යකඩ භාවිත කළේ අපේ රටේය කියන උපකල්පනය. නමුත් මේව තහවුරු කරන්න තව පර්යේෂණ කෙරෙනව. සංසන්දනාත්මක අධ්‍යයනයන් සහ විද්‍යාත්මක අධ්‍යයනයන්. එහෙමයි විද්‍යාත්මක විදිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඒත් අද අපේ රටේ හරිම කනගාටුදායක තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. සුළු දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා ඉතිහාසය විකෘති වීමකට ලක්කෙරිගෙන යනවා. උදාහරණයක් තමයි, කිහිපදෙනෙක්ට ලොකු උවමනාවක් තියනව බුදුදහම ඇතිවි පැතිරි වර්ධනය වුනේ ලංකාවේය කියල කියන්න. අනේ ඒත් ඒක ඒ විදිහට නිරපේක්ෂව ඉදිරිපත්කරන්න පුළුවන් සාධක තියාගෙනනම් කමක් නෑ. ඒත් මෙහෙම කියන උදවියගේ හිතේ ඉන්දියාව ගැන පවතින්නෙ කෝපයක්. ඒ වගේම සිංහල බෞද්ධ සංකල්පය ගැනත් හරිම අන්තවාදි හැගීමක් තියෙන්නෙ. මේවට විරුද්ධව කතා කරන්න යද්දි අපිව හංවඩු ගහනව අපිට ජාතකයක් නෑ කියලා. සිංහල කමත් බෞද්ධ කමත් සැලකුවාම මම අපේ සංස්කෘතියෙ දකිය විශේෂම ලක්ෂණයක් වෙන්නේ ආගම් ජාති භේදයකින් තොරව සමානාත්මතාවය දැන්විම. ඒත් බෞද්ධයැයි කියා ගන්නා අන්තවාදී පිරිස් නිසා සමාජය දැන් දූශනය වෙනවා.

දැන් ආයෙමත් මුලාශ්‍ර පරිහරණය මේ කියන සංකල්පයට ආදේශ කරනවනම්, කාලානුරූපව පිළිගත් දිනවකවානු සහිතව ගැටලුවක් නැතිව පිළිගන්න පුළුවන් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි ඇමට අරගෙන ඒවායින් සුරංගනා කථා කීමේ තත්වයක් අද ඇතිවෙලා තියනවා. අක්ෂර වල හැඩය, භාෂා විලාසය අනුව අපිට අක්ෂර කාලනීර්ණය කරන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍ර වල එන තොරතුරු ශිලා ලිපි වල එන තොරතුරු සමග සංසන්දනාත්මක අධ්‍යයනයකට ලක් කළාම බොහෝ දුරට අපිට නිවැරදිව ඉතිහාසය ගොඩනංවගන්න පුළුවන්. එහෙම නැතිව මහාවංශය විතරක් අධ්‍යයනය කරල නිවැරදි ඉතිහාසයක් ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒක හරියට අන්ධයාට සුදු පාට පෙන්නනව වගේ වැඩක්. අන්තිමේ සිද්ධවෙනව සුදු පාට කොකාට තියන නිසා කොකාගෙ හැඩේට අත හදල අන්ධයාට පෙන්වන්න. ඉතිං අන්ධයා හිතනව සුදු කියන්නෙ අත වගේ කියලා. තනි මුලාශ්‍රයක් භාවිතයෙන් අවුරුදු දහස්ගණනක යටගියාවක් ප්‍රතිනිර්මාණය කරන්න යන එකත් ඒ වගේ අර්ථ හීන ක්‍රියාවක්.

ඉතිහාසයට, උරුමයට ආදරේ කරන ඔයාල වෙනුවෙන් අන්තිමේ එක දෙයක් කියන්නම්. මේ විෂය ගැන බලන්න ඕන තමන් ස්වාධීනව. ඒ කියන්නෙ, ජාතියටත්, ආගමටත්, කුලයටත්, තමන් ඉන්න ප්‍රදේශයටත්, තමන්ගෙ රටටත් ගැති නොවී නිදහස් චින්තනයෙන්. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ නිවැරදි විහිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න. ඒ වගේම මූලාශ්‍ර භාවිතයේදීත් පක්ෂග්‍රාහී නොවී නිවැරදි අධ්‍යයන ක්‍රමවේදයකට යන්න ඕන. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ සමාජයට සත්‍ය දැණුම ප්‍රචාරකයන් විදිහට අපේ කටයුතු කරගෙන යන්න.

(රට ජාතිය ආගම වෙනුවෙන් සත්‍ය වසං කරල තමන්ගේකම විතරක් වපුරන සාවද්‍ය ප්‍රචාර ගෙනියනවයි කියන්නෙ මනුෂ්‍යත්වය කෙළසා දැමීමක්)
Comments
14 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

14 comments:

  1. ඔව් ඇත්ත, අපි හැම විටම හිතන්නෙ එකම කාරණයක් ගැන, එහෙමත් නැත්නම් අපේ ඇස ගිය එකම ඉසව්වක් ගැන,නමුත් ඒ කාරනය හෝ වස්තුව බිහිවීමට හේතු වූ මූලාශ්‍ර , සමාජ සිද්ධි, ඊට එකතුවන වෙනත් සාධක ගැන තැකිමක් කරන්නේ නෑ. ඊට පස්සේ එළඹ ගත්ත මතයේ ඉඳන් තර්ක කරනවා.ඔබ කියලා තියන හැටියට "අන්ධයාට කිරේ සුදු පාට පෙන්නීම" වගේ දෙයත් තමයි වෙන්නේ.

    අනෙක් කාරනය ඇත්තටම අපිට වැදගත් වෙන්නේ "බුදුන් වදාල ධර්මය තුළ තිබෙන චින්තනය "මිස බුදුන් අයිති ලංකාවටද ඉන්දියාවට ද කියන කාරනය නෙවේ. බෙහෝ දෙනෙක් වටහා ගන්නේ නැත්තේ මේ කාරණයයයි.
    මේවගේ කරුණු ‍මිනිසුන්ගේ පාරම්පරික චින්තන රටාවන් වෙනස් කිරිමට ගොඩක් ඉවහල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔවු ඇත්ත. නමුත් මා ඔය කාරණය කතා කරන්නට ගිය නිසා පිරිසක් වටවි මට වාග් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මට පමණක් නොවේ මගේ මවුපියන්ටත් අපහාස කළා. ඒ බුදුන් ලංකාවේ ඉපදුනාය කියා තර්ක කරන්නට වලිකන ඇත්තන්ගේ චින්තනය.
      හැකිනම් මේ සබැදීයේ ඇති කමෙන්ටු බලන්න.

      http://sanskaravinivida.wordpress.com/2012/06/09/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%90/#comment-293

      ඔබ කියනා සේම, බුදුන් වදාල ධර්මය කුමක්දැයි නිවැරදි ආකල්පය ඇත්තේනම් මෙවන් දෑ පසුපස කිසිවිටෙක යාමට අවැසි වන්නේ නෑ.. මෙවන් පිරිස් හදන්නේ තමන්වම රවට්ටා ගනිමින් අන් අයත් රැවටිමට මාන බැලිම

      Delete
  2. ඉතිහාසය කියන්නෙ විද්‍යාත්මකව ඔප්පු කරගත යුතු දෙයක්...ඒත් අද කාලෙ නෙවෙන්නෙත් ඒක තමයි..අපේ රට දුප්පත් රටක් නිසා පුරාවිද්‍යා ගවේෂණවලට ලොකු බලයක් යොදන්න විදියක් නෑ. සමහර පුරාවිද්‍යා පරීක්ෂණ කරන යන්ත්‍ර සූත්‍ර විශාල ගණනක් වෙනවා රුපියල් වලින්..ඉතිං ඒ වගේ රටක ඉන්න අපි අර පොත මේ පොත බලාගෙන බයිලා ගහනවා.
    ඔබ කියන ආකාරයට බැලුවත් මහාවංශය කියන්නෙ බොරුවක්. මහාවංශයෙ කියල තියෙන විදියට කාල ගණනය කලොත් අවුරුදු පනස් ගානක් කවුරුත් රජෙක් නොමැති කාලයක් එනවා. අනික මහාවංසහෙ කියන කාලෙදි මෙහේ දේවානම් පියතිස්ස ඉන්නව කියන කාලෙ එහේ අසෝක රජතුමා ඉපදිලාවත් නැතිලු...
    නිසි අධ්‍යනයක් අවශ්‍යයි..ඒත් ඒ හැමවිටම අපිට සිංහල බොදු ලකුනු ඔප්පු කරන්න බැරිවෙයි..අපෙ පෞඩත්වය පෙන්වන්න බැරිවෙයි...ආන්න එතන අපේ ආතල් එක කැඩෙන එකට තමයි කස්ටිය බය.....

    ReplyDelete
    Replies
    1. ඔබ කිව කතාව ඇත්ත සහෝදරයා. රට ජාතිය ආගම තමන්ගෙය කියන මානසිකත්වය යටතේ ඉතිහාසය හදාරන්නට ආවොත් කවමදාකවත් නිවැරදි ගවේශකයෝ බිහි වන්නේ නෑ. සත්‍ය සත්‍ය වශයෙන්ම ලොවට දෙන්නනම් අපි හැම බැදීමකින්ම නිදහස් වෙලා නිරවුල් මානසිකත්වයෙන් හිතන්න පුරුදු වෙන්න ඔන.
      නමුත් අපේ ගොඩක් අය නොකරන දෙයක් තමයි ‍ඒක. පාසල් මට්ටමේ සිට නිවැරදි චින්තනයක් ප්‍රගුණ කරවිය යුතුයි. එවිට හැකිවේවි නිවැරදි දේ නිවැරදි ලෙස දකින්න.

      මහාවංශය ගැන කියනවනම් නිවැරදිම මූලාශ්‍රයක් විදිහට ඒක මතම විශ්වාසය තබල කටයුතු කරන්න බෑ. එහෙම කළොත් සත්‍ය ඉතිහාසය වැලලිලා යතවා. මූලාශ්‍ර එකක් මත එකක් පෝශණය වෙනවා. අන්න ඒ ක්‍රමවේදය අපි නිසි පරිදි අධ්‍යයනය කළ යුතුයි.

      Delete
  3. හොඳ ලිපියක්..... කොහොමත් ඉතිහාසය, ජාතිය, ආගම, දේශපාලනය ආදී හැම විෂයක් දෙසම අපක්ෂපාතී ව බලන්න පුළුවන් නම් යතාර්ථය තේරුම් ගන්න පුළුවන්. හැබැයි අමිල කිව්ව වගේ එකෙන් කස්ටියගේ ආතල් කැඩේනවා.........

    ReplyDelete
  4. මරු! ඒත් විද්‍යාත්මකව කරන්න පුළුවන් ඔප්පුකිරීම්වලත් සීමාවක් තියෙන්න පුළුවන් නේද? ඒ නිසාම ගෙවුණු ඉතිහාසය කියන්නෙ විශ්වාස කරන්න අමාරු එකක්. නමුත් අපට යම් දුරකට පිලිගන්න පුළුවන් පොදු තැනක් නැති වෙන්න බෑ.

    ප්‍රශ්ණෙ තියෙන්නෙ වර්තමානය තීරණය කරන්න ඉතිහාසයේ තියෙන ඕනම දෙයක් අමුවෙන් පාවිච්චි කරන එක. ඒකෙන් වර්තමානය විනාස වෙන්න පුළුවන්. වෙන්නෙත් ඒක. එක එක්කෙනා කියවන විධි වෙනස්නේ... මම නම් ඉතිහාසය ගණන් ගන්නෙ කතාවක් විධියට. ඒකෙ ලොකු පාඩම් තියෙනවා. අවුල් තැන් අමතක කරල දානවා. පාඩුවක් නම් නෑ ;-)

    ReplyDelete
    Replies
    1. ඔවු යාලුවා, ඒව මුලාශ්‍ර මත පදනම් වෙලා සිරුවෙන් කරන්න ඔන දේවල්. ඉතිහාසයේ කරන්නේ උපකල්පන ඉදිරිපත් කරන එක. කොයිම අවස්ථාවකවත් නිගමන දෙන්නෙ නෑ. මොකද තාක්ෂනේ දියුණුවත් එක්ක සොයාගත් දත්ත දිනෙන් දින අලුත් වෙනවා.
      ඒ වගේම තමයි, පොතට සිමා වෙලා ඉතිහාසය හොයන්න බෑ..

      ඔයා දෙවෙනියට දක්වන කාරනාව සහතික ඇත්ත. අද වෙද්දි ඉතිහාසය උපකාරයෙන් කරන්නෙ ‍බලල්ලු ලවා කොස් ඇට බැවිමක් වගේ දෙයක්. ඉතිහාසයේ වැදගත් සාධක ගනිකා වෘත්තියේ යොදවලා නිරවුල් ඉතිහාසයත් අවුල් කරනවා. ඒ වගේම සමාජය වැරදි ආකල්ප වලින් දූශනය කරනවා. මම ඉහත ලිපියට යොදපු සබැදියට ගියොත් මේ තත්වය වටහා ගන්න පුළුවන් වේවි.

      Delete
  5. ආයෙමත් හොඳම ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු....
      හැමදාම වගේම ඔයාගෙ දිරිගැන්විම මට සතුටක්... ශක්තියක්...

      Delete
  6. වටිනා කියන අදහස් ගොන්නක්. සැබවින්ම බුදුන් වහන්සේ ලංකාවේ උපන්නාය කියන මතවාද දරන්නන් බොහෝ විට කරලා තියෙන්නේ පවතින මූලාශ්‍රයක් විකෘති කරලා තමන්ට වාසි සහගත විදිහට දක්වපු එක.

    …ඒක අවස්ථාව කීපයකදීම ඔප්පු කරලා පෙන්නුවාම ඊළඟට ඔවුන් කළේ සංවාදය මග හැරීම එහෙමත් නැත්නම් ඔබටත් වුණා වගේම මඩ ප්‍රහාර ආරම්භ කිරීම.

    …ඉතිහාස ගවේෂණය නිවහල් චින්තනයෙන් කරන්න ඕනේ. ඒ වගේමයි ඒ ගවේෂණෙය්න් හොයාගන්න කරුණු අනිත් අයටත් පිළිගන්න පුලුවන් වෙන්න ඔප්පු කරලා පෙන්නන්නත් ඕනේ. අන්තවාදය ඔළුවේ තියාගෙන කෑ ගැහුවාට නම් වැඩක් වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත යාලුවා..
      මගේ පෙර දැක්වු අඩවියේ පල කළ ලිපියට දිගින් දිගටම අසභ්‍ය කමෙන්ටු ආව ඒ අයගෙන්. මම උත්තර දෙන එක නැවැත්තුවේ නැ. අන්තිමට එයාල කට පියාගෙන යන්න ගියා. එයාල ආවේගයෙන් අපිව බය කරන් තමන්ගෙ මත ව්‍යාප්ත කරන්නයි මාන බලන්නෙ.
      අධ්‍යාපනය මිට වඩා ක්‍රමවත් විය යුතුයි. එහෙම වුනොත් මේ වගේ අයට ඔළුව උස්සන්න ලැබෙන්නෙ නැ.

      Delete