Saturday, April 27, 2013

බිසෝ



දණ වටක් දියේ බැස
කෙකටියා මල් නෙළන
බිසෝ නුඹ පෙර පවින්
මගේ පිලේ පැල් බැන්ද

කඩමාලු මල් රෙද්දෙ
මල් හිනා නූල් ගිය
පරදවා ඇඳී යන
නුඹෙ විඩා හිනා රොද

දා බිංදු දිදුලනා
තාලයට හා මුහුව
නිවාලයි දළු දාන
සංතාප සිත් ගින්න

අඩු පාඩු බෝ නමුත්
සෙනෙහෙ නුඹෙ මා ලඟම
හිත කඩා වැටුණු තැන
නෑ කොහේ හොයන්නද

අවාරේ කඩුපුලයි
මගේ පැල්කොටේ නුඹ
බලා හිඳුනුම මිසක
පැන් නොමැත ඉසින්නට

ලැම යහනෙ සතපවා
සුසුම් සෙමෙරය සලම්
නෙත් පියා පන් පැදුරෙ
මුණුමුණුව ගයාපන්

ආ මගට වඩා දුර
යා යුතුයි සිතාපන්
දිවි තුරා සෙනෙහෙ මට
හිත පුරා බෙදාපන්

Comments
20 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

20 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මොන ප්‍රශ්නේ තිබ්බත් අවංක ආදරයට ඒක එච්චර තේරෙන්නේ නැහැ සිත්තරී

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.... සැබෑ ආදරය ඉස්සරහ කරවිලත් පැණි රසයි වෙන්න ඕන මමත් හිතන විදිහට

      පසුව ලියමි:
      මට එවන් අත්දැකීමක් නැත :)

      Delete
  3. awww din don akkiya meka athtatama lassanai mawila penawa =)

    ReplyDelete
  4. හා වැදගත් කතාවක් වගේ...

    ReplyDelete
  5. ආදරය නැතිව මුදල් තියන ජිවිත කොහෙත්ම සාර්ථක නෑ. ඒත් ආදරේ විතරක්ම තියන මුදල් නැති ජිවිත සාර්ථකයි කියලා කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. That depends on the definition of the'success' you are going define them..
      Money is not everything

      Delete
    2. සමහර විට ඒ ඒ අයගෙ මානසිකත්වය එක්ක ඒක වෙනස් වෙනවයි කියල මම හිතනවා... අපි කවුරුත් බොහෝ වෙලාවට කැමති අපිට තියන දේ ගැන හිතන්න නෙවේ, අපිට නැති දේ ගැනම හිතල ඒව මත්තෙ නැහෙන්න.... බොහෝ දුරට මේක මටත් අදාලයි :/

      Delete
  6. මගෙ පිලේ පැල් බැන්ද
    නුඹෙ විඩා හිනා රොද
    සංතාප සිත් ගින්න
    නෑ කොහේ හොයන්නද
    පැන් නොමැත ඉසින්නට
    මුණුමුණුව ගයාපන්
    හිත පුරා බෙදාපන්

    මං ඔය ගැන වැඩිය කතා කරන්නෙ නෑ සිත්තරි. ඒකයි මෙහෙම කමෙන්ට් කොලේ ඇ.

    ReplyDelete
    Replies
    1. නොකියවෙන කතා තුළත් කියවෙන දේවල් බොහොමයි දේශ්.....

      Delete
  7. සමහර වෙලාවට පෝසත් යට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම, මේ වගේ ජිවිත සුන්දරයි

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට දුප්පත් අයට තියන ප්‍රශෟන දිහා බැලුවම පෝසත් ජීවිත සුන්දරයි කියල දුප්පත් අයත් හිතනවනෙ....
      ලෝකෙනම් හැබෑවට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෝලාකාරයි :)

      Delete
  8. පැහැදිලි ආත්මාර්තකාමි බව.. බිසෝව හැමදාම ළග තියාගෙන හිනා බලන්න හැදුවට වයසට ගියාමත් ඔය කවියම ලියවෙනවනං මරු ඈ... හැක්...

    ReplyDelete
    Replies
    1. හැබෑව..... මල් හිනාව වියැකෙන දාට, පුරුදු සෙනෙමෙහ අඩුවක් නැතිව තිබුණනම් හොඳා......

      Delete
  9. සිත්තරීගෙ වචනනම් මාර ලස්සනයි.....................

    ආ මගට වඩා දුර
    යා යුතුයි සිතාපන්
    දිවි තුරා සෙනෙහෙ මට
    හිත පුරා බෙදාපන්

    සෙනෙසහ වරද්දවා ගන්න අය අතරෙ සෙනෙහසේම මියෙදෙන අය ඕනි තරම් ඉන්නවා සිත්තරියෝ කවිය කියවද්දි හිතුනෙ මේ දෙන්නත් ඒ වගේ කියල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිත්තමී
      සෙනෙහෙන්ම මියැදෙන්න පුළුවන්නම් සරල අව්‍යාජ්‍ය මනුෂ්‍යෙයක් විදිහට... ඒ ඇති හැමදාටම

      Delete
  10. මේක මම මෙච්චර පරක්කු වෙලා දැක්කේ කොහොමද
    හැබැයි දැන් කියවන්න කම්මැලි

    ReplyDelete