Sunday, January 26, 2014
ආදර කතාවක්
බයිසිකල් රෝදෙට
විසිරී විසිරී වැදෙන
වැලි කැට තරමටම
බුබුලු ලයි සෙනෙහස
දැනෙන නොදැනෙන ගානට
ඇඟේ වැදෙනා සුළඟට
නුඹේ කෙහෙරළ
මගෙ නැහැ තුඩග රඳවන
ගැට පිච්ච මල් සුවඳ
විඳින්නද තව ටිකක්
ඇලපතට ළං වෙලා මම
දුර ඈත පල්ලම
හරි පහසුනේ යන්නට
වේගය කපා දඟ කරන විට
වැව් ඉහත්තාවේ සුළඟ
හිනාවෙන්නට එපා හයියෙන්
ඉතිරියත් පහසුයි ඉදිරියට
පල්ලමට පහු එන
කන්ද වෙහෙසයි යන්නට
අර හීං හිනාවට
ඩා බිඳක් එක් කර
රස ඇබින්දක් බලන්නද මම
තරවටුවට වගේ
රැවුවත් ඇස් අගින් හීනියට
හොඳටෝම දන්නවා මම
රැවිල්ලෙන් වහංකළෙ හිනහව
ඔන්න එහෙනම් අද
හඳ පානෙ රෑ හීතලට
මතක්කරනව හෙම නෙවෙයි
මගේ පුංචි හාදුව
තරහකට හෙම නෙවෙයි
කප කපා ඔප කරනව මම
අපේ මේ සෙනෙහස
Subscribe to:
Post Comments (Atom)
කැප වේවි ඔප කරපු
ReplyDeleteනුබේ ඒ සෙනෙහසට
තෙලිතුඩින් මවන ඒ
නුබේ ඒ සිත්තමට
පන මෙන්ම පෙම් කලේ
මේ සුළග මිස කවුද
ලස්සනයි සිත්තරි ... පිළිතුරක් ලිවුවා ... සුළග මම නිසා .. :3
සුළඟත් හරි අපූරුයි
Deleteවැදි වැදි කිතිකවන විට
ඉබේ නැගෙනා හසරැල
වහන් කරනුයෙ කුමට මම
පිළිතුර ලස්සන නිසා ඔන්න මමත් ලිවා ;)
හිතට වැදුන කවියක් සිත්තරී අක්කේ.. ලස්සනයි..
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි
Deleteලස්සනයි කවි ටික.. ආදරේ ගැන වැඩිය කතා නොකලත්, මේ කවි ටික හිතට වැදුනා..
ReplyDeleteස්තූතියි මල්ලි :)
Deleteමමත් හිතනවා තව ටිකක් ආදරේ වැඩි කොරානම් හොදයි කියල...
ReplyDeleteඑහෙනම් ඊළඟ වතාවේ ආදරේ මෝදු වුණාම බලමු ^_^
Delete