කාලය ඉගිල
ගියද නැතද වෙනසක් නැත
මිනිසුන් නම්
එමමය
අයෙක් පරයා
අයෙකුට නැගී සිටිය හැකිනම් එසේ නොකරන්නේ කවුරුද?
එසේ නොකරන
අයෙක් වේනම් ඒ ඉතා කලාතුරකිනි
ඔහුටද
පැවැත්මක් නැත
තත්වයක් නැත
බලවතා පසුපස
එල්ලී වල්ගය වන වනා වුව යා හැකි වේ නම් එසේ නොකරන අයවලුන්ද අල්පයකි
එවන් සමාජයක
මේ තවත් එක කතාවකි..... මතුවටත් ලියවෙන.... යළි යළිත් කියැවෙන
සුද්දා රට හැර
ගොස්ය
වලව් පොළවට
සමතලා වී ඇත
එහෙත්.....
වලව් අහල පහළින් ගිය උන්ද බණ්ඩාරලා මැණිකෙලා වී ඇත
හත්මුතු
පරම්පරාවම මුහුදුකරයේ මුහුදු හුලං වැදි වැදී දික් වු කඳ බඩ ඇතිවුන් වුවද ඔසරිය නිළමේ ඇඳුම නැති
මගුල් තුලාවක් නැති තරම්ය
ඒ....... ප්‍රෞඩ
ජාතියක එකහැළියේ ලූ සිරිතේ විරිතේ පිළුණු වූ ඉඳුලයි
එහෙව් ඉඳුල අද
ලෙවනොකන්නේ කවුරුද......
රැකියා අතරද
ආගම් අතරද
ගමින් ගම
වෙනස් වල වචන අතරද
උස් මිටිකම්
වත් පොහොසත්කම් අතරද
බෙදීමක් හැර සමාන
ලකුණක් කලාතුරකින් හෝ හමු වේද......?
ඒ අපූරු
සුවඳේ කතාන්දරය - සෙංකොට්ටං මහා දුගඳ හමන ජාතික අනන්‍යතාවයකින් වෙලී තිබෙනු දුටිමි
පොත කියවන්න ඕනේ වෙලාවක. වලව් කොහෙද නැති වෙලා තියන්නේ? වෙලා තියන්නේ හැමෝම වලව් කාරයෝ වෙන්න දඟලන එක..
ReplyDeleteවලව් පොළවට සමතලා වී ඇත
Deleteඑහෙත්..... වලව් අහල පහළින් ගිය උන්ද බණ්ඩාරලා මැණිකෙලා වී ඇත
තාම පොත කියවන්න මඟ බලන් ඉන්නවා..
ReplyDeleteකියවන්න ආසයි..කියවන්න ගත්තම යනවනෙ..මොකද කොරන්නේ ඒකට.?
ReplyDeleteපොත සුපිරි....ආයේ කතා දෙකක් නෑ
ReplyDelete