සලාගමයෙකු
වියාලූ
ඝන කළු
කඩතුරාවකින්
වෙලාපන් මා
උවන
ශේෂ කර
දෑඟුලකින් අඩක
දුර ගෙන
සිදුරු දෙකකට
ඉඩැ'ර
හෙළන්නට
ගන්නා හුස්ම
ආපිට
ඈත දකුණේ
රොඩියෙකුගේ
දෑතින්ම ඇඹරූ
කඹයකින්
මිලට නොව
කිටි කිටි කර
වෙලාපන් මා
කේෂාන්තයටම
බැරි නිසා
බෙල්ල යටි
පල්ල යා කර
ඝනව නිල් වුණ
තීරු තීරු මස්
පිඬු
වෙලූ රැහැණටද
රැහැණිව
ඉල්පුණෝතින්
බඩහැලයෙකු
ගෙන්වා
ගසාපන් මැටි
යමන්නකුගේ කෝව
පුරවා
දිය යකඩ ගෙන
වසාපන් දෙසවන්
සිදුරු
නෑහෙන්නටම
වැදි බණ
පදුවෙකු කරේ
පල්ලැක්කියක නංවා
පශ්චිම දිසාවට
වද මල් අතුල
මග
යවා මහ පෙරහැර
උල තබාපන්
මැදුම් මග ගත්
වරදට
.jpg)
8 Comments

අම්මෝ සැර..
ReplyDeleteමිරිස් දුන්නැයි...........?
Deleteසුද්දෙක් බැන්දත් ඌ ඇංග්ලෝ සැක්සන් සුද්දෙක්ද කියලා බලපු උන් හිටියා.
ReplyDeleteහ්ම්ම්ම්ම්.... ;)
ReplyDeleteවචන කොහෙන් ගලනවද මන්දා .........
ReplyDeletebambuwa tamai....
ReplyDeleteවිශිෂ්ඨයි!!
ReplyDeleteකියන්නට වචන නැත.. විශිෂ්ටය!
ReplyDelete