මහා වැස්සක
තෙමි තෙමී දුවගෙනම
හනි හනික ආවෙමි
ලියන්නට කවියක්
මැකෙන්නට කලියෙන්
නලියාපු පදවැල්
ඔබේ ආලය
කාණු පල්ලේ ගලන
බොර වගෙම කුණු එකතු කළ
පිළුණු දිය දහරක් වැනිය
වැරදිලාවත්
ගෑවුණෝතින්
දදය - කුෂ්ඨය - හොරිය
මුලින් අගටත්
අගින් මුලටත්
බැලූ මුත්
පෙනුණු වරදක් නොවෙත්
ඉදින්
පෑන පසෙකින් තබම්
Subscribe to:
Post Comments (Atom)
පෑන නැතිව
ReplyDeleteකී බෝඩ් එකෙන්
ලියපිය..
එහෙම බෑනේ
Deleteඔන්න, කී බෝඩ් එකට කොටපිය කිවනම් හා කියනව ඕං
ඒ තරමට එපා වුණ ආදරයක්......
ReplyDeleteඅමාරුවෙන් හොඳ කර ගත්තත්
ReplyDeleteදදය - කුශ්ඨය - හොරිය
වරින් වර මතුවේමය
කැසිල්ලක් ලෙසින්..