දැහැටි පුදා බුහුටි ලෙසට
කරමි යැදුම් සලිත සිතින
සිතක් බලා කරුණා කර
වඩින් දෙවිඳු මල් යහනට
කරමි යැදුම් සලිත සිතින
සිතක් බලා කරුණා කර
වඩින් දෙවිඳු මල් යහනට
කට්ටකුමංජල් දුම් තිර
ඇද වහලා හිත වෙව්ලුම
ආවඩනෙමි දෙවිඳු නමට
වඩින් දෙවිඳු මල් යහනට
ඇද වහලා හිත වෙව්ලුම
ආවඩනෙමි දෙවිඳු නමට
වඩින් දෙවිඳු මල් යහනට
නෙරළු බැතින් බෝ පේ කර
කපුරු දවා සුවඳ අතුර
දොත දරමි තිරකඩ ළඟ
වඩින් දෙවිඳු මල් යහනට
කපුරු දවා සුවඳ අතුර
දොත දරමි තිරකඩ ළඟ
වඩින් දෙවිඳු මල් යහනට
නැගෙන රිදී සීනු නදට
එක්ව තාල අල්ලන හිත
හීලෑකර බැතිය පුදමි
වඩින් දෙවිඳු මල් යහනට
එක්ව තාල අල්ලන හිත
හීලෑකර බැතිය පුදමි
වඩින් දෙවිඳු මල් යහනට
යාතිකාව සවන් වසන
මුළුවද්දනු නොව් ම’බිය
වෙව්ලන දෝතින් අයදිමි
වඩින් දෙවිඳු මල් යහනට
මුළුවද්දනු නොව් ම’බිය
වෙව්ලන දෝතින් අයදිමි
වඩින් දෙවිඳු මල් යහනට
මිනිස් හිසින් මාල සැදුන
ලේ දහරින් පා දෝවන
රත් තිර මත රුවට යදිමි
වඩින් දෙවිඳු මල් යහනට
ලේ දහරින් පා දෝවන
රත් තිර මත රුවට යදිමි
වඩින් දෙවිඳු මල් යහනට
කවි රස විදින්න දන්නේ නෑ හරියටම.එක නිසා හොද කොමෙන්ට් එකක් නම් දන්නා වෙන්නේ නෑ. ඒ උනත් කියවද්දී රිතම් එකක් තියනවා.
ReplyDeleteමල් යහනට වඩීවි ...
ReplyDelete:) අංජනම් බලන්න පුරුදු වෙනවා වගේ...
ReplyDeleteමල් යහන කවි රිද්මේ තියනවා
ReplyDeleteසිංහල කවි අතර යහන් කවි කියලා කොටසක් හමුවෙනවා. හරියටම ඒ කවිවල රිද්මය මේ කවිවල තියෙනවා. ජනසම්ප්‍රදාය යොදාගත් අවස්ථාවක් විදියට මේ කවි දකිමි. කියවමි. විඳිමි.
ReplyDeleteඉපැරණි කවි වහර කවියට යොදාගැනීමනම් අපූරැයි. ලේසියෙන් කවියෙකුට ලියන්න බැරි විදියක්......
ReplyDelete