වැල් ලෙහීගෙන
යන වැල් පාලමක් තියනවා. සංගිලි පාලම් කියන්නේ ඒවටද මංද... කොහොම හරි හෙල්ලෙන
පාලමක්. මේ පාලම දැන් හරිම අබලන්. ඒ පාලම තමයි මගේ මතකය. මම මේ හදන්නෙ ඒ ලෙහීගෙන
ලිහිල් විගෙන අමතක විගෙන යන මතකය කියන වැල් පාලම දිගේ ටිකකට අතීතයට යන්න. J
පුංචි දවස්වල
අම්මගෙන් මම නොසෑහෙන්න ගුටි කැවා බැනුම් ඇහුව... අකුරු ලියන්න හුරු වෙන්න. අපොයි ඒ
වගේ කාලයක්නම් ආයෙත් එපා. එක අතකින් ගුරුවරියකගෙ ළමයෙක් වෙනවයි කියන එප එපා කරපු
දෙයක් වෙනවා පාඩම් මතක් වෙද්දි. ඉතිං නොසැහෙන්න හොටු පෙරාගෙන කදුළු හලාගෙන එක වසරේ
ඉදල පහ වසරට යනකන් ටොකු කකා ඉගෙන ගත්තා.















