Monday, October 29, 2012

ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය



(- සිරාන් දැරණියගල - පර්යේශන අනුව)
·         ලංකාවේ අදින් වසර ලක්ෂ 3-5 තරම් පැරණි සාධක වෙරළබඩ වැලි බිම් වලින් හමුවන බව.
·         එම කලාප වලින් 1,25,000 BP ජනාවාස සාධක ලැබෙන බව.
·         බූන්දල වෙරළ තීරයෙන් 1,25,000 ට අයත් කහ තිරිවානා පතුරු මෙවලම් හමු වීම.
·         මෙය ඉරණමඩු පස් සැකැස්මයි.
ලංකාවේ පැරණිම ජනාවාස රටා හදුනා ගැනීමට හැකිවන මෙම ඉරණමඩු පස් සැකැස්ම ලංකාවේ, උතුරුදිග ප්‍රදේශයේ මාන්කුලම්  හා ඉරණමඩු ප්‍රදේශයේත්, වයඹදිග විල්පත්තු අවට එළුවන්කුලම කල්පිටිය
ඇතුළු කලා ඔය හා මෝදරගම් ආරු අතර වෙරළ තිරයේත්, දකුණේ බුව්දල පතිරාජවෙල හා මිනිහාගල්කන්ද ඇතුළත් යාල අවට කලාපයේත් පැතිරේ.
ඉරණමඩු පාංශු ව්‍යූහය හදුන්වා දුන්නේ සිරාන් දැරණියගල විසිනි.
·         ඉරණමඩු පස් සැකසුමෙන් ශිලා මෙවලම් හැර මානව විශේෂ කිසිවක් හමුවි නැත.
·         මෙම ව්‍යුහයෙන් හදුනා ගන්නා මානවයා  Homo sapiens මානවයායි.


මින් පසුව එන Mesolithic යුගයේ තොරතුරු ලැබෙන්නේ පහතරට තෙත් කලාපයේ ගල් ලෙන් ආශ්‍රිතවය.
·         පාහියන් ලෙන (38000 – 5000 BP)
·         බටදොඹ ලෙන (28000 – 11500 BP)
·         අළුලෙන (10500 BP)
·         පොත්ගුල් ලෙන (13000 BP)
මිට අමතරව බෙල්ලන් බැදි පැලැස්ස එළිමහන් ජනාවාස සාධක  6500 BP පමණ සමයකට අයත් වේ.
හමුවු සාධක :- අස්ථි, ශිලා මෙවලම්, ශාක සත්ව අවශේෂ

මෙම ජනාවාස,
මාඑළිය ආදි වගුරු බිම් වල
සීතල උස්සානු වල
විල්පත්තු
මන්නාරම
සබරගමුව
ආදී වු ඈත ජනාවාස සමග ගනුදෙණු කළ බවට සාධක ලැබේ.
උදා :- මුහුදු බෙලිකටු, මුහුදු මත්ස්‍ය අවශේෂ ලෙන් කැණීම් මගින් හමුවි තිබිම මීට සාධක සපයයි.
මේ හමුවු මුහුදු බෙල්ලන් ලුණු්‍යන්තරයට මෙම යුගයේ ලුණු ගෙන ආ බව අපකල්පනය කළ හැකිය. තවද,
·         තෙත් කලාපයට සිමා  වූ Acaus බෙල්ලන් වියළි කලාපයේ හමු වීම
·         බටදොඹ ලෙනින් මඩු මත්ස්‍ය වල්ගයක් හමු විම
·         පොත්ගුල් ලෙනෙන් මෝර දතක් හමු විම

අභිවාර ලක්ෂණ
·         රාවණා ඇල්ල ගුහාවේ හිස් කබලක් දෙකට බෙදෙන සේ සිදුරු විද තිබීම
·         හිස්කබලේ ගොරෝසු තැන් හා නෙරාගිය කොටස් උරච්චි කර සමතලා කර තිබිම
·         එක් පැත්තක් රතු ගුරු ගලු වලින් පාට කර තිබීම
·         පාහියන්ගලින් හමුවූ මිනිස් ඇටසැකිල්ලකද ගුරුගල් ආලේප කර තිබිම

ආයුධ තාක්ෂණය
·         බහුලම මාධ්‍ය තිරුවාණා (ජලපහර වලින් පහසුවෙන් සොයා ගත හැකි විම)
·         සුළු වශයෙන් කහ
·         ප්‍රධාන ආයුධ තාක්ෂණය ජ්‍යාමිතික ගල් මෙවලම් (Mesolithic – Geometric tools)
·         ත්‍රිකෝණාකාර, චන්ද්‍රාකාර, ත්‍රපිසියම්ආකාර........
·         කැපීම, ඉරීම, සීරීම සහා ආයුධ භාවිතය
·         අස්ථි හා අං වලින්ද ආයුධ තනා ඇත
·         28000 BP පමණ පැරණි යුගයට අයත්ය
·         සත්ව අස්ථි වලින් බහුලව point tools නිර්මාණය කර ඇත

ආභරණ
ආභරණ ලෙස සැකසු මුහුදු බෙලිකටු පබලු බටදොඹලෙනෙන් හා පොත්ගුල් ලෙනෙන් හමුවිය.

ආහාර
·         කැකුණ
·         කටුඅල
·         වල්දෙල්
·         ඇටිකෙහෙල්
·         සතුන් (රිලවුන් වදුරන් බෙල්ලන් වර්ග සහ කුඩා සතුන් වර්ග ගණනාවක් ආහාරයට ගත් බව හමුවී ඇති තලා දැමූ සත්ව අස්ථි කොටස් අනුව පැහැදිලි වේ)
Comments
10 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

10 comments:

  1. නියම ලිපිය මේ තොරතුරු කොහෙන්ද හොයාගත්තේ. හරිම වටිනවා මුලාශ්‍ර සොයාගත හැකි තැන් සඳහන් වූවානම්.

    ReplyDelete
    Replies
    1. මම ‍නෝට් එකකට ගහපු ‍කෙටි සටහනක්.... www.si.archaeology.lk වල පලවූ ලිපියකින් ව‍ගෙයි මතක... ‍හොයල කියන්නම් :)
      සමා‍වෙන්න මුලාශ්‍ර ‍නොදාපු එක ම‍ගේ වරදක්..... ‍මේක ‍‍ශෝට් ‍නෝට් එකකින් නිසයි ඒ

      Delete
  2. මම ‍නෝට් එකකට ගහපු ‍කෙටි සටහනක්.... www.si.archaeology.lk වල පලවූ ලිපියකින් ව‍ගෙයි මතක... ‍හොයල කියන්නම් :)
    සමා‍වෙන්න මුලාශ්‍ර ‍නොදාපු එක ම‍ගේ වරදක්..... ‍මේක ‍‍ශෝට් ‍නෝට් එකකින් නිසයි ඒ

    ReplyDelete
  3. මං මේ උදව්වක් ඉල්ලගෙන ආවේ,
    මට දන ගන්න ඕන මේ ලංකාවේ පුරාණ කෘෂිකර්මය ගැන,
    වී වලට අමතරව අපේ රටේ හැදුවේ මොන වගේ ධාන්‍යයද ඒ කොයි කාලයේ ඉඳලද?
    පුළුවන් නම් උදව් කරන්න.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබට වෙන්න ඕන මම මගේ ෆේස්බුක් පිටුව හරහා පිළිතුරු සපයන්නම් කීවේ.... නැතිනම් කියන්න. මම විස්තර එවන්නම්

      Delete
  4. ඉතාම වටිනවා මේ ලිපිය මට මග හැරුනේ ඇයි දැයි විමතියකි. ස්තුතියි ඔබට

    ReplyDelete
  5. හදවතට බුද්ධියට ලියන කියන ඔබට ස්තුතියි

    ReplyDelete
  6. සමාජ පුරා විද්‍යාව පිළිබඳ ව ලිපියක් පළ කිරීමට හැකි නම් ගොඩ වටිනවා.

    ReplyDelete