Monday, October 29, 2012

පුරුෂෝත්තම..........




මම
පිරිමියෙකු ලෙස අභිමානවත් වූවෙමි
දැතේ දෙපයේ වීර්යයෙන් පන්නරය ලැබීමි
ඇය හා එක්ව දූ පුතුන් පැතුවෙමි
මපුතු උපන් දා ඈ විඳි වේදනාව හා සමානව මසිත දැවූ වේදනාව විවූවෙමි
ගතින් ඈ විඳි වේදනාව සිතින් මා තනිව උහුලා ගතිමි
කිසිවකු මා සිත්හි වේදනාව නොදුටු නියාව දැක කම්පා නොවීමි
දහඩිය කඳුළ කඳුළ අමුණා නොකැඩෙන සේ මාලයක් ගෙතීමි
ඒ මාලය උතුරාගිය සතුටින් යුතුව කුටුම්බය අරා පැළඳුවෙමි
දහඩිය කඳුළේ දිස්නයෙන් බබලන අප පවුල දෙස බලා සැනසුනෙමි
මම... අධිරාජ්‍යයක් විජයග්‍රහණය කළ මහා රජෙකු මෙන් අභිෂේක ලදිමි
මගේ දියණිය සිය කැදැල්ල සොයා යන දින රහසේ කදුළු හෙළීමි
.....................................................................................
හිස්වූ මා අධිරාජ්‍යෙය් එතැන් පටන් මා ගොළු වීමි
මම
පිල්කඩට වී දෙවැටින් එපිට බලා සිටිමි


Comments
15 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

15 comments:

  1. mmmmmmmmm ... ලස්සනයි අක්කේ

    ReplyDelete
  2. ලස්සනයි සිත්තරී.....

    ReplyDelete
  3. උත්තම ඝනයේ සිතිවිල්ලක්...
    //මගේ දියණිය සිය කැදැල්ල සොයා යන දින රහසේ කදුළු හෙළීමි
    .....................................................................................
    හිස්වූ මා අධිරාජ්‍යෙය් එතැන් පටන් මා ගොළු වීමි
    මම
    පිල්කඩට වී දෙවැටින් එපිට බලා සිටිමි//
    මේ ටිකනම් බොක්කටම වැදුණා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි...... ^_^

      Delete
  4. තනිකම අපි හැමෝටම උරුමයි ....

    ReplyDelete
  5. ගොඩක් තාත්තලාගේ කතා මේ වගේ...

    ReplyDelete
  6. හැම පියවරුම මේ වගේමයි පිටට පේන්නේ හිත මහා කලුගලක් වගේ ඒත් ඇතුළතින් සියුමැලි හදවත් සඟවාගෙන සිටිනවා

    ReplyDelete
    Replies
    1. ඒක මමත් හොදින් දකිනවා මගේ පියාණන්ගෙන්

      Delete
  7. පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී .............

    ReplyDelete
  8. කතා කරන්න වටින මාතෘකාවක් !

    ReplyDelete

 
There was an error in this gadget