හඳ... ටකරං
හිලක් ඇතුළෙන් එබිකන් කරනව මම දැක්කා රෑට
නෑ නෑ... මමයි
එබිකන් කරල කරල හඳ ඒ හිලට උඩින්
පායලාද කියල බැලුවෙ
සමහරදාට.....
කැරකුණා මම බූරු ඇඳේ හතර අතටම
හඳ බලන්න
ඒ දවස් වල.... හීන් හඳ එළියෙම ඔයා
මතකයි මගේ ඇග පුරා රතු පාට කැළැල් ගැන්නා
පුපුරා හැලෙන්නට පොදිකෑ හිනාව
කිටි කිටියෙ තොල් දෙකෙන් තද කරන් මං...... රිදුනද
වෙලාවකට හැපුව පාර.....
මූණට මූණ බලාගත්තු දොර පිල්කඩ පහුකරන් රෑට රෑට
අත්හැරල දාපු පච්ච විල්බට්ලැයි පිළිකන්නට
ඔයයි මායි
කතා කරගත් විදිහටම........ හිනාත් යනව වෙලාවකට
පුංචි පැටියෙක් දැන් හය මාසයක් තිස්සෙම
ලොකුවට පේනව දැන් කොළනියටම
අප්පා ජීවිතාන්නතෙ දක්වම හිරේ කිවට ඌ දන්නවයැ
ඉටිරෙද්දක්වත් දාන්න ඕන හෙට දිහාවට
වැහි වතුර බේරෙනව අර හිල හාරගෙන
කඩේ මෝර අජිතත් දැන් නිතර එනවනෙ මේ පැත්තෙ.....

7 Comments


ලස්සනයි.මරු.
ReplyDeleteස්තුතියි.... :)
Deleteනොකියා කිවුව කතාව නියමයි.
ReplyDeleteමේක නම් නියමයි.. පේන්න තියෙන වචන වලට එහායින් කියවෙන කතාව මරු..
ReplyDeleteස්තූතියි යාලු
Deleteඇත්තටම ලස්සනයි ඈ....
ReplyDeleteස්තූතියි හිත හොද බබා...........
Delete