Sunday, October 28, 2012

තිඹිරි ගෙය



තිඹිරි ගෙය
පාළුය, මූසලය, අඳුරුය
ඇසෙන්නේ
මගේම කෙඳිරියකි
සුදු ඇතිරු යහනත
අවු ඉරකින් ඇදි පුල්ලියකි
උළු රටාවේ මකුළු දැල් වියමනකි
සුදු තුවායකි, කතුරකි, උණු වතුර බේසමකි
මහා කෝණයකින් කනට රිංගන
කලබල කසුකුසුවකි
වියන් ඇ විට්ටමේ
මගේ දාහයෙන්ම ඇති තෙතකි
තෙරපුමකි
ලිස්සුමකි
මටම උහුලාගත නොහැකි
මගෙමදැයි කිව නොහැකි
මහම මහ විලාපයකි
ටිකිරි කට හකි
කන් පිරෙන හිනා පොකුරකි
Comments
13 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

13 comments:

  1. අපූරුයි.

    මේ කවුයෙන් කිව්වට වදා ඒ වෙදනාව දරුණුයි කිව්වට සිත්තරී තරහ වෙන එකක් නෑ.. මොකද ඒ උත්තරීතර අවස්ථාව සවිස්තරව ලියන්න, කියන්න විශ්වයේ අකුරු ප්‍රභල මදි

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත... කොටින්ම ඒ අවස්ථාවට මුහුණ නොදුන් මම ඒ ගැන මොනව දන්නවද....? තරහ වෙන්න කාරණයක් නැ මි ගොඩයා... අනුමත කරනවා :)

      Delete
  2. වෙන කථා මොකටද අම්ම කෙනෙකුගේ ආද‍රය විස්තර කරන්න .... අන්තිම පද දෙකෙන් ඒක නියමෙට පෙන්නුම් කරලා

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි....
      ඒ ආදරේ විස්තර කරන්න මිහිමත වචන ප්‍රමාණවත් නැ....

      Delete
  3. ම්ම්ම්ම් කවුරුවත් නොදකින පැත්තක් අපුරුයි ..

    ReplyDelete
  4. ජීවයක ඇරඹුමත්.....ලොවට දැනෙනා සතුටත් ....
    සැඟවී ඇති වේදනාවත්...විදින්නේ එක මවක් පමණක්...

    ReplyDelete
    Replies
    1. නොසිදෙන සෙනෙහසක උල්පතක්.....

      Delete
  5. තිඹිරි ගෙයි ඉතිහාසය ගැන කියන්න පුළුවන් නම්,
    එක හදන හැටි එහෙමත්...

    ReplyDelete

 
There was an error in this gadget