Wednesday, October 24, 2012

the stoning of soraya m 2008 ඔබ වෙත ගෙන එන අනුවේදනීය චිත්‍රපටයකි මේ....


මම කල්පනා කරමි. අතොරක් නැතිව කල්පනා කරමි. මෙම චිත්‍රපටය මම නැරඹූයේ මීට මාස කිහිපයකට පෙරාතුවය. ඒ පිළිබද විස්තර ඔබ වෙත ගෙන ඒමට දිනෙන් දින පමා වූයේ ඔබ හමුවේ මේ පිළිබව ඉදිරිපත් කරන හදුන්වාදීමේ ලිපිය ඉතා සන්වේදී අයුරින් ලිවිමට වචන අමුනා ගැනීම සහායි. නමුත්... ඒ කිසිවකින් පලක් නොවේ යැයි සිතමි. මන්ද අපි අපගේ පුංචි රට තුළ අසීමිත නිදහසක් භුක්ති විදින කල්හි එම අසරණියෝ ඔවුන්ගේ දේශය තුළ වචනයෙන් කිව නොහැකි කඨෝර දුක්ඛයන්ට අදද මුහුණ දෙන බැවිනි.




මුසල්මානු ඉගැන්වීම් සිය වාසියට හරවාගත් පුරුෂ පක්ෂයක අතොරක් නැති තාඩනයන්ට ලක්වූ කාන්තාවන් ලොව කොතෙකුත් ඇති බව මම අවබෝධ කරගත්තේ මෙම චිත්‍රපටය නැරඹීමෙන් පමණක් නොව, ඊයේ කියවා හමාර කළ කූඩු කිරිල්ලී නවකතාව කියවූ පසුවය. එහෙයින් සොරායාගේ ඛේදනිය ඉරණම මෙම චිත්‍රපටය තුළින් දැක මා හැඩූයේ ඇයිදැයි මම මගෙන්ම ප්‍රශ්න කරගතිමි. ඔබ මෙකී ග්‍රන්ථය කියවූයේනම් සොරායා මුහුණ දුන් ඉරණම කුමක්දැයි සිතෙනු ඇත. කූඩු කිරිල්ලී කියවා මා නෑඩූයේ එය මා හඩවන්නට තරම් සන්වේදී නොවූ නිසා නොව, සෞදියේ කතුන් අන්ත ඛේදනිය ඉරණම වෙනුවෙන් කදුළු හෙළනවාඩ වඩා වැඩි ශෝකයක්... වචනයෙන් කිව නොහැකි ඉතා ගැඹුරු ශෝකයක් මගේ හිතේ පැලපදියම් වූ හෙයිනි.

මම සොරායා චිත්‍රපටය ගැන ඔබට නොකියමි. එය විස්තර කිරිමට නොයමි. මන්ද එය ඔබ ඔබේ දෑසින් එකදු තත්පරයක් අපතේ නොයවා... සිත වෙනතක යොමු නොකර බැලිය යුතු චිත්‍රපටයක් වන බැවිනි.



මෙය බැලීම නවතා අතරමැදදී මම හැඩීමි. මට අවැසි වූයේ මහ හයියෙන් ඇඩීමටයි. මම ඒ සොරායා වී මට කළ අපරාධය වෙනුවෙන් හැඩීමටයි. එදා මම එසේ හැඩුවානම් මගේ තාත්තාත් මල්ලිලාත් අම්මාත් කලබල වනු ඒකාන්තය. ඔවුන් මට පිස්සු යැයි පවසනු ඇත. මම සොරායාට සිදුවූ අසාධාරණය ඔවුනට පැවසුවේනම් එවුන් එය විශ්වාස නොකරනු ඇත. මන්ද අපේ වැනි රටක ගැහැණිය යනු පූජනීය සංකේතයක් වන බැවිණි. මම ඒ චිත්‍රපටය ඔවුනට පෙන්නුවේනම් නිසැකවම එවුනද මා සමග හඩනු ඇත....... සොරායා වෙනුවෙන් හඩනු ඇත.

සොරායා ගැන මම මෙය පමණක් පවසමි.....

ඇය මවකි. පියා සැමියා පුතා කේන්ද්‍රකරගත් සමාජයක, ගැහැණිය යනු තවත් එක් අජීවී වස්තුවක් පමණකැයි සිතූ සමාජයක, ගැහැණිය යනු පිරිමියාගේ ලිංගික සතුට උදෙසා පමණක්ම දෙවියන් විසින් මවනු ලද්දාවූ කෙළි බඩුවක්යැයි සිතූ සමාජයක සොරායා මවකි. ඛේදනිය ඉරණමක හිමිකාරියකි. ඔවුහු.... ඔවූහු ඇයට ගල් ගැසූහ... මන්ද.... ඒ මන්දැයි ඔබම බලන්න.....

චිත්‍රපටය මෙතැනින් ගන්න


Comments
6 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

6 comments: