Wednesday, January 2, 2013

කලෙකිනි සිත්තරී බ්ලොගයට ආවේ........




ලියන්නට නම් දහසකුත් දේ ඇත. පටන්ගැන්මටනම් අහවල් තැනක්ය කියා නියමයක් නැත. අකුරු කරන්නට වන් කල දහසකුත් දෑ මසිත ඉපිද ඉපිදී මැරි මැරී යයි. එහෙයින්...... මෙතුවක් කලක් නොලී අයුරකින් මසැස ඇඳි රූ රටා අකුරින් ගෙත්තමට නගමි. මෙය කවක් වන්නේනම් මම වඩ වඩාත් තුටු වන්නෙමි. මන්ද..... මා දැන් පිවිස තිබෙන්නේ මවිස්න් ඇරඹි, මගදී අත් හල නොහෙන ජීවන අරගලයටයි. හුදු එය මටම පමණක් ආවේනික වූවක් නොව..., ඔබට මට අප සැමට දිවියේ යම් කඩයිමක් පසු කළ කල්හි නිරායාසයෙන් අත් විඳින්නට ලැබෙන්නාවූ, අදෘශ්‍යමාන බවකින් තල්ලු කරනු ලබන්නාවූ එක්තරා සංධිස්ථානයකි. එකී මගට පිළිපන් මා මේ මොහොත වන කල එකම එක නිමේශයක්.... නිදහසේ නිමේශයක් පාදා ගනු වස් තත්පරව සිටිමි. සිත්තරිය ගොලු විය.
මීට මාස දෙකකට පෙර ඈ දෑත දසැඟිලි විලංගු ලනු ලැබිණි. ඒ...... ජීවිතයේ හුදෙකලාව, ස්වෝත්සාහය, ස්වාධීනත්වය මෙ ඈ සියයක් දෑ හුරුකරලනු පිණිසය. දැන් ඇය.... එනම් මම නැවත පිබිදී සිටිමි. ඒකාකාර ජීවිතයෙන් මම තත්පරයක ඇසිල්ලක් වෙන් කර ගතිමි. වියළී ඉරිතැලී කර්කෂ වී හේබා වී ගිය සිත්තර සිතට නැවතත්.... මුල සිටම නැවතත් නිර්මාණාත්මක සංකල්පනාවන් නම් මේ යැයි හඳුන්වා දීම පිණිස මම දැන් යුහුසුළු වෙමි. සිත්තරිය නැවතත් පණ ගසා පිබිදවීම මා හට දැන් මහත් අභායෝගයක් සේ දැනේ......
මන්ද........,
තත්පරයෙන් තත්පරය ගෙවෙන හැම මොහොතකම, ඒකාකාරී වූ කාර්යයාල පරිසරය තුළින්, කිසිදු නිර්මාණාත්මක බවක් නැති, ජීවිතයේ හරයක් නොදන්නා කාර්යයාලීය මිතුරු මිතුරියන් කැලකගේ සමාගමයෙන්, මනුස්ස ගතියක ඡායා මාත්‍රයකුදු මුහුණෙහි නොරැඳි පාලක පිරිසකගේ පීඩනයෙන්, දිනෙන් දින ගොඩ ගැහෙන යන එන එන යන ඒකාකාරී ලිපි ගොනු රැසක බරින් සිත්තරී දැන් ඇල් මැරී ඇත..... ඔබට එය දැනෙන්නා සේම ඇයට පණ දුන් මගේ සිතටද, ඇගේ සිතිවිලි අකුරු කළ මේ දැනුදු යතුරු පුවරුව මත දුවවන්නා වූ දසැඟිලි වලටද ඒ අඩුව ඉමහත් සේ දැනෙන්නේය.
“ඔක්තෝබර් විසි නවයෙන් පස්සෙ අක්කා බ්ලොග් එක ලියල නැද්ද“ පෙර දිනයේ මට ආ කෙටි පණිවිඩයකි එය. සැබෑය. නොවැම්බර් මස පළමුවැනිදා පහුගිය වසර තුළ මා කළ තෙවැනි රැකියාව වූත් දැනටත් නිරත වෙමින් තිබෙන්නා වුත්... ඉදිරියටත් බොහෝ දුරට මගේ ස්ථිර රැකියාවම විය හැකි එකී රැකියාව මවිසින් භාර ගනු ලැබීමි. එහෙයින් ඒ ඔක්තෝබරයේ මගේම වූ කඳකරයේ ඒ නිවස හැර දමා ඒමට ප්‍රථම මාගේ අවසන් ලිපිය බ්ලොග් අඩවියට දැමූවෙමි. දැන් ඉතිං මාස දෙකකුත් දිනයකුත් ගෙවී ඇත. මගේ සිතිවිලිද සෝදාපාළුවට ගොස් ඇත. මම වෙර දරමි. නැවතත්... නැවතත් යමක් ලිවීමට, කවිපදයක් ගෙතීමට, කෙටි කතාවකට පණ පෙවීමට, සිතුවමක් ඇඳීමට,........ මට කළ හැකි කුමක් හෝ කිරිමට වෙර දරමි. මේ පළමු පියවර ඒ උදෙසායි.

ජීවිතය නම් මහා ඒකාකාරී වූ දෙයකි. මට එපාමකරපු දෙය වන්නේ හැමදා උදයේ මගට වන් කල මා දකින මුහුණුය. එකම තැන එකම වෙලාවට පසු කර යන කල එකම අය එකම විදිහට.... ඇතැම් විට එදිනෙදා අඳිනා ඇඳම පමණක් වෙනස්ව මට මුන ගැසේ. වංගුව පසු කරන විට මුහුණට මුහුණ හමුවන නේවි බස් එක, හන්දියේ මාළු ලෑල්ලට අයිස් තලනා වයසක මිනිසා, පාර මැද සිටිනා පොලිස් කාරයා, එකම බස් එක එකම මිනිස්සු එකම පාර එකම වෙලාව...........
මම ලියමි, ලඟදීම යමක් ලියමි. එයටයි මේ පූර්විකාව.........
Comments
6 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

6 comments:

  1. හ්ම්ම්....මං අදයි ආවේ....
    ලියන්න..
    අපි බලාගෙන ඉන්නවා......

    ReplyDelete
    Replies
    1. ඔව්..... මම උත්සාහයක ............ :)

      Delete
  2. කියන්න ගොඩක් දේවල් මතක් වුනා. එත් කෙලින්ම පොස්ට් එහෙකින්ම කියන්නයි මම කලින් ඉදන්ම හිතන් හිටියේ. :)

    2013 සුභම සුභ වසරක් වේවා සිත්තරිට !!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා
      වැඩි වැඩියෙන් ලස්සන සිතිවිල්ලෙන් සිත පිරේවා....... :) :) :)

      Delete
  3. “ඔක්තෝබර් විසි නවයෙන් පස්සෙ අක්කා බ්ලොග් එක ලියල නැද්ද“
    සතුටුයි මගේ කෙටි පණිවිඩය ට පිළිතුරු ලැබීම.
    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඔයාට ගොඩක් ස්තුති ඒ මතක් කිරීම වෙනුවෙන්........

      Delete

 
There was an error in this gadget