Tuesday, September 4, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 03


03. රාජ්‍ය කටයුතු උදෙසා රජවරු ලද බෞද්ධාගමික බලපෑම.
පූර්ව ලිපිය මෙතැනින්



මෙහිදී අවධාරණය කෙරෙනුයේ රාජ්‍ය පාලන කටයුතු අරභයා බෞද්ධ පසුබිම පාදක කොටගත් ආකාරයයි. ඉන්දියාවේ ඇතැම් ආජ්‍ය වකවානු වලදී මෙන්ම ලංකා ඉතිහාසය තුළදීද උක්ත කරුණ සනාථ කරවන අවස්ථා හමුවන බව පහත නිදර්ශන වෙත අවධානය යොමු කිරිමේදී පැහැදිලි වේ. මෙමගින් අරමුණු කළ මුඛ්‍ය පරමාර්ථය වුයේ රටේ වාසය කරන බ්‍රාහ්මණ, හිංදු, ජෛන මෙන්ම බෞද්ධ ජනයාගේද රුචිකත්වය රජු වෙත ලබා ගැනීමයි.

උදා:-
(ඉන්දියාව)

            බිම්බිසාර, අජාසත්ත, අසෝක, කොසොල්, ලිච්ඡවින්, කණිෂ්ක, හර්ෂ ආදී රජවරු

(ලංකාව)

            දේවානම්පිය තිස්ස, කාවන්තිස්ස, දුට්ඨගාමිණි, මහසෙන්, කීර්ති ශ්‍රී රාජසිංහ ඇතුළු සෙසු රජවරුන්


ඉහත දැක්වෙනුයේ බුද්ධ කාලයේ මෙන්ම ඉන් පසු අවධි කිහිපයේදීත් රාජ්‍ය කටයුතු උදෙසා රජවරුන් විසින් බුදුදහමේ මගපෙන්විම ලබාගත් අවස්ථා කිහිපයක් පමණි. රාජ්‍ය කටයුතු උදෙසා රජවරුන් විසින් බුදුදහමේ මගපෙන්වීම ලබාගත් අවස්ථා බහුතරයකින් කිහිපයක් පමණි. මින් ඉදිරියට විවරණය කෙරෙනුයේ එවන් අවස්ථා කිහිපයකදී බුද්ධ කාලයට පසු රජවරුන් බෞද්ධ සංකල්ප සහ භික්ෂු මැදිහත්වීම සිය කටයුතු උදෙසා දායක කරගත් බවට සහන් කළ හැකි නිදර්ශන කිහිපයකි. ඒ ඇසුරින් දේශපාලන න්‍යායන් අතරට බෞද්ධ සංකල්ප අන්තර්ගත වන්නට ඇති බවත්, ඒවා තත්කාලීනව පැවති සමාජ සන්ධර්භයන්ට අනුකූලව ඒ ඒ වකවානු තුළදී හැඩගැසෙන්නට ඇති බවත් නිර්ණය කිරීමේ හැකියාව ලැබේ. නමුත් මේවා තුළින්ද බෞද්ධ දේශපාලන න්‍යාය සිය රාජ්‍ය තන්ත්‍රය උදෙසා උපනිශ්‍රය කරගන්නට ඇත්තේ කවර රජවරුන්ද යන්න මනා විමර්ශනයකින් යුතුව පරීක්ෂා කළ යුතු ය. මන්ද බෞද්ධ අනුගාමිකත්වය සහ බෞද්ධ දේශපාලන සංකල්ප යනු පැහැදිලිවම දුව්ත්ව ක්ෂේත්‍රයක් වන බැවිනි.



ඉන්දීය රාජ්‍ය පම්ප්‍රදාය අනුව පිළිගැනුණේ රජෙකුගේ මුලිකම සුදුසුකම දිග්විජය වූ බවයි. ඉන්දිය මෙන්ම බෞද්ධ ඉතිහාසය තුළද අර්ථ දැක්වෙන්නේ ධර්මාශෝක රජු මෙකී ප්‍රතිපත්තියට පටහැනිව සිය අධිරාජ්‍ය ධර්මවිජය ප්‍රතිපත්තිය යටතේ ව්‍යාප්ත කළ ලෙසිනි. නමුත් මෙකි මතවාදය කොතෙක් දුරට යුක්ති සහගත වේද යන්න විමර්ශනාත්මක විග්‍රහයකට ලක් කළ යුතුය. මන්ද යත්, ඔහු සිය අධිරාජ්‍ය ධර්ම විජය යටතේ පුළුල් කිරීමට පෙරාතුව දිග් විජය යටතේ විශාල ප්‍රදේශයක් පුරා සිය අණසක පැතිරවූ බවට සාධක ලැබෙන අතර, ධර්ම විජය ඔස්සේ රාජ්‍ය බලය ව්‍යාප්ත කිරීමේදී එකී බලවත් දේශපාලනික පසුබිමද ඔහුට යම් ආකාරයකට හේතු වූවා විය හැකි බැවිණි. කෙසේ වෙතත් වෛදික කල්ප ශාස්ක්‍ර අනුව දැක්වෙන, රජෙකු අධිරාජයෙකු බවට පත් කරවන්නා වු 'අශ්ව මේධ යාගය' වෙනුවට බුදුදහමේ ප්‍රතිපත්තිය වුයේ 'දස රාජ ධර්ම' සංකල්පයයි. ධර්මාශෝක රජුද සිය රාජ්‍ය පාලන කටයුතු වලදී පැහැදිලිවම එකි දස රාජ ධර්ම පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කර ඇති ආකාරය ඔහුගේ ශිලා ලේඛන මුලාශ්‍රයන්ට අනුව පිළිබිඹු වේ.

අසෝක රජුගේ පාලන සමය අවධානයට ගත් කල්හි, ඔහු සිය ධර්ම ප්‍රචාරණ කටයුත් වලදී බ්‍රාහ්මණ, හිංදු, ජෛන, බෞද්ධ ආදී වු සියලු ධර්මයන්ගේ සාරයෙන් අසෝක ධර්මය සුසංයුක්ත කළ බවට සාධක පවතින හෙයින් (Basak; 1959. 67) ඔහුගේ පරිපාලන කාර්යයද එකි ආගම් තුළින් උකහා ගනු ලැබූ නන්විධ න්‍යායන්ගෙන් සමන්විත වන්නට ඇති බව පෙනී යයි. විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ වන්නේ ''රටේ ජනතාව එකම ආගමකට සීමා කිරිමට රජුට හැකියාවක් නොමැති බවත්, එහෙයින් සියලු ජනයාට සාධාරණත්වයක් ඇති වන පරිදි රාජ්‍යයේ දේශපාලනික න්‍යායන් නන් විධ වූ එකී ජන ප්‍රවාහයන්ට උචිත පරිදි සකස් විය යුතු වූ බවත්''ය. තවද උක්ත ශිලා ලේඛන ස්ථාපිත වූ ස්ථාන සැලකිල්ලට ගැනීමේදී ප්‍රධාන නගර සහ වෙළද මාර්ග ආසන්නව පැවතීම පදනම් කොට ගනිමින් රටේ දේශපාලනික ක්ෂේත්‍රය අරබයා ආගමික මෙන්ම ආර්ථික අංශයේ ඍජු මැදිහත්විමක්ද ප්‍රමුඛව කැපී පෙනෙන බැවිනි. එසේම අසෝක රඩු සිය කර්තව්‍යයන් උදෙසා බෞද්ධ දර්ශනයේ මගපෙන්වීම තිර ලෙසම දායක කරගත් හෙයින් මෙහිදී ඒ පිළිබව සහන් කිරීම යුක්ති යුක්ත වේ.

ඉන්දීය සංස්කෘතියට පරිබාහිර පුද්ගලයෙකු වූ කණිෂ්ක සිය රාජ්‍ය බලය තහවුරු කර ගැනීමේ උපක්‍රමය ලෙස සිදු කළේ බුදුදහම වැළද ගැනිමයි. එමගින් ඔහුගේ විදේශීය පාලන ක්‍රමයට දේශීය ආභාසය මුසු කරමින් සිය දේශපාලනික කර්තව්‍ය උදෙසා ජනතා සහාය ලබා ගැනීම අරමුණු කළ බැවි දර්ශනය වේ. තවද එම වකවානුවේ භාවිත කාසි සහා බුදුරදුන්ගේ රුව යෙදිම මතද පෙනි යන්නේ උක්ත සමාජයේ  බෞද්ධ බලපෑම පැවති බවයි. නමුත් එකී සාධක භාවිතයෙන් පමණක් එම වකවානුව තුළ බෞද්ධ දේශපාලනික න්‍යායන් ක්‍රියාත්මක වූයේ යැයි පැවසිම සාධාරණ නොවේ. ඒ සහා බුදු දහමේ දැක්වෙන දේශපාලනික න්‍යායන් සහ සංකල්ප පැහැදිලිව හදුනාගෙන ඒ අනුව එම රජවරු කෙතෙක් දුරට ක්‍රියාත්මක වි දැයි අධ්‍යයනය කළ යුතුය.

මීට අමතරව හර්ෂ වර්ධන රජුගේ කාර්කකය සාපල්‍ය ප්‍රමාණය කිරීමේදී ඉන්දීය දේශපාලන න්‍යායන් අතරට බහුවිධ ආගම් තුළින් ලද පලපෑම නීර්ණය කිරීමේ හැකියාව ලැබේ. කන්‍යාකුබ්ජයේ ඔහු පැවැත්වූ සුවිසල් ආගමික සම්මේලනය පිළිබ පවතින හියුං ත්සාං වාර්තාවට අනුව රජු එහිදී බෞද්ධ භික්ෂූන්, බ්‍රාහ්මණයන් ඇතුළු විවිධ ආගමික නායකයන් සමග එක් විසි දිනක් පුරා ආගමික දාර්ශනික මත සාකච්ඡා කළ බව දක්වයි (ඉන්දියාවේ ඉතිහාසය: 2004. 317). ගංගජ යමුනා ද්වාබයේ (doab) පිහිටි ප්‍රයාගයේ හර්ෂ රජු පස් වසරකට වරක් මෙකී ''කුම්භමේලා උළෙල'' පැවැත්වු අතර කනෞජයේ සම්මේලනය නිමා වූ පසුපුරා දින හැත්තෑ පහක් පැවති එම උළෙලේ තාවකාලිකව ඉදි කළ විහාරයකට බුදු පිළිමයක් වැඩම කරවා පූජා පැවැත්වූ බවත්, සිව් වන දිනයේ දස දහසක් බෞද්ධ භික්ෂූන්ට සිව් පසය පිළිගැන්වූ බවත් එයට ආධාර ලද, තත්කාලිනව හර්ෂ රජු සමග සමිපස්ථව කටයුතු කළ හියුං ත්සාං හිමි  දක්වයි (www.diwaina.lk /2009/12/02). ඒ අනුව රාජ්‍ය කටයුතු උදෙසා බේද්ධ දර්ශනයද හර්ෂ රජුට පසුබිම් වූ බව දැක්විය හැකිය.

මෙවන් තවත් අවස්ථා රැසක් ගෙනහැර දැක්විය හැකි වුවද, මෙහි  පසුව විස්කර කෙරෙන්නාවු තේමා යටතේ ඒවා වඩ වඩාත් විග්‍රහයට බුන් කිරීමට අපේක්ෂිතය.

නමුත් බෞද්ධ දර්ශනය තුළින් උකහා ගත හැකි දේශපාලන න්‍යායන් සහ සංකල්ප මීට වෙනස් පරාසයක සිට අධ්‍යයනය කිරීමේ හැකියාව පවතී. පෙර දැක්වූ ලෙසම බුදුජාණන් වහන්සේගේ මගපෙන්විම මත රාජ්‍ය කටයුතු උදෙසා ලද මගපෙන්වීම් ඇසුරෙනුත්, බුදුරදුන්ගේ සූත්‍ර දේශනා පාදක කොට ගැනීමෙනුත්, ජාතක කතාවන්හි විවරණය වන සමාජ සන්ධර්භයන්හි දේශපාලන ගට්ඨනයන් කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ආකල්පයන් අවධානයට ගැනීම මගිනුත් බේද්ධ සම්ප්‍රදාය තුළ පැවති දේශපාලන න්‍යායන් සහ සංකල්ප යම් තරමක් අවබෝධ කරවා ගැනිම මෙහි ඉදිරියට අපේක්ෂා කෙරේ.

(ඉදිරි ලිපියෙන් රාජ්‍ය අරගල අවස්ථාවන්හි බුදුරජාණන් වහන්සේගේ මැදිහත්විම බලාපොරොත්තු වන්න)
Comments
6 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

6 comments:

  1. ela ela,niyamai
    http://flickway.blogspot.com/

    ReplyDelete
  2. බුදුහිමියන්ගේ බොහෝ සූත්‍ර දේශනාවන්හි සඳහන් වනවානේ පාලකයා රට පාලන කළ යුතු වන්නේ කෙසේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ මුල්ම දෙසුම් බුදු හිමියන්ගෙන් . ඒත් අද කවුද ඒවා පිලිපදින්නේ කියලා සැකයක් උපදිනවා.

    බෞද්ධ සාහිත්‍යයේ මුලාශ්‍රවලින් මේවා නැවත කියවන්න තොරතුරු එක්රැස් කිරීම වැදගත්

    ReplyDelete
    Replies
    1. ඔවු.... සමහර අවස්ථා වලදි බුදුහිමියන් බොහොම සූක්ෂම විදිහට දේශපාලන න්‍යායන් සවිස්තර කරලා තියනවා
      මෙහි ඉදිරි ලිපි මගින් ඒ පිළිබදව දළ වශයෙන් සහ ඇතැම් කරණු පිළිබදව සවිස්තරාත්මකව දැක්විමට අදහස් කරනවා.....

      ඔබගේ අදහස එක්කිරිම පිළිබදව මාගේ ස්තූතිය.....

      Delete

 
There was an error in this gadget